Pages

Tuesday, October 30, 2018

...::: ආයෙත් ඒවිද, ඒ අප්පච්චි:::...

❤️
ආයෙත් ඒවිද,
ඒ අප්පච්චි,
කිරිදෝණි කියලා,
මට අඬගහන්න...
රැව්ල හරියට කැපිලද බලන්න,
සුවඳට නාලා ඇවිත්,
මට කියලා පිටේ පව්ඩර් ගා ගන්න,
ගමනක් යන්න කලිං දවසෙ,
මාව බඩියා කරගන්න,
සපත්තු පොලිෂ් කරලා,
මට කියලා හොඳ කලිසමක් තෝරගෙන,
ඒකට ගැලපෙන කමිසෙ තෝරන්න,
ඒවා මට කියලා අයන් කරගන්න...
ඇයි?
ටයි පින් එක, ටයි එක, කෆ්ලින්ක්ස්
ඇඳුමට හරියන්න තෝරගන්න...
මම ෂොපින්ග් යද්දි,
පුතේ මටත් ෂර්ට් එකක් ගේන්න කියන්න,
අනේ පුතේ කමිසයක් පෙඟෙන්න දැම්මා,
හෝදලා දෙන්න කියන්න...
හෝදන්න යද්දි කමිසයක් කිව්වට,
කමිස කලිසම් බේසම් දෙකක් විතර... 🤭
රෑට නිදියන්න කලිං...
පුතේ අතපයේ සිද්ධාලේප ටිකක් ගාන්න කියන්න,
ඇත්තමයි ආඩම්බරෙන් අප්පච්චි කියලා හැමෝටම පෙන්නන්න...
ආයේම එනවද?
😘
මං දැක්කෙ නෑ ඒ වගේ අප්පච්චියෙක්...
හැම දරුවටම එක වගේ ආදරේ කරන,
තුන් වරුවෙම හොයලා බලලා,
වෙඩි සද්දෙ අස්සෙත්,
අපෙ කටහඬ අහලා නිවුණ,
අනේ ජීවිතේට අපිට අපි එක්ක,
දවස් 100 කවත් මතක නැතුවට,
යුද්ධෙන් පස්සෙ හිටපු ටික කාලෙට,
ඒ දුන්න ආදරය,
බෝම්බ හතර පහකට අහුවෙලත්,
ගෙනියන්න බැරිවෙච්ච ඔය පණ ඩිංග,
පන්සල් විහාර කරවපු,
ඔය පින් හිත,
අපිට රස රස කෑම බීම හදලා දීපු,
ඒ ආදරේ...
විහිලු කතා රඟ පපා කියන ලස්සන,
රට වටේම එක්ක ගිහින්,
ලස්සන තැන් පෙන්නුව හැටි,
කොල්ලො දස දහස් ගණනින් පුහුණු කරපු මෙල්ල කරපු ඒ දරදඬු කම,
අපිට පුංචි අසනීපයක් වුණ ගමන්,
ලෝකෙ පෙරලං අඬපු හැටි...
බෑනට මුද්දටත් රත්තරං හදවලා,
බෑනගෙ සුදු මූණ වත් දකින්න
අනේ අප්ප්ච්චිට බැරි වුණ හැටි 😣
අප්පච්චිට කිරිදෝණිව පෝරුවේ දකින්න කලිං
කිරිදුව අප්පච්චිව,
ඇත්දල අස්සෙන්
සුදු වියන යට,
ලී පෙට්ටියක,
නිදාගෙන ඉන්නවා දැක්ක හැටි... 😞
ඒ කල පින් ආකරේ හැටියට,
අප්පච්චි නුඹ කොහෙ උන්නත්,
ඒ නම් සුර ලොවමය ...
උඹ අපායත් සුර ලොවක් කරන්නට සමත්,
යම රජුවත් ගෙන්නලා,
පිරිත් නූල් ගැටගහන පින් කඳක්...
ඒ...
මගෙ අප්පච්චි ❤️
.
...:::: විලෝචනා :::...

Saturday, October 27, 2018

...::: හෙටක් ගැන :::...

