Pages

Saturday, September 29, 2018

...::: අවැසි දේ :::...


තේරු දවසට දෙවොල ඇද්දා,
සීනිගම් දෙවි ළඟදි යැද්දා,
හමු වුණේ නෑ පැතූ කිසිවක්,
ලැබුනේ නෑ නොව දෙව් වරම්... ! 😥
.
දන්ත ධාතුව මලින් පිදුවා,
සිරි පතුල ළඟ නළල ගැසුවා,
රුවන්වැලි, සිරි මහා බෝධිය,
ඉවත දැමු සැටි මගෙ පැතුම්... ! 😒
.
ගැටඹෙ බෝ, වැල් බෝධි පෙන්නා,
දිය කපද්දී සාදු දුන්නා,
දෙවොල් දළදා දෙ පෙරහැර දැක,
පුරෝගත්තත් පින් හැඟුම්... ! 🤨
.
හිතේ සැකයක් මටම දැණුනා,
කලෙව් පින් කඳ ගඟෙයි සිතුණා,
අනේ නෑ කිසි සරණකට දොස්,
වැරදුණේ මට මගෙ යැදුම්... ! 🤔
.
පින්න විද හිරු කිරණ ඇදුණා,
දේව දුන්නක 🌈 ඔහුව මැවුණා 😍
තුන් හිතින් වත් පතා නැති රුව,
හිමිවුණේ නොසිතූ සැණින්... ! 🤗
.
ඔහුව නෙත් අභියසේ පෙන්නා,
කල පිනෙන් මට ඔහු ම දුන්නා,
පැතුම වැරදියි යැදුව කිසිවක්,
හිටීවිද හොඳකට ඉතිං... ! 😂
.
මටත් නොදැනී මටම ගලපා,
ඔහුව දුන්නේ නුඹේ තෙද පා,
දෙවියනේ මට අවැසි දේ,
මට වඩා නුඹ දැනගෙන ඉටිම්... ! 🤭
.
...::: © විලෝචනා :::...
.
( ඔයා නිවැරදි ඇති... ඔයා පව් නොකරනවා ඇති...ඔයා ගොඩක් පින් කරනවා ඇති... ඒත් හැමදාම වරදිනවා... කිසි දෙයක් හරි යන්නෙ නෑ... ලැබෙන්නෙ නෑ... අන්තිමේ ඔයා දෙවියෝ වඳිනවා... බෝධි වඳිනවා... ඒ ඔය හිත සැහැල්ලු කරගන්න... ඒත් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ... කමක් නෑ... ඔය පාරෙ වරදක් නොකර ඔය විදිහට දිගටම යන්න... පින් කරන්න. දවසක පෙර අකුසල් පල දීලා ඉවර වෙයි. අන්න එදාට... සමහර අය අපෙ ජීවිත වලින් ගැලවිලා යයි. මහ දුකක් දීගෙන සමහර දේවල් අපිට නැති වෙයි...
.
හැබැයි ඒවා නැති වුණාට දුක් වෙන්නෙ නැතිව පොඩ්ඩක් සොබාදහමට ඉඩ දීලා සද්ද නැතුව බලං ඉන්න... කෙනෙක් නැති වෙන්නෙ ඊට වඩා හොඳ කෙනෙක්... අපිට උරුම, අපිව උරුම කෙනෙක් ලැබෙන්න වෙන්න පුළුවං... අපි ඉල්ලන සමහර දේවල් අපිට ගැලපෙන්නෙ නෑ... සොබාදහමෙන් එතකොට අපෙ කර්මය අනුව සුදුසුම දේ අපිට දෙනවා... එදාට ඔයාට තේරෙයි... ඔයා ඉල්ලන කිසි දෙයක් ලැබුණෙ නෑ නෙවෙයි... 🤨ඔයා හරි දේ ඉල්ලුවෙ නෑ කියලා 🤭)

...::: trustworthy pharmacists :::...

🌈
Your Parents !!!
Are My Personal, trustworthy pharmacists...
For they guaranteed my lifelong Happy Pill...
And Issued only for me... 😍
.
...::: © ViLoCHaNa :::...

Friday, September 28, 2018

...::: ප්‍රේමනීය හෙජමනිය :::...


කඩු කිණිසි යදම් විරහිතව,
නුුඹේ දෘෂ්ටිවාදය,
මාගේ ආත්මීය දැක්මක් ලෙස,
තහවුරු කලා වූ ...
නුඹ බලපවත්වන ප්‍රේමනීය හෙජමනියට...
මා අවනත වුණු වගයි !!!

Tuesday, September 25, 2018

...::: ඇය :::...

