❤️ අප්පච්චී ❤️
.
එනකල් බලං කඩුගන්නාවෙන් උඩට
හිටියා නම් කෙනෙක් ඔබ මිස වෙන කවුද
මග දිග දුරකතන ඇමතුම් දෙන අතර
දැන් කොයි කොහිද අසනා තවෙකෙක් කොහිද
.
කිරිදුව විශ්වවිද්යාලේ සිට ගෙදර
හුඟ කාලෙකින් එන බැව් දැන සතුටු සිත
එන එන අයට පවසා තතු නොපමාව
කුස්සිය සුවඳ කරවයි රස මසවුලින
.
කුස්සියෙ දොරෙන් ගෙට ගොඩ වෙන කනිසමට
ඉස්සර නම් දුටිමි ප්රියතම ඒ දසුන
හැඳගෙන රජෙකු මෙන් මා දුන් රතු සරම
දුටු සැන අනේ මල් පූදයි මුහුණ වට...
.
සිය වැඩ පසෙක ලා රත් කර වතුර ටික
පුරවා කෝප්පය හැදු රස කිරි තේක
කිරි දුව කියා අමතා උඩ තට්ටුවට
නැති තැන අනේ ගෙන එයි කාමරේටම
.
කොයි ලොව සිටියමුත් රෑ වෙන කණිසමට
විමසා තතු කියයි ඔහුගේ දවස ගැන
කාසි සොයන දැඩි ගත මුදු හිත වෙහෙස
අප්පච්චී පුදුම මට නුඹෙ විරිය ගැන
.
පොඩි අවදියෙ පටන් පෙම් බැඳි ගිටාරය
මගෙ මුලු දිවිය වෙනස්ම පැහැයෙන් ඇන්ඳ ගෙනවිත් තනිය පාලුව මැකු තත් සයට
පෙම් බැඳි පිනක් වෙද ඒකත් හිමි නුඹට
.
කියවා ලියා නිම කරනට නුඹෙ කවිය
සංසාරෙම මදිනෙ අප්පච්චී මෙමට
එළිසමයක් නොරැක ලියුවත් මගෙ හැඟුම
කම් නෑ අකුරු කෙරුණා නම් නුඹෙ වරුණ
.
පින් කෙත සඳ මඩල මා දිය කඳ පුරන
උල්පත ඇරඹි නුඹ මා නිල් කඳු මුදුණ
සැලකර පුවත මගෙ හීනෙම සසල වන
කඩුපුල දෙ වස් පෙර සදහට මිලින වුණ
.
...::: © විලෝචනා :::...
.
එනකල් බලං කඩුගන්නාවෙන් උඩට
හිටියා නම් කෙනෙක් ඔබ මිස වෙන කවුද
මග දිග දුරකතන ඇමතුම් දෙන අතර
දැන් කොයි කොහිද අසනා තවෙකෙක් කොහිද
.
කිරිදුව විශ්වවිද්යාලේ සිට ගෙදර
හුඟ කාලෙකින් එන බැව් දැන සතුටු සිත
එන එන අයට පවසා තතු නොපමාව
කුස්සිය සුවඳ කරවයි රස මසවුලින
.
කුස්සියෙ දොරෙන් ගෙට ගොඩ වෙන කනිසමට
ඉස්සර නම් දුටිමි ප්රියතම ඒ දසුන
හැඳගෙන රජෙකු මෙන් මා දුන් රතු සරම
දුටු සැන අනේ මල් පූදයි මුහුණ වට...
.
සිය වැඩ පසෙක ලා රත් කර වතුර ටික
පුරවා කෝප්පය හැදු රස කිරි තේක
කිරි දුව කියා අමතා උඩ තට්ටුවට
නැති තැන අනේ ගෙන එයි කාමරේටම
.
කොයි ලොව සිටියමුත් රෑ වෙන කණිසමට
විමසා තතු කියයි ඔහුගේ දවස ගැන
කාසි සොයන දැඩි ගත මුදු හිත වෙහෙස
අප්පච්චී පුදුම මට නුඹෙ විරිය ගැන
.
පොඩි අවදියෙ පටන් පෙම් බැඳි ගිටාරය
මගෙ මුලු දිවිය වෙනස්ම පැහැයෙන් ඇන්ඳ ගෙනවිත් තනිය පාලුව මැකු තත් සයට
පෙම් බැඳි පිනක් වෙද ඒකත් හිමි නුඹට
.
කියවා ලියා නිම කරනට නුඹෙ කවිය
සංසාරෙම මදිනෙ අප්පච්චී මෙමට
එළිසමයක් නොරැක ලියුවත් මගෙ හැඟුම
කම් නෑ අකුරු කෙරුණා නම් නුඹෙ වරුණ
.
පින් කෙත සඳ මඩල මා දිය කඳ පුරන
උල්පත ඇරඹි නුඹ මා නිල් කඳු මුදුණ
සැලකර පුවත මගෙ හීනෙම සසල වන
කඩුපුල දෙ වස් පෙර සදහට මිලින වුණ
.
...::: © විලෝචනා :::...
No comments:
Post a Comment
leave your comment here...