Pages

Friday, December 27, 2019

සරසවි ආවර්ජණය 😍


ක්‍රෑමත් ගරිල්ලා මිස මෙන්ඩිස් නොමැතී
ගිරවා, කුප්පි, ලන්තෑරුම් ලොවෙත් නැතී
කුණු මඩ බකට් යලි කන්නට හිත කැමතී
සරසවි දිවියෙ මට තිබුණේ අමුතු ගතී
.
බෝඩිම කෙලින් හොර පාරෙන් කැලෙන් පැන
කූඩලු සර්ප ප්‍රහාර මැඩගෙන වැරෙන
කැන්ටිම ළඟදි පහළවෙ කිරි තේක බොන
සෝයා මිසක අපි මොනවද කන්නෙ වෙන
.
බෝඩිම ළඟින් බස් රිය නැග නුවර බලා
කඩුගන්නාවෙන් ඉහලදි තුටු සුසුම් හෙලා
බැරි බැරි ගාතෙ ගියමුත් යලි කඳුලු සලා
ඒ අත්දැකුම් නැති නම් නැහැ වැඩක් වෙලා
.
© විලෝචනා අබේකෝන්

Thursday, December 26, 2019

සූර්‍ය ග්‍රහණය සහ විදුලි විසන්ධිය 😂

😫 මේවා මහ අපරාධ වැඩ 😭
.
සූර්‍ය ග්‍රහණෙ අස්සේ විත් ගෙට,
නොකියාම කිසි වගක් උන්නු අපට,
විදුලි මනු තියෙන තැන අසමින් බට,
මණ්ඩලෙන් මුල පුරපි විසන්ධියට... 🤷
.
මහ විසාලයි නිවසෙ බිල් තුනකට,
බෙදිල එයි විදුලි බිල යස අගේට,
එක මසක් එක දහක් නොගෙවූවට,
කපලාම විත් කියපි කැපුව වගට... 😫
.
කලින් මස දාස් ගණනින් ගෙවලම,
සී ආර්, සී ආර් බිල් තුනටම,
ඔප්පු කර පෙන්වද්දි මේ විගඩම,
ප්‍රමාදයි කපලා ගියෙ උන් යන්නම... 😭
.
ගෙදර උන් මල පැනලා ගජ රාමෙට,
ආයේ නම් ගෙවන්නෑ කියපි සැරට,
උන් ඉන්නෙ ඒ පැත්තෙ කලුවර මට,
අහක යන සන්නියකි වැහුණේ මට... 🤦
.
බැටරි මල පරිඝණකේ ගියා නිවිලා,
බල බැංකුවෙන් ජංගමේ බේරලා,
ඒ කෙරුම් නරි මගුල් අස්සෙ ඇඬිලා,
ඉන්න මට ඔච්චමට ඉර හැංඟිලා... 😂
.
ප.ලි - Connection 3ක්ම තියෙන විසාල ගෙදර මං වාසය කරන කොටසේම විදුලිය විසන්ධි කිරීම තරයේ හෙළා දකිමි 🤷  සූර්‍යා වුණත් ග්‍රහණය වෙන්න වැඩක්ද? ඒකත් මේ අදම? 😂
.
© විලෝචනා අබේකෝන්

Monday, November 25, 2019

...::: සැදූ රන් :::...

'❤️
යන්නත් පෙරම මෙලොවට සමුදී එලොව
තිබ්බෙත් සාදවා රන් නුඹ වෙනුවෙන්ම 
නොවුනත් දැකගන්න රිසියෙන් බෑණාව
මිම්මත් දැන ඉඳලා නොවැ හරි දශමෙටම
.
උන්නා නම් මෙලොව ආයේ දෙකක් නැතී 
අප්පච්චී නුඹට බෝ ආදරේ වෙතී
රස රස කතා කන පිරෙන්න කියනු ඇතී
කිරි දෝණිට වඩා එහෙනම් නුඹට ගැතී 
.
© විලෝචනා අබේකෝන්'

❤️
යන්නත් පෙරම මෙලොවට සමුදී එලොව
තිබ්බෙත් සාදවා රන් නුඹ වෙනුවෙන්ම
නොවුනත් දැකගන්න රිසියෙන් බෑණාව
මිම්මත් දැන ඉඳලා නොවැ හරි දශමෙටම
.
උන්නා නම් මෙලොව ආයේ දෙකක් නැතී
අප්පච්චී නුඹට බෝ ආදරේ වෙතී
රස රස කතා කන පිරෙන්න කියනු ඇතී
කිරි දෝණිට වඩා එහෙනම් නුඹට ගැතී
.
© විලෝචනා අබේකෝන්

Saturday, November 16, 2019

...::: වැහැපන් දෙයියො වැහැපන් ඔහු නෑවෙන්න 😣 :::...