'❤
පැන අප මැද්දටම,
වාඩි වී ඇය නුඹෙ ඇලීගෙන,
අසන අසනා පැනයට,
අනේ පිළිතුරු බඳින ලස්සන... 🤗
.
හුරතල් දෙබසකට,
සවන් දෙන මට පේන සෙනෙහස,
ආදරෙන් රස වින්ඳට,
ඉරිසියා නැත්තෙමත් නෑ මට... 🤭
.
යන්න පෙර මොහොතට,
දැක ඇ නළලත තැබුව හාදුව,
සිතුණානෙ මසිතට,
අනේ මට නැද්දැයි අසන්නට... 😂'


පැන අප මැද්දටම,
වාඩි වී ඇය නුඹෙ ඇලීගෙන,
අසන අසනා පැනයට,
අනේ පිළිතුරු බඳින ලස්සන... 🤗
.
හුරතල් දෙබසකට,
සවන් දෙන මට පේන සෙනෙහස,
ආදරෙන් රස වින්ඳට,
ඉරිසියා නැත්තෙමත් නෑ මට... 🤭
.
යන්න පෙර මොහොතට,
දැක ඇ නළලත තැබුව හාදුව,
සිතුණානෙ මසිතට,
අනේ මට නැද්දැයි අසන්නට... 😂

Monday, September 17, 2018

...::: රස්සාව :::...

'❤
මට ඕනෙ 
උඹ ගැනම හිත හිත ඉන්න පුළුවං,
රස්සාවක්... 🤔
පුටුවක ඉඳං,
මේසයක් උඩ...
උඹෙ පින්‍තූර කඩදහි පුරෝගෙන... 
උඹ ගැන ම,
ඔලුවෙ අත ගහගෙන, 🙄
කල්පනා කර කර ඉන්න පුලුවන් රස්සාවක්... 
උදෙන් ම වැඩට ඇවිත්,
පුලුවං උපරිම ඕ.ටී කරලා... 🤭
පරක්කු ම වෙලා ගෙදර යන්න... 
ගෙදර ගිහිනුත්... 
ඒ ලිපිගොනු ම බදන් ඉන්න...

වේතන නැතුව හරි,
මගෙ හිතේ,
ස්වේච්ඡාවෙන්ම,
විශ්‍රාම ගිහිනුත්... 😂
ආයෙ ආයෙ ඇවිත්,
වැරදි හදලා යන්න... 

කොච්චර වැඩ කලත්,
මහන්සි බිඳක් නොදැනෙන... 
උඹෙ මතක පොදි ගැහුණු...
මේ ලෝකෙ මෙතෙක් බිහි නොවුණු,
සුන්දර ම රස්සාව කරන්න... 😍

ඉල්ලන්නෙ මෙච්චරයි... 
සුදුසුකම් ෆයිල් වල ගැටගහලා,
මුතු අකුරෙන් ලියලා ගෙනාවෙ නැතුවට... 
කමක් නෑ... 
ඉන්ටර්වීව් පාස් කරන්න... 😘
ප්‍රොබේෂන් පීරියඩ් එකේ 
අඩුවක් වුණොත්...
ඉල්ලා අස් වෙලා...
පාඩුවෙ යන්නම්,
දෝෂාරෝපණය නැතුවම... 🤭
.
...::: විලෝචනා :::...'


මට ඕනෙ
උඹ ගැනම හිත හිත ඉන්න පුළුවං,
රස්සාවක්... 🤔
පුටුවක ඉඳං,
මේසයක් උඩ...
උඹෙ පින්තූර කඩදහි පුරෝගෙන...
උඹ ගැන ම,
ඔලුවෙ අත ගහගෙන, 🙄
කල්පනා කර කර ඉන්න පුලුවන් රස්සාවක්...
උදෙන් ම වැඩට ඇවිත්,
පුලුවං උපරිම ඕ.ටී කරලා... 🤭
පරක්කු ම වෙලා ගෙදර යන්න...
ගෙදර ගිහිනුත්...
ඒ ලිපිගොනු ම බදන් ඉන්න...

වේතන නැතුව හරි,
මගෙ හිතේ,
ස්වේච්ඡාවෙන්ම,
විශ්රාම ගිහිනුත්... 😂
ආයෙ ආයෙ ඇවිත්,
වැරදි හදලා යන්න...

