Pages

Sunday, December 16, 2018

...::: Visualization :::...


When I found you...
Simultaneously,
I found...
An "Audio to Video" Converter... 🤭
So...
When you sing...😘
When you play your guitar... 😍
When you talk... 🙄
And even when you are Silent... 😳
It gives free HD videos... 🤭
Sometimes as 1080p 🤣
Sometimes in GIF mode... 😍
To store this massive memory, 🤔
My heart started...
'Data stockpiling'... 😂🔫
Instead of 'blood-pumping' 🤭
.
...::: © Vilochana Abeykoon :::...

Wednesday, December 12, 2018

...::: එනු මැන තනියි පෝරුවෙ දෝණිට බොහොම :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.
❤️
ගිය දා අතැර මං තනිකර මේ දියතේ
මොහොතකටවත් දුක නොවුණිද නුඹේ හිතේ
උණුහුම හොයන් මං එද්දී කොණක නෙතේ
නිසලව උන්නු හැටි දැක සවි නොවුණි ගතේ
.
මං ලොව ඇදහු එකමෙක ඒ පිරිමි හිත
සෙනෙහෙන් මා හදා රැකගත් එකම ගත
හැරගියෙ තනිව හැදියන් යැයි දා ඉවත
අප්පච්චී නුඹත් ගියෙ නම් අන් කෙවත
.
දවසක් හොඳට මතකයි අසනීප වුණ
සෙම්, හිස රුදා මට කියමින් නුඹ තැවුණ
ඇල්ලුවෙ නැතිද දුම් ඩිංගක් ඇසු පමණ
නැති බව පවසලා ඇඳටම යලි වැටුණ
.
සැනෙකින් වතුර ඩිංගිත්තක් උණු කරවා
ගෙනැවිත් තියා දුම් අල්ලන්නට කියවා
බිම ඉන්ඳවා රෙදි කඩ හිස මත පොරවා
මතකද කිරිදෝණි නුඹටත් අණ කෙරුවා
.
සහසක් සෙබලු එක අණකින් සලිත වන
තරමට තද වුණත් නුඹෙ සවි නෑ එදින
නුඹෙ දැඩි ගතේ සැඟවී උන් බිළිඳු මන
දැක සුසුමක් හෙලිමි අනුකම්පා පිරුණ
.
ඉහලට හුස්ම පහලට එය මගෙ අණය
මදි මදි තව ඉන්න ඒකත් මගෙ අණය
සහසක් අණින් සල්ලම් කල නුඹේ ඔය
හිත සල්ලං කලේ කිරි දෝණිගෙ බස් ය
.
අද ඇයි මුරණ්ඩුව ඉන්නේ ගිය තැනම
ආවොත් කියන්නම් රහසුත් පෙර සේම
කරනෙමි අණ නුඹට ගිය තැනකින් වහම
එනු මැන තනියි පෝරුවෙ දෝණිට බොහොම
.
© විලෝචනා
 — feeling meh

...::: මෝටර්සයිකලේ :::...



'❤️❤️❤️ මෝටර්සයිකලේ 🏍️ ❤️❤️❤️
.
තෙමෙන කරවෙන ගැහෙන වෙව්ලන,
දූවිලිත් කන ආදරෙන්... 🤭
හරිම කැමතියි ජැකට් නොව,
මොන බැම්ම හැදුවත් නුඹ ළඟින්... 🤗
බදා දෙඋරම ඉඳිමි හයියට,
ගැම්මෙ තනියම එලවපං... 💪
උඹේ තනියට දීලා මොර මගෙ,
උගුරෙ පොට යයි රත්තරං... 😂
.
© විලෝචනා'

❤️❤️❤️ මෝටර්සයිකලේ 🏍️ ❤️❤️❤️
.
තෙමෙන කරවෙන ගැහෙන වෙව්ලන,
දූවිලිත් කන ආදරෙන්... 🤭
හරිම කැමතියි ජැකට් නොව,
මොන බැම්ම හැදුවත් නුඹ ළඟින්... 🤗
බදා දෙඋරම ඉඳිමි හයියට,
ගැම්මෙ තනියම එලවපං... 💪
උඹේ තනියට දීලා මොර මගෙ,
උගුරෙ පොට යයි රත්තරං... 😂
.
© විලෝචනා

Sunday, December 9, 2018

...::: හුරුවෙයන් කාගෙවත් අනුකම්පාවට ලක් නොවී ඉරිසියාවට ලක් වෙන්න :::...

'🤔🤔🤔🤔 ඔයාටත් හිටියද? ඉන්නවද? 🙄
.
පාරෙ යද්දි අඳුරන අය ඉස්සරහට එද්දි අත අතාරින 😒

සෝදිසි කරලා බලද්දි ඔයා එයාගෙ යාලුවෙක් විතරයි කියලා හැමෝටම කියලා තියන 🙄

ඔයා ඉස් මුදුණෙ තියං නලවද්දි එයා වෙන අය නළවන 😡

ඔයාගෙ ආදරේට තියෙන වටිනාකම බින්ඳුවට දාලා ඔයා ඉද්දිම තව අය පස්සෙ වැටුණ 😫

ඔයා ගොඩාක් හොඳයි කිය කිය එයා හැදෙන්නෙ නැති 🤨

එයාට කවුරු හිටියත් ඔයාට තමයි එයා ආදරේ කියලා අනික් අය සනසන 😜

මං ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා යන්නත් නොදී ඉන්නත් නොහිතෙන තැනට වැඩ කරන 🤐

හැම තිස්සෙම නිදහසට කාරණා කිය කිය කාර්‍යබහුල බව අඟවන, ඒත් online ඉන්න 😏

ඔයාගෙ රූපෙ වැඩක් නෑ ගතිගුණ තමයි වටින්නෙ කිය කිය හතර වටේ යන ලස්සන අය දිහා ඉස්සෙක් වගේ ඇහැ කරකවලා බලන 🤣