😠
දවස් හයක් පෑව්වෙ ඔලු කරවෙන්න........🤨
එක වැහි බිඳක් ආසාවට වත් නොවින.......🙄
දඬුමොනරෙන් ඔහු නුවරට එන මෙදින......😒
වැහැපන් දෙයියො වැහැපන් ඔහු නෑවෙන්න😣

Monday, October 21, 2019

...::: විශ්වයක ආදරේ :::...


නැතිවම අකුණු විදුලි ගෙරවුම්...🙄
වැටුණි රූරා...
නුඹෙ නේත්රාඹරෙන්,
එක් අහිංසක වැහි බිඳක්,
නුඹෙ ධවල කොපුල් ධරණියට...😲
උරතලේ මුහුණ වහංකරගෙන,
දෝරෙ ගලන්න තරම්... 😒
ඉකි ගහ ගහ මං අඬද්දි...
අනේ! 🤗
විශ්වයක ආදරේ,
උඹ එක නෙත් දිය බිඳුවක,
සාරංශ කල අපූරුව... 😍
.
...::: © විලෝචනා :::...

Thursday, September 26, 2019

...::: මන්දෝදරී :::...

'🙏🙏🙏
උත්තමාවී...
මා දේවතාවී...
ඔහු,
සංසාර රතිඟනාවී කියූ,
නුඹට ද හැකි වුණී නම්,
ඇයට ඔහු දෝතින් පුදා,
ඇයත් ඔහුත් රකිනට... 😒
කිමද මා වනු අසමර්ථ,
ඇයට ඔහු දී,
උන් රකින්නට,
දේවතාවී, 
මන්දෝදරී... 🙏
.
© විලෝචනා අබේකෝන්'

🙏🙏🙏
උත්තමාවී...
මා දේවතාවී...
ඔහු,
සංසාර රතිඟනාවී කියූ,
නුඹට ද හැකි වුණී නම්,
ඇයට ඔහු දෝතින් පුදා,
ඇයත් ඔහුත් රකිනට... 😒
කිමද මා වනු අසමර්ථ,
ඇයට ඔහු දී,
උන් රකින්නට,
දේවතාවී,
මන්දෝදරී... 🙏
.
© විලෝචනා අබේකෝන්

Monday, September 23, 2019

...::: ඔහු නුඹට භාරයි රාවණා :::...

'🙏 ඔහු නුඹට භාරයි රාවණා 😣🙏
.
මෙලෙක් සිත සියුම් සිත
මසිත ලුහුබඳින සිත
කල්ප ගණනක් පුරා 
සක්වලේ ලබැඳි නෙත
මග ඇරුණු තුන්සියක් 
වස් පුරා දුක් වින්ඳ 
මෙ අත් බැව් මා දුටින් 
ප්‍රීතියෙන් ඉපිළ ගිය
 
මා බවුන් වඩන තුරු
නා රජුන් සෙවන වුණ 
යන එනා මාවතේ
සිහි කලත් ළඟ මැවුණ 
සහස් නුඹෙ සේනාව 
මෙතෙක් කල් මා රැක්ක
අරන් නුඹ දුර යන්න
පින නැතිය මට එන්න 

සසර බෝ දුර ඇවිත් 
අවසනදි නොහැරෙන්න 
මගෙ සිනිදු කෙහෙරැල්ල 
කටු මතදි වැතිරෙන්න 
මරුන් නොමගට ගද්දි 
හරි දහම සිහිවෙන්න 
බෝසතුණි සසර හිමි 
රැගෙන මිස නොනිවෙන්න 🙏
.
© විලෝචනා අබේකෝන්'