❤️
දුකක් නෑ කිව්වාට,
මටත් දුක දැනෙනවා... 😒
ගලක් මෙන් උන්නාට,
තෙතක් හිත තියෙනවා... 🙄
මලක් වෙන්නට හදන,
විටත් පෙති තලනවා... 🤬
මමත් රිදි රිදි තවම,
හෙටක් ගැන හිතනවා... 😍
.
...::: © විලෝචනා :::...

Thursday, October 25, 2018

...::: පියඹ :::...

.....
 
....  ish
.
දවස තිස්සෙම හීතලේ,
චුරු චුරු වැස්සෙ,
කය මන වෙහෙසලා...
වැඩ කරලා කරලම,
හති වැටුණම... 😒
එක පාරක් ජංගමේ අතට අරං,
ලොක් එක ඇරලා,
බලපං ස්ක්රීන් එක දිහා... 🤭
හිතට සහනයක් දැණුනොත්...
කියපු ගොංම ගොං,
ඒත් ආදරණීය... 😍
එකම එක කතාවක්,
මතක් කරලා හිනාවෙයං... 😂
හැමදාම වගේ...
ඉරිදා හවසට...
හන්තාන පාමුල පුංචි මැදුරක,
උණුම උණු කිරි කෝපි එකක්... 
උඹ එනකල් ඉන්නවා...
මග බලං 🤭
අන්න ඒ දවස ගැන හිතලා...
හිත හදාගෙන...
ආයෙත් වැඩ කරපං මචං... 🤗
.
මීට,
...............පියඹ ! 😍
.
...::: © විලෝචනා :::...

Monday, October 15, 2018

...::: පැටලුණි දැලේ :::...

❤️
කටකාර නුඹ ගාව
තනි පාලු මැකුණාම
පැය පවා තැලි තැලී
විය තත්ත්පරේ... 😘
.
දෙමසකට පෙර දිනෙක
දළදාව අභියසම
නෙත ගැටී මුල් වරට
පැටලුණි දැලේ... 😅
.
හිත ආලෙ කිව්වාම
ලැජ්ජාවෙ බැරුවාම
තුන් පැයක් මුහුණ දෙස
නෙත් නොහැරුණේ... 🙈
.
හුරු බවක් දැණුනාම
ලැජ්ජාව ඇරුණාම
උපාසක වෙස් මුහුණු
බිම අතැරුණේ... 🤪
.
මව්පියන් අවසරය
කී සැණින් ලැබුණාම
බරක් නෑ හිතට
අපි අපෙ පාඩුවේ... 🤗
.
දඬු මොණරෙ නැග්ගාම
හැරුණු අත යන යෑම
දෙමසකදි යන්ට හැකි
තැන්වලැ ගියේ... 😲
.
කඳු මුදුන්, දිය ඇලි ද
ගල් කුළුද, විහාර ද
එකින් එක පුරාවට
මතක පිරුණේ... 🤗
.
මුමුණනා තනු වලට
වයා නුඹ ගිටාරය
මගෙ පාලු දුම්රියට
එන්ජිම වුණේ... 😍
.
තව සොඳුරු දින දෙන්න
හාර්ඩ් එක පුරවන්න
දුකක් නෑ මදි වුණොත්
තව ගමු අනේ... 🤣
.
...::: © විලෝචනා :::...

...::: අවංකත්වය :::...

😍
මහා ලොකු දුර්භීක්ෂයකට පසු,
පුංචි බත් කටක්...
මහා ලොකු නියඟයකට පසු,
පුංචි වතුර උගුරක්...
මහා ලොකු රැවටීමකට පසු,
අවංකත්වයක්...
බොහෝ වටිනු ඇත...
ඔව්!
මට බොහෝ වටිනු ඇත... 😊

Friday, October 5, 2018

ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන් ගුරුපියණෙනි

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
❤️
මං සර්ට හිටිය දුර්වලම සිසුවිය... සර්ගෙන් පලු යන්න බැනුම් ඇහුව 🤭 කිසිසේත්ම උවමනාවක් නොතිබුණු උපාධිය සත පහකට ගණන් නොගත්, කිසි දෙයක් නාහෙට අහන්නෙ නැති...

