🌼 ඔයාටත් ඉන්නවද?
.
කට හැකර, අලි පණ්ඩිත, බහුස්රැත නංගි කෙනෙක්???
.
එයාගෙ වැරදි හංගලා සිල් ගත්තා වගේ ඉන්න,
සෙට් වෙලා හොරෙන් කන වෙලාවට සද්ද නැතුව කාලා එයාට ඕනෙ නැති වෙලාවට අපි හොරෙන් කෑවා කියලා අම්මිට මාට්ටු කරන,
කොයි වෙලෙත් ඇඳුම් සපත්තු ආභරණ ටිකට ඇහැ ගහගෙන ඉන්න,
කොච්චර උදව් කලත් කිසි මෙව්වා එකක් නැති,
අපිටත් අම්මි එක්ක එකතු වෙලා බැන බැන ලොකු වදන් දෙන,
ඒ වුණාට ඔලුව කපලා බැලුවම... නුවර ඔර්ලෝසු කනුව ළඟ Tunnel එක අස්සෙ වගේ... Phone, කොණ්ඩ කටු, සෙන්ට් පවුඩර්, මාල මුදු වගේ සුකුරුත්තම් ඇරෙන්නෙ වෙන මොකුත් හරවත් දෙයක් නැති,
කටු මිටිය වගේ හිටියට යගුලිය වගේ හයිය,
.
.
.
හැබැයි !!!
.
.
.
අවුරුදු 20ක් වෙලත් Post Office එකට තනියම ගිහිං ලියුමක් register කරගන්න බැරි,
Application එකක් පුරවගන්න බැරි,
සීනි බෝතලේ මූඩිය තද වුණාම ඒක ඇරගන්න අත පණ නැති...
Class එකේ වලි ගියාම අක්කා මතක් වෙන,
Town එකට තනියම ගිහිං වැඩක් කරගන්න ඕන වුණාම අර පණ්ඩිතකම පස්සහ දොරෙන් පන්නලා...Child Version Mask එක පැළඳගෙන,
තවමත් පූර්ව ළමා වියේ කෙනෙක් වගේ හැසිරිලා අම්මි ළඟ හුරතල් වෙලා අඬලා,
දත් කැකුළු පාලා, බොළඳ බස් දීලා,අපිට කෙලවලා... මගේ සියොළඟ දැලි ගාලා...අම්මි ලවා කියවලා මටම කියලා වැඩේ කරාගන්න...මහ පුදුමාකාර ජීවියෙක්...
.
අතිශය වේදනාවට කරුණ නම් එයගේ ඒ වයසෙදි අම්මි අපිටවත් කිව්වෙ නැති දෙබස් එයා ගැන කියන්නෙ...
"පොඩියිනෙ තවම... එයාට තේරෙන්නෙ නෑ 😂" අපි මොන වැඩේ කරලා, මොන අපහසුතාවෙන් හිටියත්, හෙන ගැහුවත් ඇහැරෙන්නෙ නැති තද නින්දෙ හිටියත් ඇයට ප්රමුඛතාව දීමට සිදුවීම තමයි පරම්පරාවෙ සම්ප්රදාය... ඒක ලොකු අත්තගෙ අණ 😂
.
මේකට එක විසඳුමයි තියෙන්නෙ...
.
පරණ බේසම්, පරණ වොෂිං මැශින්, යකඩ බඩු, යකඩ කෑලි, ප්ලාස්ටික් බඩු එක්ක නංගිත් දීලා අලුත් බේසමක් ගන්න ඉන්නෙ 😂 දෙන්න බැරි වෙන එකක් නෑ වැඩ තනිකර පරණ ජුකී මැශිමක් වගේ... පෙනුම ඇණයක් වගේ... 😂😂😂