මෙලෙක් සිත සියුම් සිත
මසිත ලුහුබඳින සිත
කල්ප ගණනක් පුරා
සක්වලේ ලබැඳි නෙත
මග ඇරුණු තුන්සියක්
වස් පුරා දුක් වින්ඳ
මෙ අත් බැව් මා දුටින්
ප්රීතියෙන් ඉපිළ ගිය

මා බවුන් වඩන තුරු
නා රජුන් සෙවන වුණ
යන එනා මාවතේ
සිහි කලත් ළඟ මැවුණ
සහස් නුඹෙ සේනාව
මෙතෙක් කල් මා රැක්ක
අරන් නුඹ දුර යන්න
පින නැතිය මට එන්න

සසර බෝ දුර ඇවිත්
අවසනදි නොහැරෙන්න
මගෙ සිනිදු කෙහෙරැල්ල
කටු මතදි වැතිරෙන්න
මරුන් නොමගට ගද්දි
හරි දහම සිහිවෙන්න
බෝසතුණි සසර හිමි
රැගෙන මිස නොනිවෙන්න 🙏
.
© විලෝචනා අබේකෝන්

Tuesday, September 17, 2019

...::: තවත් සිහිනයක් මිස :::...

❤️❤️❤️

සිරියහන් ගබඩාවෙ,
කවුලුවට පිටුපසින්,
පියගැටපෙලෙන් ඇසෙයි,
අඩි ගැටෙන සද්දයක්... 🤔

ටක ටකස් හඬ නගා,
කොරිඩෝව වටෙන් විත්,
දමයි එක් තට්ටුවක්,
දොර අන්ඩ කරකවා... 🤨

සයක් අඩි උස නුඹට,
දොරෙන් එන්නට බැරිව,
නවයි හිස වදිනවට,
උලුවස්සෙ හෙල්මටය... 🙊

බර බිමින් තබන්නට,
පෙර ඇවිත් යහන වෙත,
දෑතෙ ලා දෙකම්මුල්,
සිප ගනියි පටු නළල... 😍

දැණුනු ඒ තෙත දෙතොල,
ඇහැරවිය මා නින්ද,
අනේ 😭 නුඹ ඇවිත් නැත,
තවත් සිහිනයක් මිස 🤦🤦🤦
.
© විලෝචනා අබේකෝන්

Sunday, September 1, 2019

...::: වෙසෙස් යථාර්ථය :::...

'💎
නුඹ දන්නා දෙයත්,
නුඹට දැනෙනා දෙයත්,
තථ්‍යාසන්න යථාර්ථයත්, 
යථාර්ථයත්, 
බොහෝ වෙසෙස් ය...
.
© විලෝචනා අබේකෝන්'

💎
නුඹ දන්නා දෙයත්,
නුඹට දැනෙනා දෙයත්,
තථ්යාසන්න යථාර්ථයත්,
යථාර්ථයත්,
බොහෝ වෙසෙස් ය...
.
© විලෝචනා අබේකෝන්

...::: සඳ අපට අමාවක :::...

😣
රත්තරං ඇඟිලි තුඩු,
ගැලපු හැම වචනෙකම,
අරුත සැන වටහගෙන
ඔහුට බෝ බැති බරව,
මං දුටිමි තප්පරෙන්,
ඔහු පෙන්නු සසර බය...
.
මං උන්නෙ අපායක,
මං ආවා යහ මගට,
මං දැක්කෙ දෙවිරුවක්,
ඇහුවෙ එක ඔවදනක්,
ඇසු පිනම විය සවිය...
.
අද බෝම හොඳින් මම,
තිබුණි උඹටත් එපින,
නුඹ කනට නොගත්තට,
පින් වඩනු නිවෙන්නට,
පෙර පිනම පෑදෙන්න...
.
කෙල්ලෙ මගෙ දෑහටත්
කඳුලු උණනවා දුකට
යලි අහසෙ නොපායන,
සඳ අපට අමාවක,
පතමි මම නිවන් සුව... 🙏🙏🙏
.
© විලෝචනා අබේකෝන්

Sunday, August 18, 2019

...::: මැණිකක් :::...