ඔයා එයා වෙනුවෙන් කරන දේවල් සත පහකට මායිම් කරන්නෙ නැති 🙄

ප්‍රශ්න කියන්න විතරක් ඔයාට කතා කරන, දුකින් ඉද්දි විතරක් ඔයාව මතක් වෙන, 🤨

වාසියකට විතරක් ඔයා ලඟ ඉන්න... 😒

අනේ මට ඔයාව කලින් හම්බුණා නම් ඔයාගෙ වෙන්න තිබුණා කියලා බොරු වදන් දෙන 🤭

එක්කො හැම දේටම බොරුවට සැක කරන, හේතු හදාගෙන තරහ වෙන 😫

කට ඇරියොත් බිම එළලා වගේ බොරු කියන... බොරු කරන... 🤥

ඔයාට මානසිකව, වාචිකව, ශාරීරිකව පීඩා කරන 😡🤬

කොටින්ම ආදරේ මුවාවෙන් ඔයාට නොදැනීම ඔයාගෙ ජීවිතය කාලය වටිනාකම් සේරම විනාස කරන 🤪

............................කෙනෙක්???

😒😒😒😒😒😒😒😒😒
.
එහෙනම් දැන් සමාජෙ අය වැරදියට හිතයි, එයා කොහොම වුණත් එයා හැදිලා එනකල් මං ඉන්නවා, මං වැරදි කරන්නෙ නෑ මම එයාට උදව් කරනවා, එයා දවසක මාව තේරුම් ගනී...  වගේ බොරු ඔයාටම කියාගන්න එක නවත්තන්න... 🤚🤨

මිලියන තිහකට වඩා සත්ව විශේෂ ඉන්න ලෝකෙ ඔයා මනුස්සයෙක් වෙලා ඉපදුණා. පිනක් දහමක් කරගන්න හැකියාව තියෙන උසස් මනසක් තියෙන දුර්ලභ මනුස්සයෙක් විදිහට ඉපදිලා, ඔයාට තියෙන වටිනම හැඟීම ඔයා එහෙම කෙනෙක් වෙනුවෙන් ද පූජා කරන්න හදන්නෙ??? 🤨

එපා බං! එයා දවසක තේරුම් ගනී පසු තැවෙයි කියලා හිත හිත එයාට පාඩමක් උගන්නන්න හදන්න එපා. කාටවත් පාඩම් උගන්නන්න ඔයගෙ ජීවිතේ වැය කරන්න ඕනෙද? 🤔

එයා නිතරම ඔයාට හොඳ කියනවා, ඔයාව අගය කරනවා... ඒ නිසා ඔයා ඒ හොඳ කම රැකගන්න එයාගෙ වැරදි ඉවසන් දිගටම ඉන්නවා. ඔයා හොඳ නම් ඒක ඔයාගෙ හොඳ වටිනාකමක් මිසක් එයා ඔයාට අමුතුවෙන් මුරුංගා අත්තෙ තියලා කියන්න ඕනෙ දෙයක් නෙවෙයි. ඔයා හිතන්න ඕනෙ එයා වගේ කෙනෙක්ට අර වටිනම හැඟීමදෙන්න මොනවද භෞතිකව වගේම මානසිකව එයාට තියෙන සුදුසුකම් කියන දේ... 🙄

අනික එයා තීරණයක් දෙනකල් බලන් ඉන්න එපා... ආදරය, විවාහය, යාලුකම් ගැන තීරණ එයාට ගන්න දීලා බලන් ඉන්නෙ ඇයි... ඔයාගෙ තීරණේ ඔයයි ගන්න ඕනෙ. එයාට ගන්න දෙන්න එපා. 🤨

අපි හැමෝම කාගෙ හරි කතාවක නරක කෙනෙක්. සමහර විට අපි දන්නෙත් නෑ. ඒත් ජීවිතේ ගැන කෙලින් හිතලා ගන්න එක තීරණය වටිනවා ජීවිතේ කොහෙදෝ මිරිඟුවක් පස්සෙ දුව දුව නන්නත්තාර වෙනවට වඩා... එක දෙයක් තෝරගෙන හරි පාරෙ ගියාට පව් සිද්ධ වෙන්නෙ නෑ බං. ඒ තීරණේ හිතලා ගනිං. කාලෙ නාස්ති කරගන්නෙ නැතුව. 😫

සම්බන්ධයක් තිබ්බෙ අවුරුදු 7,8 කියලා ඒකෙන් කාලය ආදරය මනින්න හෝ රැකගන්න බලන්න එපා. හොඳින් හිටිය, එකට හිටිය, අන්‍යොන්‍ය යහපතක් වෙච්ච, තම තමන් හරියට තේරුම් අරන් සතුටින් හිටිය දවස් ගාණ එකතු කරලා කාලෙ මැනපන්. තනියම දුක් විඳ විඳ ආතක් පාතක් නැතුව අවුරුදු 10ක් හිටියත් වැඩක්ද? 😒
.
අනන්ත මම දකිනවා ගොඩක් අය පැහැදිලිවම දෙන්නෙක්ගෙ ආදර පැටලවිල්ලක තුන්වෙනියෙක් වෙලා අතරමං වෙලා ඉන්න හැටි... දුක අහන්න, Time -  pass කරන්න... මෙහෙම තුන්වෙනියෙක් වෙලා ඉන්න එකෙන් ඔයාට ඔයාගෙ ජීවිතේට ඔයාම දෙන්නෙ නරක තැනක්... ඔයාවම බාල්දු කර ගැනීමක්... දෙන්නෙක් මැද්දෙ හිර වෙලා ඉද්දි අනේ ඔයා කලින් හම්බුණා නම් කියන අය... කලින් සම්බන්ධකම් පටන් ගන්නෙත් ඔයාට වගේම ආදරේ පෙන්නලා... ආශ්‍රය කරලා... නේද? කාගෙවත් තාවකාලික ප්‍රශ්න මැද්දෙ සදාකාලිකව අනාත වෙන්න එපා බං. උඹටත් ජීවිතයක් තියෙනවා. 😍
.
ඔයාට වටිනාකම කවුරුත් දෙන්නෙ නෑ. ඔයා ඒක හදාගන්න ඕනෙ. එතකොට අනික් අය ඒක දැකලා ඔයාට තැනක් දෙයි... තමන් මිසක් වෙන කාටවත් තමන් වෙනුවෙන් ඒ වටිනාකම් හදවන්නෙ නෑ. ඔයාම ඔයා මොන තත්වෙ කොහොම කෙනෙක් වුණත් ඒ වටිනාකම ඔයාට ඇති කරගන්න. 😍