"කවුද ඔය විලෝචනා? වහාම ඇවිත් මට කතා කරන්න කියන්න"
.
කැබිතියි මමයි බම්පියි විතරයි සර්ට අපෙ මුළු Department එකෙන්ම Guide කරන්න වුණේ.
පහුවදාම සර් ළඟට ගියේ ගිණි බයෙන්... ගිය වෙලේ ඉඳන් හොඳට බැනුම් ඇහුවා... 😥 අන්තිමටම...
.
" බැන්නා සැර වැඩිද...? 😊 දරුවො ඉගෙන ගත්තොත් ඒවා අපිට නෙවේ ඔයාලට, බනින්නෙ හොඳකටනෙ..."
.
සර්ගෙ වචන ටිකෙන් කැම්පස් එකේ අවුරුදු 4 ම අත පසුවෙලා තිබුණ වැඩ ටික එක මොහොතෙන් ගොඩ ගියා වගේ දැණුනා...
.
"සඳුදා වෙද්දි 2nd chapter එක ඉවර කරලා ගේන්න ඕනෙ"
.
ඒක සර්ගෙ අණ! ඒත් ඔක්තෝබර් 8 වෙනිදා සර්ට මම අඬ අඬ call කරලා කිව්වෙ...
.
"සර් මම උවමනාවෙන් වැඩ කරනවා කියලා හිතා ගත්තා විතරයි... මට සඳුදා chapter එක ගේන්න වෙන්නෙ නෑ... අද මගෙ අප්පච්චි නැති වුණා..."
.
" දරුවො... මට හරි කණගාටුයි... ඕක තමයි ලෝකෙ ස්වභාවය නේද? මට එන්න නම් වෙන්නෙ නෑ මේ වැඩ එක්ක. විභාගෙ කොහොම හරි කරගන්න පුලුවන්. ඉස්සෙල්ල ඔතන වැඩ ටික ඉවර කරන් හිත නිදහස් කරන් එන්න"
.
අවසන් කටයුතු සිද්ධ වෙලත් ආයෙ කැම්පස් එකට ගියේ බලාපොරොත්තු කිසිවක් නැතුව. ළමයෙක්ගෙ reasearch එකකින් ඒ ළමයගෙ guide ව Reflect වෙනවා... මම පරක්කුයි... ඒ වෙද්දි 1st chapter එක ඇරෙන්න කිසිම දෙයක් කරලා තිබ්බෙ නෑ... අප්පච්චිගෙ අහිමි වීම නිසා ඇතිවුණ තද බල සිත් තැවුලත්, හිරවෙලා තිබුණ වැඩ ගොඩත් නිසා අනික් අයට වඩා දුෂ්කර කාලයක් මට උදා වුණා. මගෙ Department එකේ Hindi, IT, English තුනම කලේ මං විතරයි නිසා අනික් අයට වඩා මගෙ විභාග කාල සටහන ගොඩක් tough වුණා... බැරි බැරි ගාතෙ හිත හදන් මම සර් මුණගැහෙන්න ගියා...
.
" සර් මම අනික් ළමයින්ට වඩා ගොඩක් Service Courses කරනවා... මට සේරම exam 7ක් එක්ක Reasearch එකත් හිරවෙලා. මගෙ Theseis එක ටයිප් කරගන්නෙත් මම තනියම. Production එකට උදේ 8 ඉඳන් පාන්දර 2 වෙනකල් practises යන නිසා අනික් Studies නම් කරගන්න බැරි වෙයි හිතෙනවා සර්... මම බැච් මිස් වෙයි වගේ" 😥
.
"හරි දරුවො exam ඔක්කොම ඉවර වෙන්නෙ කවද්ද? "
.
"දෙසැම්බර් 16 සර්, Thesis දෙසැම්බර් 29 උදේ දෙන්නත් ඕන"
.
"හරි ඔයාව විශ්වාස කරලා මං නිදහස දෙන්නම්... ඔයා එදයින් පස්සෙ ඉතිරි දවස් 12 Research එකට කැපවෙන්න... Guide ගෙ ගෞරවය රකින එක ඔයාට භාරයි... 😊 "
.