'❤️
මහපොළොව විද විද,
පස් කඳු ගොඩ ගහ ගහ,
දිය කඳේ හෝද හෝද,
මොනවද බං හොයන්නෙ උඹ??? 🤔
කොමතේරු හවුල, 
ඉඩම් හවුල,
නානා ප්‍රකාර නඩ බෙද බෙද...
ගැහැට ගැහැට පොළොව දෙබෑ කර කර, 
හත්තිලව්වේ! 🤦
උඹ හොයන්නෙ මැණිකක් ද ??? 🙄
හරි මද්දහනෙ, 🌤️
සීරුවෙන්, 
හිටගනින් පොළොවෙ...🤦
උඹ ඉඳීවි...
ඇඩිනීන් - තයිමීන්, 
ගුඇනීන් - සයිටොසීන්...
එක දඟරෙට එතිච්ච... 
ඩිඔක්සී රයිබෝ නියුක්ලික් අම්ල අණුවලින්,
ගෑවිච්ච ගෑවිච්ච තැන් වල...😊
පින ම ප්‍රවේණිගත වෙච්ච 🙏
මේ සක්වල කොහෙ කැන්නත්, 
හොයාගන්න බැරි,
දුර්ලභම මැණිකක හෙවනැල්ල උඩ 😍
ඉතිං...
ඊට වඩා... 🙄
පසිංගල්, 
පද්මරාග,
නිල් කුරුවින්ද, 
රතු කැට, 
දියමන්ති, කෝමද වටින්නෙ 😍 මැණික 🤔💎
.
© විලෝචනා අබේකෝන්'
❤️
මහපොළොව විද විද,
පස් කඳු ගොඩ ගහ ගහ,
දිය කඳේ හෝද හෝද,
මොනවද බං හොයන්නෙ උඹ??? 🤔
කොමතේරු හවුල,
ඉඩම් හවුල,
නානා ප්රකාර නඩ බෙද බෙද...
ගැහැට ගැහැට පොළොව දෙබෑ කර කර,
හත්තිලව්වේ! 🤦
උඹ හොයන්නෙ මැණිකක් ද ??? 🙄
හරි මද්දහනෙ, 🌤️
සීරුවෙන්,
හිටගනින් පොළොවෙ...🤦
උඹ ඉඳීවි...
ඇඩිනීන් - තයිමීන්,
ගුඇනීන් - සයිටොසීන්...
එක දඟරෙට එතිච්ච...
ඩිඔක්සී රයිබෝ නියුක්ලික් අම්ල අණුවලින්,
ගෑවිච්ච ගෑවිච්ච තැන් වල...😊
පින ම ප්රවේණිගත වෙච්ච 🙏
මේ සක්වල කොහෙ කැන්නත්,
හොයාගන්න බැරි,
දුර්ලභම මැණිකක හෙවනැල්ල උඩ 😍
ඉතිං...
ඊට වඩා... 🙄
පසිංගල්,
පද්මරාග,
නිල් කුරුවින්ද,
රතු කැට,
දියමන්ති, කෝමද වටින්නෙ 😍 මැණික 🤔💎
.
© විලෝචනා අබේකෝන්

Friday, August 9, 2019

...::: දේව ධූතය :::...

💛
දේව ධූතය...
ආපෝ තේජෝ වායෝ පඨවි ආකාස අතැර,
විඤ්ඤාණයට පෙම් බඳින,
සාංසාරික පෙම්වත...
නුඹ ලෝචන කර්ණ ලවන් කේෂ ඡවි,
මා මසැස චුම්බක සේ අදින...
කුසලාකුසල ශක්තීන් සමව වැඩූ,
සම ධාතුව...
මා අකුශලයකින් පසු බැස,

නුඹ කුශලයම වඩා,
මා මනු ලොව දමා යන්නට වූ නියා,
ළඟ ළඟ බැව් අතලොස්සක වූ,
පිය විප්පයෝගයෙන්ම වීර්යය වඩන...
බ්රහ්මචාරී පෙම්වත...
මා අකුසල් අහෝසි කරවන්නට,
නුඹටම දොස් පවරාගන්න,
ධාතු ඇසුරේ සිසිලසින් වෙසෙන,
දුටත් සිත් පහන් කරවන සුලු,
මනු ලොවට නොඋරුම,
සොලොසාසංඛ්ය කල්ප ලක්ශයකින්,
පංච මහා බූතයෙන් විඤ්ඤාණයට,
සදාතනිකව සමුදෙන්නට,
පාරමී පුරන...
නුඹේ ආර්ය මග ගන්නට,
නීවරණයන් දුරලන්නට,
සසංකාරික චෛතසික,
අසංකාරිකව,
ස්වයං අනුභූතියෙන් අවබෝධ කර,
සීලයේ පිහිටුවන්නටම වෙර අදින,
අර්ථඛ්යායි පෙම්වත...
.
© විලෝචනා අබේකෝන්



Tuesday, August 6, 2019

...::: පින් විමන :::...