කාගෙවත් අතකොලු වෙන්න එපා. කාගෙවත් spare wheel එකක් වෙන්න එපා. ඔයාට වටිනාකමක් නොදෙන කෙනා ළඟින් අයින් වෙන්න. හරි කෙනෙක් නැත්තං කාලයට ඉඩ දීලා බලං ඉන්න. 🤗
.
හරි දැන් අයින් වෙන්නෙ කොහොමද නේද කූඩැල්ලා වගේ ඇලිලා ඉඳලා??? 😂

ඉස්සෙල්ලා ඔයා වෙනුවෙන් සති 2ක් තියාගන්න. මතක ඇතුව ඔයා ගැන විතරක් හිතන්න. අනික් කෙනාට ඔයාගෙන් ඉඟියක් වත් යන්න තියන්න එපා. හොඳට කන්න බොන්න. ඔයාට ලස්සන වෙන්න ඕන දේවල් කරන්න. ඔයාගෙ සෞඛ්‍යයට හොඳ ව්‍යායාම වගේ දේවල් කරන්න. කාර්‍ය බහුල වෙන්න. හැබැයි එක මැසේජ් එකක් කෝල් එකක් හමුවීමක් තියා එක ලයික් එකක් නොටිෆිකේෂන් එකක් වත් අරයට යන්න බෑ හොඳද ??? ඔය අස්සෙ මතක් වුණොත් අඬපන්. කාටවත් කියන්න එපා තනියම අඬපන්. Notepad එකක දුක ලියලා ආයෙ මකපන්. කොලේක ලියල පුච්චපන්. කාටවත් දුක කියන්න එපා. 🙄

සෝෂල් මීඩියා වල දුක ලියන එක, දුක හිතෙන බනින වෛර සහගත පාඩම් උගන්වන, හින්ට් ගහන පෝස්ට් share කරන එක නවත්තපන්. කවුරුත් කැමති නෑ උඹෙ දුක අහන්න. අනික ඔය පෝස්ට් වලින් මිනිස්සු උඹව මනිනවා. උඹ බනින්න පාවිච්චි කරන වචන වලින් උඹටම චරිත සහතික හැදෙනවා.  ඒක තමයි තිත්ත ඇත්ත. උඹ ජොලියෙ හිටියොත් fun පෝස්ට් එකක් දැම්මොත් අඩු ගානෙ අනික් එවුන් හිනා වෙයි. එක්කො වැදගත් දෙයක් දාපන්... උඹත් හිනාවෙලා හිටපන් අනික් එවුන්ට පේන්න නහයෙන් අඬන්නෙ නැතුව හා ද? 🤭

හරි දැන් එයා උඹ ගැන හොයන් පස්සෙන් එනවා නම්... චුට්ටක් හිතපන්. එකපාර වෙනස් වෙන්න එපා ඇත්තටම බිසී කෙනෙක් නම් උඹට ආදරේ නම්... පව් නෙහ්... උඹලා බබාලා නෙවෙයි තේරෙන්න ඕනෙ හරි වැරැද්ද. 🤨

හැබැයි ඔයාට තියෙන උවමනාව එයාට නැත්තං... අර සති දෙකට වාරාවට නම් එයා හොයලා බැලුවේ... තේරුම් ගන්න ඔයා නෙවෙයි එයා නතර වෙන තැන. ඔයා නෙවෙයි එයාගෙ කෙනා. එයත් වැට උඩ නම් දෙන්නම නන්නත්තාර නොවී එක තීරණයක් ගන්න. 🤔

එහෙනම් හොඳ හිතිං ඉස්සෙල්ලම එයාගෙ මතකයන් ගොඩගහගෙන ඉන්න ඒවා අයින් කරන්න. හිතක් පපුවක් නෑ වගේ ලියුම්, card, photo අයින් කරන්න. Msgs delete කරන්න. මුලිකම දේ... එයා මතක් වෙන හැම දේම අයින් කරන්න... 🤨

Phone එකේ දුක හිතෙන එයා මතක් වෙන boot සින්දු ටික නම් අයින් කරපන් අනිවාර්‍යෙන්. අහපන් "ආව් ආව් වරකා ගෙඩියක් ඉදිලා" වගේ ජොලි සින්දු. එක්කො අහපන් රොක් 😂 අර මගුල් නැතුව fun ඕන දෙයක් අහපන්. Love film බලන්නෙ නැතුව funny ඒවා බලපන්. ටික කාලයක් යනකල්... 😂

ඒ අතරෙ ලස්සනට තියෙන එක ඇඳපන්. ඇවිදපන්. ඇඟ ගැන රූපෙ ගැන හිතපන්. අර කිව්වා වගේ ව්‍යායාම කරලා ඇඟ එහෙම ටිකක් හදාගන්න නියම කාලෙ ඕක. 🤗😍