වෙන කෙනෙක් නම් මාව ගයිඩ් කරන්න බෑ කියනවා... ඒත් සර් ආචාර්ය පදවියක් දැරුවත්... ඊටත් වඩා මනුස්ස කමින් අඩුවක් නැති නිසාමදෝ හැම මොහොතෙම අධ්යාපනයෙන් වගේම ජීවිතයෙනුත් මාව guide කලා...
.
සර්ගෙ වචන වලින් ලැබුණ හයිය නිසාම සර්ගෙ නම රකින්න ඕනෙ කියන දේ මගෙ හිතට තදින් දැණුනා... මොකද අනික් ළමයි Thesis එක නිසා pressure වුණ හැටි මං දැක්කා... ඒත් සර් ඉවසීමෙන් මට කාලය දුන්නා... මම ඉතිරි දවස් 12 තුළ නිදි මරාගෙන thesis එක උපරිම කැපවීමෙන් කලා.
.
උපාධිය නැතිවෙන්න තරම් අවුරුදු 4ක් පුරා වැඩ අතපසු කරගෙන, දුර්වල තැනක හිටිය මට උපාධිය ලබාගන්න වාසනාව ලැබුණා වගේම සර් Guide කල මගෙ Reasearch එකට A සාමාර්ථයක් හිමිවුණා. ඒ සමකාලීනව කල ඉතිරි විභාග පරීක්ෂණ 7 සඳහාම A- , A, A+ සාමාර්ථ හිමිවුණා... සර්ගෙ ප්රතිචාරය මීට වඩා වෙනස් තද පරුෂ වුණා නම්, තිබුණ දුෂ්කරතා එක්ක මං උපාධිය අතාරින්නත් ඉඩ තිබුණා...
.
නමුත් ඔබ නිසාම මට හොඳින් සියලුම දුෂ්කරතා මැඩගෙන නොසිතූ පරිදි හොඳින් වැඩකටයුතු නිම කරගන්න හැකි වුණා... ඒ කෙටිකාලය තුළ එතරම් ප්රගතියක් මං තුළ ඇති වුණා නම් පළමු වසරේ සිටම ඔහුගේ මාර්ගෝපදේශකයත්වය යටතේ ඉගෙනීමට භාග්යක් ලද්දේ නම්... මීට වඩා හොඳින් උපාධිය නිම කරගන්න තිබුණාය යන හැඟීම මට තදින් දැණුනා...
.
ගුරුවරයෙකුට පුලුවන් දරුවෙක්ගෙ ජීවිතේ අඳුරු අගාධයකට ගෙනියන්න... ඒ වගේම පැටලුම් ලිහලා බාධක ඉවත් කරලා හරි පාර පෙන්නලා දරුවෙක්ගෙ ජීවිතේ ආලෝකමත් කරන්න... මං ඒ සොඳුරු මිනිසාව දැක්කෙ ඔබ තුළින් කීවොත් එහි කිසිඳු වරදක් නැති බව නිසැකය...
.
* අඳුරට සාප නොකර පහනක් දල්වන්න...
* හදවතට එකඟව වැඩ කරන්න...
* අන්තිම තත්පරෙනුත් අන්තිම රුපියලෙනුත් උපරිම ප්රයෝජනය ගන්න...
.
මගෙ මතකයෙ හැටියට පුංචි නිධාන කතාවක් අවසානයේ ඔබ මට දුන්න හෘදයාංගම ම උපදෙස් ත්රිත්වය තමයි ඒ...
.
ඒ උපදෙස් ඒ දයාව කරුණාව ලෙංගතුකම... ජීවිතේ හැමදාම "ගුරු" කියන වචනෙ හිතට ආව ගමන් ඉස්සෙල්ලම සර්ව මතක් වෙන තරමට හිතට කා වැදුණා...
.
ආචාර්ය ධර්මකීර්ති ශ්රී රන්ජන් ගුරුපියණෙනි... තව තවත් සුවහසක් දරු දැරියන්ගේ නුවණ පාදන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා... ඔබට දීර්ඝායු වේවා!
.
විශ්ව ගුරු දිනය වෙනුවෙන් ඔබට මගේ උපහාරය : ...::: විලෝචනා :::...