කොච්චර වැඩ කලත්,
මහන්සි බිඳක් නොදැනෙන...
උඹෙ මතක පොදි ගැහුණු...
මේ ලෝකෙ මෙතෙක් බිහි නොවුණු,
සුන්දර ම රස්සාව කරන්න... 😍

ඉල්ලන්නෙ මෙච්චරයි...
සුදුසුකම් ෆයිල් වල ගැටගහලා,
මුතු අකුරෙන් ලියලා ගෙනාවෙ නැතුවට...
කමක් නෑ...
ඉන්ටර්වීව් පාස් කරන්න... 😘
ප්රොබේෂන් පීරියඩ් එකේ
අඩුවක් වුණොත්...
ඉල්ලා අස් වෙලා...
පාඩුවෙ යන්නම්,
දෝෂාරෝපණය නැතුවම... 🤭
.
...::: විලෝචනා :::...

Tuesday, September 11, 2018

...::: කොල්ලෙක් :::...

'♥️ 
අනේ නිකං බොරු කියන්න ඕනෙ නෑනෙ... 

මට ඕනෙ මගෙ අප්පච්චිගෙ පාරෙ ගිය මගෙ අයියලා දෙන්නා වගේම කොල්ලෙක්...
එයාලා වගේම කන්න කොහෙට ගියත්, ප්ලේස් එක සයිවර් ද පොශ් ද කියන එක නෙවෙයි... 
තැනට සුදුසු විදිහට නීට් එකට ඉඳගෙන කන්න දන්න කොල්ලෙක්... 
.
මට ඕනෙ මගෙ අයියලා දෙන්නා වගේම...
හෙන ලොකුවට විභාග පාස් කරපු සුදු ලස්සන උගත් මහත්තයෙක් තමයි... 
හැබැයි ඒක ඔලුව උඩ තියාගෙන ඉන්නෙ නැතුව... පිස්සුවක් කෙලින්න ඕන වෙලාවට... මං එක්ක හිතුමතේ කන බොන ඇවිදින කෑ ගහන, විහිලුවක් කරන් ජීවිතේ විඳින්න පුලුවං කොල්ලෙක්...
.
මං ලස්සන කෙල්ලෙක් පෙන්නුවොත්... මූනිච්චාවට කැතයි කියලා මං නැති වෙලාවට කෙල්ලො දිහා බලන කොල්ලෙක් නෙවෙයි... මං ඉද්දිම බය නැතුව ලස්සන දේ අගය කරන කොල්ලෙක්... 
.
සුදු ෂර්ට් එකට බාටා බැරිනම් සපත්තු බැරි නම් මොකක් වුණත් කමක් නෑ... පිළිවෙලට ඇඳෙගන ඇවිත් මාත් එක්ක පන්සල් ගිහින් අත් එකතු කරලා වැඳලා... අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරන කොල්ලෙක්...
.
පොෂ් ද හයි ෆයි ද මොන ලයිෆ් එකක් ගෙව්වත්... මං නිසා සම්පූර්ණෙන් වෙනස් නොවී... මං එක්ක ඉන්න වෙලාවට ඕන කැලේක, ඕන දිය ඇල්ලක, ඕන කන්ඳක ලස්සන විඳින්න දකින්න පුලුවං කොල්ලෙක්... 
.
වැරදි අඩු පාඩු කියලා හදාගන්න බැරි නම්... බොරුවට උඩින් සතුටින් බව පෙන්නලා ජීවිත වරද්ද ගන්නෙ නැතුව, රවට්ටන්නෙ නැතුව අවංකවම ඒක කියලා කෙලින් තීරණයක් අරං අයින් වෙන්න හයිය තියෙන කොල්ලෙක්... 
.
මමයි කෙනා කියලා තේරුම් ගත්තා නම්... මොන ප්‍රශ්නෙ ආවත් හිනා වෙලා එකට ජීවිතේට මූණ දෙන්න පුළුවං කොල්ලෙක්... 
.
♥️ කොල්ලෙක් !!! 🤭'

♥️
අනේ නිකං බොරු කියන්න ඕනෙ නෑනෙ...