දැන් උඹ මේ ටික හරියට කලොත් උඹ ලස්සන වෙනවා ටික කාලෙකින්... 😂 මොකද උඹෙ හිත නිදහස්... 😍 උඹට ආත්මාභිමානයක් එනවා උඹ ගැන. උඹටම උඹෙ අගය දැනෙයි. 
ගිය කෙනාට නොතේරුණ උඹෙ අගය දන්න එවුන් උඹට මෙච්චර කල් පෙනුනෙ නැනෙ? නෑනෙ නෙහ්??? අහ් දැන් ටික ටික පෙනෙයි. හොඳ කෙනෙක් ළඟට එයි... හොයලා බලලා ගැලපෙනවා නම් ලං කර ගනින්... ජීවිතේ විඳපන්... අපි එනවද නවත්තන්න??? 😂😂😂
.
කිරිගහට ඇන්නා වගේ මං කියන්නෙ බොරුද බලපන්...අර ගිය කෙනා ආයෙ උඹ ගැන හොයනවා... මොකද lord වගේ මට මොකෝ level එකෙන් දාලා යන ඔය කවුරු කවුරු
මිනිස්සුනෙ. ඒත් ඉතිං ඔයාට දැන් එයාගෙන් වැඩක් නෑ... වැඩක්ම නෑ... උඹෙ ආදරේ, උඹෙ වටනාකම ගිය කෙනාට නොතේරුණේ ඒ කෙනාගෙ පවට... උඹ කාගෙවත් පවට කරගහන්න වත් පින් අනුමෝදන් කරන්න වත් යන්න ඕනෙ නෑ... උඹෙ පිනට සොබාදහමෙන් උඹ බේරුවා කියලා තේරුම් යයි එදාට. 🤭
.
සමහර දේවල් කොච්චර ගැලපෙනවා වගේ පෙණුනත් ගැලපෙන්නෙ නෑ. කිසිම හේතුවක් නැතුව නැතිවෙලා අහිමි වෙලා යනවා. වෙච්ච දෙයක් හිතාගන්න බෑ වගේ වෙනවා. ගොඩක් දේවල් වලට ලැබීම කියන එක පින පව කියන එක බලපානවා. උඹ තරම් ඒ කෙනා පින් කරලා නැත්තං උඹ එක්ක එයාට රැඳෙන්න බෑ.   🤨🤔😒

හොඳම උදාහරණය... කොච්චර එකට හිටියත් ශිෂ්‍යත්වෙන් ඔයාගෙ යාලුවෙක් ඔයාට මිස් වෙලා ඇති. OL, AL, වලින් ඒ ඒ විෂයන් වලට results, කැමැත්ත අකමැත්ත අනුව යාලුවො බෙදිලා ගිහිං ඇති. එක ගානට මහන්සිය, කැමැත්ත, results තිබ්බ අය campus ගිහිං එක faculty වලට වැටිලා තියෙනවා වගේ තමයි... එක ගතිගුණ, එක අරමුණු ඇතිව ජීවත් වෙන්න, මිනිස්සු අපි ළඟ එකට එක සමානව ගැලපිලා සතුටින් රැඳෙන්න ඒ ඒ අයගෙ කර්මය,පින, පව සමානව තියෙන්න ඕනෙ කියලා මං හිතනවා. හතුරො, මිතුරො, ණය කාරයො ඔක්කොම අපෙ වටේ රැඳෙන්නෙ  අන්න ඒ කර්මෙ ගැටගැහිලා තියෙන විදිහ අනුව තමයි... ඒ නිසා ඇවිත් ගිය අය ගැන දුක් වෙන්න එපා. 🤔🙄

දන්න අතීතයේම එරිලා ඉන්න එපා. ඔය අතීතයේ එල්බිලා හිටියා කියලා අපිට දැනගන්න අලුතින් දෙයක් නෑනෙ. It's just a waste of time 😊

අපි අපිට වටිනාකමක් දෙනකල් කවුරුත් අපි දිහා බලන්නෙ නෑ. අවදානය යොමු කරන්නෙ නෑ. අපි අපේ වටිනාකම් හදගන්න ඕනෙ. ආදරේ කරනවා කිය කිය කාගෙවත් පස්සෙන් වැටිලා ජීවිතේ අච්චාරු කරගන්නෙ නැතුව තමන් හොයන් එන අය වෙනුවෙන් ලෑස්ති වෙයන්. ආදරේ කරලා දුක් විඳලා කවදා හරි උරුමක්කාරයා හෝ උරුමක්කාරී ළඟට එද්දි සේරම එපා වෙලා කලකිරිලා ඉන්න තැනට පත් වෙන්න එපා. අර අගයක් නැති කෙනාට දීපුවා... අගයක් තියෙන කෙනා ආවම එයාට දෙන්න හිත ශක්තිමත් කරගෙන තියා ගනිං. 💪💪😊

මට අන්තිමට කියන්න තියෙන්නෙ... 
හුරුවෙයන් කාගෙවත් අනුකම්පාවට ලක් නොවී ඉරිසියාවට ලක් වෙන්න... 💪💪💪💪ඒක පට්ට👌😍
.
© විලෝචනා'

🤔🤔🤔🤔 ඔයාටත් හිටියද? ඉන්නවද? 🙄
.
පාරෙ යද්දි අඳුරන අය ඉස්සරහට එද්දි අත අතාරින 😒

සෝදිසි කරලා බලද්දි ඔයා එයාගෙ යාලුවෙක් විතරයි කියලා හැමෝටම කියලා තියන 🙄

ඔයා ඉස් මුදුණෙ තියං නලවද්දි එයා වෙන අය නළවන 😡

ඔයාගෙ ආදරේට තියෙන වටිනාකම බින්ඳුවට දාලා ඔයා ඉද්දිම තව අය පස්සෙ වැටුණ 😫

ඔයා ගොඩාක් හොඳයි කිය කිය එයා හැදෙන්නෙ නැති 🤨

එයාට කවුරු හිටියත් ඔයාට තමයි එයා ආදරේ කියලා අනික් අය සනසන 😜

මං ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා යන්නත් නොදී ඉන්නත් නොහිතෙන තැනට වැඩ කරන 🤐