...::: මං සර්ට හිටිය දුර්වලම සිසුවිය :::...

 — feeling blessed with DharmaKeerthi Sri Ranjan.

Wednesday, October 3, 2018

...::: #වතුර #බොන්න #එපා :::...

❤️ මචං, #වතුර #බොන්න #එපා !!! 😲😲😲වතුර බිව්වොත් 🤪😳😱
.
උඹෙ ඇඟේ තියෙන විෂ වතුරෙන් හෝදලා අරිනවා. ඒ කියන්නෙ හොඳට වතුර බිව්වම මූත්රා සහ දාඩිය මගින් ඒ විස අයින් කරනවා... ඒකට හොඳට වතුර ඕනෙ... අනික ඇඟේ උෂ්ණත්වය balance කරන්න දාඩිය ගොඩක් උදව් වෙනවා... දාඩිය දාන්න නම් ඉතිං හොඳට වතුර බොන තරමට තමයි හොඳ... අනේ ඒ නිසා වතුර බොන්න එපා 🤭
.
නිතර දෙවේලේ ඇතිවෙන ඔලුවෙ කැක්කුම් අඩු කරනවා. ඇඟේ විවිධ පද්ධති වල ක්රියාකාරීත්වය හරියට වෙන්න ඕන කරන තරලමය එහෙම නැත්තං ද්රවමය ගතිය අඩු වුණාම, මොලේ වුණත් තාවකාලිකව ඇකිලෙන්න බලනවා... මේ නිසා මොලේ හිස් කබලෙන් අදෙන්න බලනවා... ඕක නිසා වේදනාවක් ඇතිවෙලා ඔලුවෙ කැක්කුමක් එනවා කියලයි කියන්නෙ... ඉතිං ඔය විජලනය වීම නිසා ඇතිවෙන ඔලුවෙ කැක්කුම් වතුර බිව්වොත් නැති වෙනවා... අනික ඇල්කොහොල් ජාති ගත්තම ඇතිවෙන ඔලුවෙ කැක්කුම් වුණත් වතුර වලින් අඩු කරගන්න පුලුවන්...
.
ඇඟේ බර හොඳට නඩත්තු කරගන්න උදව් කරනවා වගේම බර අඩු කරගන්නත් උදව් වෙනවා...
.
අවශ්ය පමණට ඇඟේ වතුර තියෙනවා නම් මාංශ පේෂීන් උලුක්කු, කෙණ්ඩා පෙරලීම් වගේ තත්ත්ව වලට යොමු වෙන්නෙ නෑ...
.
වයිරස්වල ඉඳන් පරපෝෂිත පණුවො වෙනකල් ලොකු විවිධත්වයක් දක්වන රෝග කාරකයන් අනාවරණය කරගන්න උඹෙ ඇඟට තියෙන හැකියාව... එහෙම නැත්තං ප්රතිශක්තිකරණය වැඩි කරනවා...
.
මීට අමතරව පිට කොන්ඳෙ කැක්කුම්, මුඛයේ දුර්ගන්ධයක් සමග පිටවන ප්රාශ්වාස වායුව, දාඩිය දුගඳ වගේ වතුර අඩු කම නිසා ඇතිවන ගැටළු අඩු කරනවා...
.
ඇයි වතුර බොන එක හෘද ක්රියාකාරීත්වයට සෑහෙන හොඳයි. මොකද වතුර ඕනෙ ලේ වල, ප්ලාස්මාවල දුස්ස්රාවීතාව හරියට නඩත්තු කරගන්න...
.
ඇඟට පෝෂණ කොටස් උරා ගන්න එකයි ජීර්ණය කරන එකයි වගේ රසායනික ප්රතික්රියා සියල්ල... පොදුවෙ කිව්වොත් ඇඟේ පරිවෘත්තිය ක්රියා සඳහා අවශ්ය ශක්තිය ලැබෙනවා... අනික මල බද්ධය, බඩ වේලීම් වගේ ඒවා වලක්වනවා.
.
මොලේ ක්රියාකාරීත්වය වැඩි කරලා මොලේට අවශ්ය ශක්තිය සපයනවා... උඹේ චින්තන ශක්තිය වැඩි කරලා focus වෙන්න වගේම Alert එකේ ඉන්නත් වතුරෙන් මොළේට ලැබෙන ශක්තිය නිසා පුළුවන් වෙනවා.
.
වතුර මොළේට අඩු වෙන එක mood එකට ,බුද්ධියට, මතකයට ලොකුවට බලපානවා වගේම වේදනාවන් වලට සංවේදී වෙනවා. වතුර බිව්වොත් ඕවා සෑහෙන්න අඩු වෙනවා...
.
හොඳම scene එක මචං මූණට එළියක් එනවා... 😘 හමේ පැහැය ලස්සන වෙනවා... මොකද අපෙ ඇඟේ වැඩි හරියක් තියෙන්නෙ වතුර... ඉතිං විජලනය වෙන එක හමට නරක විදිහට බලපානවා... සමහර වෙලාවට නෑවත් ඇඟ කහනවා... 🙄 හම මලානික වෙනවා... වේලෙනවා වගේම අර කොරපොතු හැදෙනවා හම ගොරෝසු වෙනවා... වතුර බිව්වොත් මේ ප්රශ්න නෑ...වතුරෙන් හමේ තෙතමනය ඇති කරනවා... 🤗 සුමුදු කරනවා වගේම රැලි වැටීම් නැති කරනවා... කොටින්ම උඹ ලස්ස්සන වෙනවා... 😍
.
#ඉතිං #ප්ලීස් #මචං #වතුර #බොන්න #එපා... #උඹ #ලස්සන #වුණොත් #මට #ඉරිසියයි 😜
.
...::: © විලෝචනා :::...