🙏 🙏🙏
.
සිසිලස යස මනස සුවපත් කරනු රිසී
දෙව් නා රැකවලුන් මැද පින් විමන දිසී
එහි වැඩු බවුන් අදිටන විවරණ සදිසී
ඉඟියක් විලස මල් වරුසා කෙමෙන් වසී
.
© විලෝචනා අබේකෝන්


Monday, July 22, 2019

...::: නුඹ එන දින තවත් දුරද :::...


සුරඟන සේ මා සරසා, 😍
රතු පලසේ සුරත හොවා, 😘
මා කැඳවා යන කුමරුනි, 😋
නුඹ එන දින තවත් දුරද ??? 😂

...::: අපූරු ඇය හෙවත් අම්මී :::...


ගොරකා මාලුවෙ ඉඳලා හිටලා
සැමන් කෑලිත් තියෙනවා
පිපිරුණාවූ අබ ගොඩක් මැද
ගෝවා කැබලිත් හම්බුණා
උළු හාල් දිව පිනුව විට
අල කැබලි තිත්තට අහුවුණා
පිඟානේ අයිනේ පුරා
අල සැමන් ගෝවා ඉතිරුණා
.
කොතෙක් බැණ වැදුණත්
ගමේ වන රැජිනගෙන් කිරි ගන්නවා
සතියෙ ඇඳි රෙදි කඳක් බැන බැන
සෙනසුරාදම සේදුවා
සාරි ඇන්ඳම ඔසරි වෙනුවට
ඒකටත් දෙහි කපනවා
අන්තිමේදි සාරියත් ඇය
කීව ලෙසටම අඳිනවා
.
කීව ඒවම ආයෙ ආයෙ
රඟ පපා ඇය කියනවා
අපිත් කිසි දින නහපු විලසින්
සවන් දීගෙන ඉන්නවා
හදල දුන්නොත් අලුත් කෑමක්
දහක් ඇද කුද කියනවා
කන්න බෑ හනෙ හපොයි කිය කිය
පිඟානම හිස් කරනවා

Sunday, July 21, 2019

...::: ලොකු කම :::...

😘
උඹට තිබුණා හෙන ලොකු කමක්,
මටත් තිබ්බා ඊට දෙවනි නැතුවම...
උඹෙ ලොකු කමට හේතු තිබ්බා,
මට නම් ඒමටයි කියලා හේතු නොතිබ්බට...
අවුරුදු හතරක් මූණු පොතේ හිටියෙ,
උඹ මාව, මං උඹව,
බලලා නොවේමත් නොවුණට...
වැරදිලා වත් ආවෙ නෑනෙ,
එක නොටිෆිකේෂන් එකක්,
අපිට අපි ගැන...
උඹෙ ලොකුකම කාලෙත් එක්ක...
මට උඹව පට්ට ඩෑල් එකක් කලාම, 👌
මගෙන් එකම එක කොමෙන්ටුවයි වැටුනෙ...
නොදැනීම වැටුනෙ උඹෙනුත් මට
හාර්ට් රිඇක්ෂන් එක... 
මැසෙන්ජර් බෝරිංග්...
වට්ස් ඇප් ඇති නේද?
නොම්මරේ දුන්නා කියලා මොකෝ...
උඹ මාව හොයන් එන්නද? 😂
+94 යවන්න කලිං +13 ආවම,
නුහුරක් තිබ්බෙ නෑ...
ඉමෝජියක වත් එහෙමයි කියලා අපිට... 😍
පැය දාහතරාමාරක වෙනස...
අනේ අපි ගලපගත්ත හැටියට...
සමාන කම් මොකුත් නැතත්...
අපි දෙඩෙව්වෙ එකසිය ගාණට,
උඹ හරි ඕපන්...
මමත් උඹට යුනික් කෙල්ල...
තැප්රොබේන් ආවත් සතියකට...
දන්නවා උඹෙ එක විනාඩියක් හරි...
රිසව්ඩ් මේ මට... 🌷
කටහඬ අහන්නම්...
+94 කින්ම...
එතකල් ගියදෙන් මේ මාසෙත්,
අනාහත හැඟීමකම...
විහිලුවෙන් හරි කිව්වට,
බොක්කට දැනෙනවා මචං දැං සිරාවට... 😊
උඹව තනිකරලා නම්,
ඇස් පියා ගන්න හිතෙන්නෑ මට,
ඉතිං උඹ වැඩ කරද්දි,
නිදාගනියිද හිතකින් මේ ඇස් දෙක...
දැන් මගෙ අහසෙ තියෙන්නෙ,
ඉර ද හඳ ද කියල අදාලම නෑ මට...
උඹෙ දවාල, මගෙත් දවාල...
උඹෙ රෑ ... එකන්ම මගෙත් රැය ☝️
.
...::: © විලෝචනා :::...