හැම තිස්සෙම නිදහසට කාරණා කිය කිය කාර්යබහුල බව අඟවන, ඒත් online ඉන්න 😏

ඔයාගෙ රූපෙ වැඩක් නෑ ගතිගුණ තමයි වටින්නෙ කිය කිය හතර වටේ යන ලස්සන අය දිහා ඉස්සෙක් වගේ ඇහැ කරකවලා බලන 🤣

ඔයා එයා වෙනුවෙන් කරන දේවල් සත පහකට මායිම් කරන්නෙ නැති 🙄

ප්රශ්න කියන්න විතරක් ඔයාට කතා කරන, දුකින් ඉද්දි විතරක් ඔයාව මතක් වෙන, 🤨

වාසියකට විතරක් ඔයා ලඟ ඉන්න... 😒

අනේ මට ඔයාව කලින් හම්බුණා නම් ඔයාගෙ වෙන්න තිබුණා කියලා බොරු වදන් දෙන 🤭

එක්කො හැම දේටම බොරුවට සැක කරන, හේතු හදාගෙන තරහ වෙන 😫

කට ඇරියොත් බිම එළලා වගේ බොරු කියන... බොරු කරන... 🤥

ඔයාට මානසිකව, වාචිකව, ශාරීරිකව පීඩා කරන 😡🤬

කොටින්ම ආදරේ මුවාවෙන් ඔයාට නොදැනීම ඔයාගෙ ජීවිතය කාලය වටිනාකම් සේරම විනාස කරන 🤪

............................කෙනෙක්???

😒😒😒😒😒😒😒😒😒
.
එහෙනම් දැන් සමාජෙ අය වැරදියට හිතයි, එයා කොහොම වුණත් එයා හැදිලා එනකල් මං ඉන්නවා, මං වැරදි කරන්නෙ නෑ මම එයාට උදව් කරනවා, එයා දවසක මාව තේරුම් ගනී... වගේ බොරු ඔයාටම කියාගන්න එක නවත්තන්න... 🤚🤨

මිලියන තිහකට වඩා සත්ව විශේෂ ඉන්න ලෝකෙ ඔයා මනුස්සයෙක් වෙලා ඉපදුණා. පිනක් දහමක් කරගන්න හැකියාව තියෙන උසස් මනසක් තියෙන දුර්ලභ මනුස්සයෙක් විදිහට ඉපදිලා, ඔයාට තියෙන වටිනම හැඟීම ඔයා එහෙම කෙනෙක් වෙනුවෙන් ද පූජා කරන්න හදන්නෙ??? 🤨

එපා බං! එයා දවසක තේරුම් ගනී පසු තැවෙයි කියලා හිත හිත එයාට පාඩමක් උගන්නන්න හදන්න එපා. කාටවත් පාඩම් උගන්නන්න ඔයගෙ ජීවිතේ වැය කරන්න ඕනෙද? 🤔

එයා නිතරම ඔයාට හොඳ කියනවා, ඔයාව අගය කරනවා... ඒ නිසා ඔයා ඒ හොඳ කම රැකගන්න එයාගෙ වැරදි ඉවසන් දිගටම ඉන්නවා. ඔයා හොඳ නම් ඒක ඔයාගෙ හොඳ වටිනාකමක් මිසක් එයා ඔයාට අමුතුවෙන් මුරුංගා අත්තෙ තියලා කියන්න ඕනෙ දෙයක් නෙවෙයි. ඔයා හිතන්න ඕනෙ එයා වගේ කෙනෙක්ට අර වටිනම හැඟීමදෙන්න මොනවද භෞතිකව වගේම මානසිකව එයාට තියෙන සුදුසුකම් කියන දේ... 🙄

අනික එයා තීරණයක් දෙනකල් බලන් ඉන්න එපා... ආදරය, විවාහය, යාලුකම් ගැන තීරණ එයාට ගන්න දීලා බලන් ඉන්නෙ ඇයි... ඔයාගෙ තීරණේ ඔයයි ගන්න ඕනෙ. එයාට ගන්න දෙන්න එපා. 🤨

අපි හැමෝම කාගෙ හරි කතාවක නරක කෙනෙක්. සමහර විට අපි දන්නෙත් නෑ. ඒත් ජීවිතේ ගැන කෙලින් හිතලා ගන්න එක තීරණය වටිනවා ජීවිතේ කොහෙදෝ මිරිඟුවක් පස්සෙ දුව දුව නන්නත්තාර වෙනවට වඩා... එක දෙයක් තෝරගෙන හරි පාරෙ ගියාට පව් සිද්ධ වෙන්නෙ නෑ බං. ඒ තීරණේ හිතලා ගනිං. කාලෙ නාස්ති කරගන්නෙ නැතුව. 😫