...::: කොලිවුඩ් ස්ටයිල් :::...

🤗
මට ආසයි...
හීතල හවසක...
හෙමින් හෙමින්,
හන්තාන පාමුළට,
චුරු චුරු වැස්ස පටන් ගත්තම...
උඹ එක්ක... 😘
මගෙ පුංචි කාමරේ...
ඇඳ උඩ...
මගෙ සිනිදු බූල් ශීට් එකෙන් 😍
කකුල් පෙරවගෙන,
රස කිරි කෝපි එකක් බිබී 
උණු උණු වෙජි බර්ගර් එකක් කන ගමන් 🍔
උඹට හේත්තුවක් දාගෙන 🤭
හොඳ දෙමළ ෆිල්ම් එකක් බලන්න... 😜
.
උඹෙ ඉංගිරීසි හොලිවුඩ් කතා වගේ නෙවේ 😏
ෆයිට් වලදි ගැම්මෙන් බල බල 🧐
එපා වෙන ජෝක් වලට,
බඩ අල්ලං හිනා වෙන්න... 😂
දරා ගන්නම බැරි තැන...
ෆිල්ම් එක ඩිංගකට නවත්තලා...
පෙරලි පෙරලි හිනාවෙන්න... 🤣
.
මෙලෝ හසරක් නොතේරෙන,
අත් අල්ලං ගස් වටේ කැරකෙන,
දිගට ඇදෙන සින්දු බෝරිං තැන... 🙄
ඒවා මග ඇරලා...
සුපිරි හරිය සුපිරිම විදිහට බලන්න... 😍
.
ෆිල්ම් එකේ නම වත්,
උච්චාරණය කරගන්න නොදන්න තැන, 😂
අණ්ඩර දෙමළෙන් හරි 🙄
දිව උලුක් වෙන අම්බ පචේකින් හරි 🤭
නමක් මවලා 😜
ෆිල්ම් එක ගැන දොඩවන්න 😂
.
බලල ඉවරවෙලත් 🤭
සති ගාණක් යනකල්...
පුංචි ආතල් දෙබස් මතක් කර කර,
අපිට සෙට් වෙන තැන් වලදි,
ඒවා කිය කිය... 😜
උඹව...
ඉඳලා හිටලා හරි...
කොලිවුඩ් ස්ටයිල් එකෙන්...
හිනස්සන්න... 😂
.
...::: © විලෝචනා :::...