Tuesday, July 16, 2019

...::: මක්කරන්නද ඉතින්:::..

 
කෙලි සිනා සුරතලෙන්
ගේ පුරා සිරියාව
පැතිර තිබු ඊයෙ මෙන්
අද නෑනෙ එළියක්...
.
හනික හූ හඬ දිදී
ඇදුණු දුම්රියෙ නැගී
වේගයෙන් පෙර දවස්
වෙත ඇදුණි මතකයක්...
.
තේ කහට ජොග්ගුවයි
සමපෝශ ගුලි හයයි
හදන් හරි හරියෙ බැලු
චිත්‍රපටි කන්දක්...
.
කඩිමුඩියෙ කඩ පිලෙන්
ගත් කඩල පැකට්ටුව
තෙවන ස්ලැබ් එකට වැද
රස විඳිමි අහුරක්...
.
සුවසෙවන, නෝ ලිමිට්
පීසා හට්, ප්‍රිම්රෝස්
යායටම නරඹමින්
නහමි සුව පවනක්...
.
චිත්‍රපට ඉතිරි තිහ
ජම්බො පීනට් අහුරු
ෆ්‍රිජ් එකේ දුක් විඳියි
බෙල් පෙපර් ගෙඩියක්...
.
පීසා හැදුමට චීස්
පුඩින් හැදුමට කිරිත්
තිබෙන මුත් නුඹ නැතුව
නැහැ කිසිම ගතියක්...
.
මක්කරන්නද ඉතින්
පාලුව වරයි සැනින්
කලින් ගෙවු තප්පරය
දැන් ගෙවමි වරුවක්... 

💛 ගෝ ච ර 💛

💛
20Hz - 20,000Hz අතර,
ශ්රවණ පරාසය තුළ,
ශ්රව්ය ගෝචර දෑ මිස...
දෘශ්ය ආලෝක පරාසයේ,
නැනෝ මීටර් 400 ත් 800ත් අතර,
තරංග ආයාම අඩු වැඩි වීම් මිස...
නියුරෝන ඔස්සේ ලැබෙන,
සංඥාවන් මිසක...
අන් දෙයක් නොවේ මට ගෝචර...
නො වේ   ම ට   ත ව ම   ගෝ ච ර 😣🙏
.
© විලෝචනා අබේකෝන්

Saturday, June 29, 2019

...::: ඇති දැන් :::....