සම්බන්ධයක් තිබ්බෙ අවුරුදු 7,8 කියලා ඒකෙන් කාලය ආදරය මනින්න හෝ රැකගන්න බලන්න එපා. හොඳින් හිටිය, එකට හිටිය, අන්යොන්ය යහපතක් වෙච්ච, තම තමන් හරියට තේරුම් අරන් සතුටින් හිටිය දවස් ගාණ එකතු කරලා කාලෙ මැනපන්. තනියම දුක් විඳ විඳ ආතක් පාතක් නැතුව අවුරුදු 10ක් හිටියත් වැඩක්ද? 😒
.
අනන්ත මම දකිනවා ගොඩක් අය පැහැදිලිවම දෙන්නෙක්ගෙ ආදර පැටලවිල්ලක තුන්වෙනියෙක් වෙලා අතරමං වෙලා ඉන්න හැටි... දුක අහන්න, Time - pass කරන්න... මෙහෙම තුන්වෙනියෙක් වෙලා ඉන්න එකෙන් ඔයාට ඔයාගෙ ජීවිතේට ඔයාම දෙන්නෙ නරක තැනක්... ඔයාවම බාල්දු කර ගැනීමක්... දෙන්නෙක් මැද්දෙ හිර වෙලා ඉද්දි අනේ ඔයා කලින් හම්බුණා නම් කියන අය... කලින් සම්බන්ධකම් පටන් ගන්නෙත් ඔයාට වගේම ආදරේ පෙන්නලා... ආශ්රය කරලා... නේද? කාගෙවත් තාවකාලික ප්රශ්න මැද්දෙ සදාකාලිකව අනාත වෙන්න එපා බං. උඹටත් ජීවිතයක් තියෙනවා. 😍
.
ඔයාට වටිනාකම කවුරුත් දෙන්නෙ නෑ. ඔයා ඒක හදාගන්න ඕනෙ. එතකොට අනික් අය ඒක දැකලා ඔයාට තැනක් දෙයි... තමන් මිසක් වෙන කාටවත් තමන් වෙනුවෙන් ඒ වටිනාකම් හදවන්නෙ නෑ. ඔයාම ඔයා මොන තත්වෙ කොහොම කෙනෙක් වුණත් ඒ වටිනාකම ඔයාට ඇති කරගන්න. 😍

කාගෙවත් අතකොලු වෙන්න එපා. කාගෙවත් spare wheel එකක් වෙන්න එපා. ඔයාට වටිනාකමක් නොදෙන කෙනා ළඟින් අයින් වෙන්න. හරි කෙනෙක් නැත්තං කාලයට ඉඩ දීලා බලං ඉන්න. 🤗
.
හරි දැන් අයින් වෙන්නෙ කොහොමද නේද කූඩැල්ලා වගේ ඇලිලා ඉඳලා??? 😂

ඉස්සෙල්ලා ඔයා වෙනුවෙන් සති 2ක් තියාගන්න. මතක ඇතුව ඔයා ගැන විතරක් හිතන්න. අනික් කෙනාට ඔයාගෙන් ඉඟියක් වත් යන්න තියන්න එපා. හොඳට කන්න බොන්න. ඔයාට ලස්සන වෙන්න ඕන දේවල් කරන්න. ඔයාගෙ සෞඛ්යයට හොඳ ව්යායාම වගේ දේවල් කරන්න. කාර්ය බහුල වෙන්න. හැබැයි එක මැසේජ් එකක් කෝල් එකක් හමුවීමක් තියා එක ලයික් එකක් නොටිෆිකේෂන් එකක් වත් අරයට යන්න බෑ හොඳද ??? ඔය අස්සෙ මතක් වුණොත් අඬපන්. කාටවත් කියන්න එපා තනියම අඬපන්. Notepad එකක දුක ලියලා ආයෙ මකපන්. කොලේක ලියල පුච්චපන්. කාටවත් දුක කියන්න එපා. 🙄

සෝෂල් මීඩියා වල දුක ලියන එක, දුක හිතෙන බනින වෛර සහගත පාඩම් උගන්වන, හින්ට් ගහන පෝස්ට් share කරන එක නවත්තපන්. කවුරුත් කැමති නෑ උඹෙ දුක අහන්න. අනික ඔය පෝස්ට් වලින් මිනිස්සු උඹව මනිනවා. උඹ බනින්න පාවිච්චි කරන වචන වලින් උඹටම චරිත සහතික හැදෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත. උඹ ජොලියෙ හිටියොත් fun පෝස්ට් එකක් දැම්මොත් අඩු ගානෙ අනික් එවුන් හිනා වෙයි. එක්කො වැදගත් දෙයක් දාපන්... උඹත් හිනාවෙලා හිටපන් අනික් එවුන්ට පේන්න නහයෙන් අඬන්නෙ නැතුව හා ද? 🤭

හරි දැන් එයා උඹ ගැන හොයන් පස්සෙන් එනවා නම්... චුට්ටක් හිතපන්. එකපාර වෙනස් වෙන්න එපා ඇත්තටම බිසී කෙනෙක් නම් උඹට ආදරේ නම්... පව් නෙහ්... උඹලා බබාලා නෙවෙයි තේරෙන්න ඕනෙ හරි වැරැද්ද. 🤨

හැබැයි ඔයාට තියෙන උවමනාව එයාට නැත්තං... අර සති දෙකට වාරාවට නම් එයා හොයලා බැලුවේ... තේරුම් ගන්න ඔයා නෙවෙයි එයා නතර වෙන තැන. ඔයා නෙවෙයි එයාගෙ කෙනා. එයත් වැට උඩ නම් දෙන්නම නන්නත්තාර නොවී එක තීරණයක් ගන්න. 🤔

එහෙනම් හොඳ හිතිං ඉස්සෙල්ලම එයාගෙ මතකයන් ගොඩගහගෙන ඉන්න ඒවා අයින් කරන්න. හිතක් පපුවක් නෑ වගේ ලියුම්, card, photo අයින් කරන්න. Msgs delete කරන්න. මුලිකම දේ... එයා මතක් වෙන හැම දේම අයින් කරන්න... 🤨

Phone එකේ දුක හිතෙන එයා මතක් වෙන boot සින්දු ටික නම් අයින් කරපන් අනිවාර්යෙන්. අහපන් "ආව් ආව් වරකා ගෙඩියක් ඉදිලා" වගේ ජොලි සින්දු. එක්කො අහපන් රොක් 😂 අර මගුල් නැතුව fun ඕන දෙයක් අහපන්. Love film බලන්නෙ නැතුව funny ඒවා බලපන්. ටික කාලයක් යනකල්... 😂

ඒ අතරෙ ලස්සනට තියෙන එක ඇඳපන්. ඇවිදපන්. ඇඟ ගැන රූපෙ ගැන හිතපන්. අර කිව්වා වගේ ව්යායාම කරලා ඇඟ එහෙම ටිකක් හදාගන්න නියම කාලෙ ඕක. 🤗😍

