Pages

Tuesday, July 16, 2019

...::: මක්කරන්නද ඉතින්:::..

 
කෙලි සිනා සුරතලෙන්
ගේ පුරා සිරියාව
පැතිර තිබු ඊයෙ මෙන්
අද නෑනෙ එළියක්...
.
හනික හූ හඬ දිදී
ඇදුණු දුම්රියෙ නැගී
වේගයෙන් පෙර දවස්
වෙත ඇදුණි මතකයක්...
.
තේ කහට ජොග්ගුවයි
සමපෝශ ගුලි හයයි
හදන් හරි හරියෙ බැලු
චිත්‍රපටි කන්දක්...
.
කඩිමුඩියෙ කඩ පිලෙන්
ගත් කඩල පැකට්ටුව
තෙවන ස්ලැබ් එකට වැද
රස විඳිමි අහුරක්...
.
සුවසෙවන, නෝ ලිමිට්
පීසා හට්, ප්‍රිම්රෝස්
යායටම නරඹමින්
නහමි සුව පවනක්...
.
චිත්‍රපට ඉතිරි තිහ
ජම්බො පීනට් අහුරු
ෆ්‍රිජ් එකේ දුක් විඳියි
බෙල් පෙපර් ගෙඩියක්...
.
පීසා හැදුමට චීස්
පුඩින් හැදුමට කිරිත්
තිබෙන මුත් නුඹ නැතුව
නැහැ කිසිම ගතියක්...
.
මක්කරන්නද ඉතින්
පාලුව වරයි සැනින්
කලින් ගෙවු තප්පරය
දැන් ගෙවමි වරුවක්... 

No comments:

Post a Comment

leave your comment here...