😘 එහෙනම් එහෙමයි ආහ්???
.
ඇල දොලක් කන්දක් මිසක්
මගෙ හිතේ නෑ වෙන කිසි දෙයක්...
තරහටත් නෑ ඉඩක් කියු දේ
කීවෙ මුණට නෑ දුකක්
නුඹ වෙනස් මං වෙනස් කිසි ලෙස
වෙලා නෑ එය මහ ලෙඩක්
මූණ එල්ලන් හිටිය ඔය ඇති
හිනාවෙනවකො දැන් ටිකක්
.
උසම අත්තක තිබුණු මල් ටික
කඩන්නට නුඹ දඟලලා
මල් ඔටුන්නට හොඳම පැහැයෙන්
මල් කිනිති හෙම ගලපලා
නටන දඟලන මං දිහා
දිගු සුසුම් හෙලමින් බල බලා
ඔයා නම් මට හීනයක් යැයි
කීවෙ ඇස් දෙක පියවලා
.
මුමුණමින් ගී ඔහේ සරණා
පිස්සු කෙල්ලකි මං මෙදා
බරක් හිත නෑ ගිටාරය ඇති තෙක්
හිඳින්නෙමි එය බදා
ආදරෙයි නොකියා කියා හද
ඉඳියි මාගේ තව නිදා
මුහුණු පොත පාලුයි මගේ යලි
මතුවෙයන් කෝ වලි නොදා 😂
.
අහස නුඹ මං පොළව වැසි වස්සවන්
ලං වෙන්නට කියා
සර්ව පිත්තල ලෝකයේ නුඹ හිර වෙලා මිල්ලෙම සොයා
මොහොතකදි මං හමු වෙලා
ලත් සැනසුමේ වරුණා කියා
වටේ උන් ගැන ඉරිසියාවට
කියයි තනි වෙන්නට කියා
.
"ඕන හිතකට හිතෙයි නුඹ ගැන ආදරේ
නුඹ හැඩ නිසා
නුබේ දඟ හුරතල් සැහැල්ලුව කොයි හිතත් සසලන නිසා
ඒත් මට බෑ දරන්නට එය හිතම
නුඹ ගැන ලොබ නිසා"
අයියෙ නුඹ මට එහෙම කිව්වම
දුකයි ආදරෙ වැඩි නිසා...
.
ඊයෙ දුටු මොහොතේ පටන්
මට වුණත් හිත නෑ සහනයක්
ඔරොප්පුවටම කතා කෙරුවට
ගලක් නොව මේකත් හිතක්
සුදෝ සුදු මුව කලු වෙලා යයි
තරහ තිබුණොත් තව ටිකක්
අයියෙ ඇති දැන් තරහ දැක්කා
දාපන්කො Request එකක් 😂😂😂

Tuesday, June 25, 2019

...::: උඹ එනවද අප්පච්චී ආයෙත් තනිකම මකන්න :::...

❤️
සිදාදියට එක්ක ගිහින්
පෙන්නන දේ අරන් දෙන්න
මං ලවාම නා ගෙන විත්
කොලොන් ඇඟේ තවර ගන්න
අඳින අඳින හැම ඇඳුමම
මට කියලා හෝදගන්න
උඹ එනවද අප්පච්චී
ආයෙත් තනිකම මකන්න
.
අවුරුදු තුනකට උඩදී
උඹ හිටියේ රජෙක් විලස
පින්වතුන්ට මනු ලෝකෙ
කවදත් නොවුනද ආයුස
මට නොකියා මගෙ යහනෙම
උඹ මෙලොවින් ගිය එවිලස
මේ යහනේ බෝ හනිකට
මියැදෙන්නයි මමත් ආස
.
© විලෝචනා අබේකෝන්

Friday, June 7, 2019

Inside the Hospital


Sometimes you walk in & out...
Wearing a stethoscope 
I wonder why ???
An Engineer keeps a steth with him 
Once ... You came out,
And took a blood sample... 
Lift opens [llll 👦 llll]
දෙයියනේ... 😍
You appear & Just vanished 
Now you are driving a trolley 
Oh my god!
You are on the trolley 
I don't know why...
All the Doctors, Nurses, Attendants & Patients look like you 
Inside the Hospital 
.
इक तुम्हें चाहने के अलावा
और कुछ हमसे होगा नहीं


Tuesday, June 4, 2019

...::: තත් සය :::...

'💛

මිනී මැරුමක්ද, 
සාවද්‍ය මනුශ්‍ය ඝාතනයක්ද,
මා තුළ, 
උඹේ ඉරණම කුමක් වුව,
අවසන මරණයමය...
එදිනත්, 
උඹ මිහිදන් කොට, 
මම තත් සයකට පෙම් බඳිනු ඇත... 

© විලෝචනා අබේකෝන්'

💛

මිනී මැරුමක්ද,
සාවද්ය මනුශ්ය ඝාතනයක්ද,
මා තුළ,
උඹේ ඉරණම කුමක් වුව,
අවසන මරණයමය...
එදිනත්,
උඹ මිහිදන් කොට,
මම තත් සයකට පෙම් බඳිනු ඇත...

© විලෝචනා අබේකෝන්