දැන් උඹ මේ ටික හරියට කලොත් උඹ ලස්සන වෙනවා ටික කාලෙකින්... 😂 මොකද උඹෙ හිත නිදහස්... 😍 උඹට ආත්මාභිමානයක් එනවා උඹ ගැන. උඹටම උඹෙ අගය දැනෙයි.
ගිය කෙනාට නොතේරුණ උඹෙ අගය දන්න එවුන් උඹට මෙච්චර කල් පෙනුනෙ නැනෙ? නෑනෙ නෙහ්??? අහ් දැන් ටික ටික පෙනෙයි. හොඳ කෙනෙක් ළඟට එයි... හොයලා බලලා ගැලපෙනවා නම් ලං කර ගනින්... ජීවිතේ විඳපන්... අපි එනවද නවත්තන්න??? 😂😂😂
.
කිරිගහට ඇන්නා වගේ මං කියන්නෙ බොරුද බලපන්...අර ගිය කෙනා ආයෙ උඹ ගැන හොයනවා... මොකද lord වගේ මට මොකෝ level එකෙන් දාලා යන ඔය කවුරු කවුරු
මිනිස්සුනෙ. ඒත් ඉතිං ඔයාට දැන් එයාගෙන් වැඩක් නෑ... වැඩක්ම නෑ... උඹෙ ආදරේ, උඹෙ වටනාකම ගිය කෙනාට නොතේරුණේ ඒ කෙනාගෙ පවට... උඹ කාගෙවත් පවට කරගහන්න වත් පින් අනුමෝදන් කරන්න වත් යන්න ඕනෙ නෑ... උඹෙ පිනට සොබාදහමෙන් උඹ බේරුවා කියලා තේරුම් යයි එදාට. 🤭
.
සමහර දේවල් කොච්චර ගැලපෙනවා වගේ පෙණුනත් ගැලපෙන්නෙ නෑ. කිසිම හේතුවක් නැතුව නැතිවෙලා අහිමි වෙලා යනවා. වෙච්ච දෙයක් හිතාගන්න බෑ වගේ වෙනවා. ගොඩක් දේවල් වලට ලැබීම කියන එක පින පව කියන එක බලපානවා. උඹ තරම් ඒ කෙනා පින් කරලා නැත්තං උඹ එක්ක එයාට රැඳෙන්න බෑ. 🤨🤔😒

හොඳම උදාහරණය... කොච්චර එකට හිටියත් ශිෂ්යත්වෙන් ඔයාගෙ යාලුවෙක් ඔයාට මිස් වෙලා ඇති. OL, AL, වලින් ඒ ඒ විෂයන් වලට results, කැමැත්ත අකමැත්ත අනුව යාලුවො බෙදිලා ගිහිං ඇති. එක ගානට මහන්සිය, කැමැත්ත, results තිබ්බ අය campus ගිහිං එක faculty වලට වැටිලා තියෙනවා වගේ තමයි... එක ගතිගුණ, එක අරමුණු ඇතිව ජීවත් වෙන්න, මිනිස්සු අපි ළඟ එකට එක සමානව ගැලපිලා සතුටින් රැඳෙන්න ඒ ඒ අයගෙ කර්මය,පින, පව සමානව තියෙන්න ඕනෙ කියලා මං හිතනවා. හතුරො, මිතුරො, ණය කාරයො ඔක්කොම අපෙ වටේ රැඳෙන්නෙ අන්න ඒ කර්මෙ ගැටගැහිලා තියෙන විදිහ අනුව තමයි... ඒ නිසා ඇවිත් ගිය අය ගැන දුක් වෙන්න එපා. 🤔🙄

දන්න අතීතයේම එරිලා ඉන්න එපා. ඔය අතීතයේ එල්බිලා හිටියා කියලා අපිට දැනගන්න අලුතින් දෙයක් නෑනෙ. It's just a waste of time 😊

අපි අපිට වටිනාකමක් දෙනකල් කවුරුත් අපි දිහා බලන්නෙ නෑ. අවදානය යොමු කරන්නෙ නෑ. අපි අපේ වටිනාකම් හදගන්න ඕනෙ. ආදරේ කරනවා කිය කිය කාගෙවත් පස්සෙන් වැටිලා ජීවිතේ අච්චාරු කරගන්නෙ නැතුව තමන් හොයන් එන අය වෙනුවෙන් ලෑස්ති වෙයන්. ආදරේ කරලා දුක් විඳලා කවදා හරි උරුමක්කාරයා හෝ උරුමක්කාරී ළඟට එද්දි සේරම එපා වෙලා කලකිරිලා ඉන්න තැනට පත් වෙන්න එපා. අර අගයක් නැති කෙනාට දීපුවා... අගයක් තියෙන කෙනා ආවම එයාට දෙන්න හිත ශක්තිමත් කරගෙන තියා ගනිං. 💪💪😊

මට අන්තිමට කියන්න තියෙන්නෙ...
හුරුවෙයන් කාගෙවත් අනුකම්පාවට ලක් නොවී ඉරිසියාවට ලක් වෙන්න... 💪💪💪💪ඒක පට්ට👌😍
.
© විලෝචනා

...::: බොරු ආදරේ :::...


ටයි පටිය කර බැඳන්,
ජැන්ඩියට ඇඳගෙන,
රෝස ලා නිල් මල් අස්සෙ,
මොණරු අත ගාන,
රස්සාවට ගිය දා ඉඳං...
අනේ උඹෙ බොරු ආදරේ
කෑදරේ වුණ හැටි...

උඹ ගියා...
මං වැටුනා ,
මහා තට්ටු ගොඩ ගොඩනැගිල්ලක් වගේ,
ගඩොලින් ගඩොල,
කුඩු කරගෙන,
දුම් දාගෙන...