...::: කඩුපුල දෙ වස් පෙර සදහට මිලින වුණ :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
❤️ අප්පච්චී ❤️
.
එනකල් බලං කඩුගන්නාවෙන් උඩට
හිටියා නම් කෙනෙක් ඔබ මිස වෙන කවුද
මග දිග දුරකතන ඇමතුම් දෙන අතර
දැන් කොයි කොහිද අසනා තවෙකෙක් කොහිද
.
කිරිදුව විශ්වවිද්යාලේ සිට ගෙදර
හුඟ කාලෙකින් එන බැව් දැන සතුටු සිත
එන එන අයට පවසා තතු නොපමාව
කුස්සිය සුවඳ කරවයි රස මසවුලින
.
කුස්සියෙ දොරෙන් ගෙට ගොඩ වෙන කනිසමට
ඉස්සර නම් දුටිමි ප්රියතම ඒ දසුන
හැඳගෙන රජෙකු මෙන් මා දුන් රතු සරම
දුටු සැන අනේ මල් පූදයි මුහුණ වට...
.
සිය වැඩ පසෙක ලා රත් කර වතුර ටික
පුරවා කෝප්පය හැදු රස කිරි තේක
කිරි දුව කියා අමතා උඩ තට්ටුවට
නැති තැන අනේ ගෙන එයි කාමරේටම
.
කොයි ලොව සිටියමුත් රෑ වෙන කණිසමට
විමසා තතු කියයි ඔහුගේ දවස ගැන
කාසි සොයන දැඩි ගත මුදු හිත වෙහෙස
අප්පච්චී පුදුම මට නුඹෙ විරිය ගැන
.
පොඩි අවදියෙ පටන් පෙම් බැඳි ගිටාරය
මගෙ මුලු දිවිය වෙනස්ම පැහැයෙන් ඇන්ඳ ගෙනවිත් තනිය පාලුව මැකු තත් සයට
පෙම් බැඳි පිනක් වෙද ඒකත් හිමි නුඹට
.
කියවා ලියා නිම කරනට නුඹෙ කවිය
සංසාරෙම මදිනෙ අප්පච්චී මෙමට
එළිසමයක් නොරැක ලියුවත් මගෙ හැඟුම
කම් නෑ අකුරු කෙරුණා නම් නුඹෙ වරුණ
.
පින් කෙත සඳ මඩල මා දිය කඳ පුරන
උල්පත ඇරඹි නුඹ මා නිල් කඳු මුදුණ
සැලකර පුවත මගෙ හීනෙම සසල වන
කඩුපුල දෙ වස් පෙර සදහට මිලින වුණ
.
...::: © විලෝචනා :::...
 
Tuesday, October 2, 2018

...::: ඔය හිතට නම් යන්න දෙන්නෑ මචං :::...

'❤️
පෙනුම නම් අහිංසක
හය හතරෙ සයිස් එක 😲
නෑ කිසිම හිරි ඔතප්
කියවද්දි නම් 😂
.
ඇස් අගින් හීන් වෙන
හීනියට හිනාවෙන 🤗
සිරියාව දෝරෙ යයි 
ඔය පිනට බං 😍
.
කොච්චරත් කොලොප්පම
ඔච්චමින් අඩු නොවම 😜
තත්පරෙන්  තත්පරේ 
විය අතරමං 🙄
.
පෙර පිනට නෙත ගැටුණ
සින්නක්කරෙන් බැඳුණ 🤫
ඔය හිතට නම් යන්න 
දෙන්නෑ මචං 🤭
.
...::: © විලෝචනා :::...'

❤️
පෙනුම නම් අහිංසක
හය හතරෙ සයිස් එක 😲
නෑ කිසිම හිරි ඔතප්
කියවද්දි නම් 😂
.
ඇස් අගින් හීන් වෙන
හීනියට හිනාවෙන 🤗
සිරියාව දෝරෙ යයි
ඔය පිනට බං 😍
.
කොච්චරත් කොලොප්පම
ඔච්චමින් අඩු නොවම 😜
තත්පරෙන් තත්පරේ
විය අතරමං 🙄
.
පෙර පිනට නෙත ගැටුණ
සින්නක්කරෙන් බැඳුණ 🤫
ඔය හිතට නම් යන්න
දෙන්නෑ මචං 🤭
.
...::: © විලෝචනා :::...