මට ඕනෙ මගෙ අප්පච්චිගෙ පාරෙ ගිය මගෙ අයියලා දෙන්නා වගේම කොල්ලෙක්...
එයාලා වගේම කන්න කොහෙට ගියත්, ප්ලේස් එක සයිවර් ද පොශ් ද කියන එක නෙවෙයි...
තැනට සුදුසු විදිහට නීට් එකට ඉඳගෙන කන්න දන්න කොල්ලෙක්...
.
මට ඕනෙ මගෙ අයියලා දෙන්නා වගේම...
හෙන ලොකුවට විභාග පාස් කරපු සුදු ලස්සන උගත් මහත්තයෙක් තමයි...
හැබැයි ඒක ඔලුව උඩ තියාගෙන ඉන්නෙ නැතුව... පිස්සුවක් කෙලින්න ඕන වෙලාවට... මං එක්ක හිතුමතේ කන බොන ඇවිදින කෑ ගහන, විහිලුවක් කරන් ජීවිතේ විඳින්න පුලුවං කොල්ලෙක්...
.
මං ලස්සන කෙල්ලෙක් පෙන්නුවොත්... මූනිච්චාවට කැතයි කියලා මං නැති වෙලාවට කෙල්ලො දිහා බලන කොල්ලෙක් නෙවෙයි... මං ඉද්දිම බය නැතුව ලස්සන දේ අගය කරන කොල්ලෙක්...
.
සුදු ෂර්ට් එකට බාටා බැරිනම් සපත්තු බැරි නම් මොකක් වුණත් කමක් නෑ... පිළිවෙලට ඇඳෙගන ඇවිත් මාත් එක්ක පන්සල් ගිහින් අත් එකතු කරලා වැඳලා... අපි වෙනුවෙන් ප්රාර්ථනා කරන කොල්ලෙක්...
.
පොෂ් ද හයි ෆයි ද මොන ලයිෆ් එකක් ගෙව්වත්... මං නිසා සම්පූර්ණෙන් වෙනස් නොවී... මං එක්ක ඉන්න වෙලාවට ඕන කැලේක, ඕන දිය ඇල්ලක, ඕන කන්ඳක ලස්සන විඳින්න දකින්න පුලුවං කොල්ලෙක්...
.
වැරදි අඩු පාඩු කියලා හදාගන්න බැරි නම්... බොරුවට උඩින් සතුටින් බව පෙන්නලා ජීවිත වරද්ද ගන්නෙ නැතුව, රවට්ටන්නෙ නැතුව අවංකවම ඒක කියලා කෙලින් තීරණයක් අරං අයින් වෙන්න හයිය තියෙන කොල්ලෙක්...
.
මමයි කෙනා කියලා තේරුම් ගත්තා නම්... මොන ප්රශ්නෙ ආවත් හිනා වෙලා එකට ජීවිතේට මූණ දෙන්න පුළුවං කොල්ලෙක්...
.
♥️ කොල්ලෙක් !!! 🤭
 

Tuesday, September 4, 2018

...::: හෙව්වා මං එක හිතක් :::...

'♥️
හෙව්වා මං එක හිතක්,
එකම එක හීනෙක,
තරු පිරුණු අහස යට,
එකම එක දවසක්.................................. 🙄
පුංචි කූඩාරමක,
හීතලට ගිණි තපින,
මට බැඳුණු මං බැඳුණු,
එකම එක පපුවක්............... 😍

එකින් එක තත් වයා,
ගිටාරය හඬවද්දි,
දැණුනෙ මට නේක වර,
ගැයු සොඳුරු ගීයක්...... 😘
ඒ උකුලෙ වාඩිගෙන,
ඔහුට පිටුපා ගයන,
මගෙ ස්වරය නෑහේවි,
ඒ සුසුම් වැදුණොත්......... 🤫

ගිටාරෙන් රිදුණු තුඩු,
ඇඟිලි දෙකොපුල් පුරා,
හෙමින් නලියන විටෙක,
හුරතලෙන් හිනැහී..................... 🤭
දස වසක් පුරා හිත,
දුටු සිහිනෙ සැබෑ කල,
ඒ හිතට විශ්වයෙම,
ස්නේහෙ හිමි කරමී.................................. 😍
.
...::: © විලෝචනා :::...'

♥️
හෙව්වා මං එක හිතක්,
එකම එක හීනෙක,
තරු පිරුණු අහස යට,
එකම එක දවසක්.................................. 🙄
පුංචි කූඩාරමක,
හීතලට ගිණි තපින,
මට බැඳුණු මං බැඳුණු,
එකම එක පපුවක්............... 😍

එකින් එක තත් වයා,
ගිටාරය හඬවද්දි,
දැණුනෙ මට නේක වර,
ගැයු සොඳුරු ගීයක්...... 😘
ඒ උකුලෙ වාඩිගෙන,
ඔහුට පිටුපා ගයන,
මගෙ ස්වරය නෑහේවි,
ඒ සුසුම් වැදුණොත්......... 🤫

ගිටාරෙන් රිදුණු තුඩු,
ඇඟිලි දෙකොපුල් පුරා,
හෙමින් නලියන විටෙක,
හුරතලෙන් හිනැහී..................... 🤭
දස වසක් පුරා හිත,
දුටු සිහිනෙ සැබෑ කල,
ඒ හිතට විශ්වයෙම,
ස්නේහෙ හිමි කරමී.................................. 😍
.
...::: © විලෝචනා :::..