බාල බඩු ලාබෙට මාරුවෙන්,
පිට ඔපේ දීගෙන හැදුණට,
පාදම වත් හයිය නැති බව දැනගෙනම,
අවුරුදු දෙකක් කාබාසීනියා වුණ,
දැවැන්තයගෙනුත්,
අනේ උඹ යටි මඩි ගහපු හැටි...

හදපන්...
ආයෙත් උසම උස බිල්ඩිමක්...
අනේ...
ඒකවත් බාල බඩු නොදා...
.
...::: © විලෝචනා :::...

Saturday, December 8, 2018

...::: ඒක කවදාවත් අමතක නොවන දවසක් :::...

'<3 ඒක කවදාවත් අමතක නොවන දවසක්... 
.
පාසල් වර්ණ රාත්‍රිය කියන්නෙ කට්ට කාපු ළමයි ටික පළවෙනි වතාවට ඉස්කෝලෙ එකවර දකින්න ලැබෙන දවස. ඉස්කෝලෙ නම දිස්ත්‍රික්කෙන් පළාතට, පළාතෙන් මූලු දිවයිනටම, දිවයිනෙන් ජාත්‍යන්තරයට අරං ගියපු අක්කලා නංගිලා ටික සියැසින්ම ලස්සනට දකින දවස. 😍

මට මතකයි එක පාරක් Mahamaya Colors Award Ceremony එකට ආවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා... එවකට ඔහු ලංකාවෙ අග්‍රාමාත්‍ය තනතුර දැරුවෙ මගෙ මතකෙ විදිහට.
 
බ්ලේසර් එක පුරා පිරෙන්න ඔහොම Colours, Medals හැමෝටම නෑ... ඔහොම තියෙන්නෙ ඉතිං ඉස්කෝලෙ බාහිර ක්‍රියාකාරකම් වලින් දක්ෂම සෙට් එකට කිව්වොත් හරි. ඒ කාලෙ හිටපු කීප දෙනෙකුත් විවිධ අංශ වලින් තරඟ වැදිලා මේ වගේ medals ගොඩාක් බ්ලේසර් එක පුරා පුරවගෙන හිටියා. 

ස්ටේජ් එකේ ඇවිදගෙන අලුත් Colours ටික පළඳවගන්න මේ අය එද්දි medals එකිනෙක ගැටෙන සද්දෙ ඇහිලා... මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කිව්වා... 

" මට කියන්න වචන නෑ. හරියට ඇතින්නියො ටිකක් අභිමානෙන් අඩිය තියනවා වගේ මට දැනෙන්නෙ. මේ දරු සම්පත මුළු රටටම ආඩම්බරයක් " 

මම දැක්කා අනන්තවත් මේ පින්තූරෙ ඉන්න චූටි ළමයි ටිකට කියලා තිබ්බ අනවශ්‍ය දේවල්. මේවා අනික් අයගෙන් අරං එල්ල ගත්ත ඒවා කියලා... ඊළඟට එක එක නායක තනතුරු හදලා බොරුවට දීපුවා කියලා...  

මේ දවස හැමෝම කැපිලා පේන දවස. එතෙක් තමන් ලැබුව සියලුම Medals, Badges , Colors පළඳින්න පුළුවං #එකම #දවස. තමන්ට තියෙන එකක් වෙන කෙනෙක්ට දෙයිද ඒ වගේ දවසක තමන්ම පළඳවගෙන ඉන්නවා මිසක්? අනික ඔතන බොරු ඒවා පළඳින්න බෑ... මේවා මේ ළමයින්ගෙම මහන්සිය. 

තවත් සමහරු කියලා තිබ්බා... අපිටත් තියෙනවා facebook දැම්මෙ නැති වුණාට කියලා. ඔව් අපි ඉස්කෝලෙ යනකාලෙ ඉතිං Facebook තිබ්බෙ නෑනෙ. නේද? තිබ්බා නම් දානවනෙ. කවුරුත් එනවද නවත්තන්න. ඉතිං ඇයි අපි මේ ළමයින්ට ඉරිසියා කරන්නෙ? 
.
මහාමායා බාලිකා වර්ණ රාත්‍රියේ විශේෂයෙන් පාසල් වර්ණ ලැබෙන්නෙ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ලබා ගත්ත අයට. මේ වගේ වසර තුනක් පිට පිට වර්ණ ගන්න අයට පාසලේ ලාංඡනය, 'පහන' ඇතුලත් 'Pahana Insignia' ලැබෙනවා... ඒ වගේම ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන අයට මට මතක විදිහට 'ස්වර්ණ ප්‍රදීපනී' හිමිවෙනවා. 
.
මට මේ All Island Medals තියෙන්නෙ දෙකයි. ඒකත් Cadet කෙනෙක් විදිහට. අනික් ළමයි පන්තියේ ඉගෙන ගද්දි අපි පන්ති වල නෑ. ගුරුවරුන්ගෙන් බැනුම් අහනවා. ගුරුවරු මාරුවෙලා අලුත් අය ඇවිත් අපි එයාලව දන්නෙ නෑ. කොටින්ම ප්‍රින්සිපල් මැඩම් මාරු වෙලා එයාව දකින්නවත් අපි ඉස්කෝලෙ නෑ. උදේම යනවා. රෑ වෙලා එනවා. අසනීපයි කියලා අනික් ළමයි පන්තියට වත් නොයා ඉද්දි අපිට එහෙම ඉන්න හම්බුණේ නෑ... අනික් ළමයි OL, AL වලට පොත් ගිලින කොට අපි සමහර පාඩම් දැකලා වත් නෑ...  

අපි කොල්ලො වගේ Assualt Run එකේ හැම Obstacle එකම clear කරන් යන්න ඕනෙ, PT, Drill, Lessons කරන්න ඕනෙ. දවසක් මං Bio Lab එකේ පරීක්ෂණයක් කර කර ඉද්දි ආවා එක්කන් යන්න platoon එකෙන්. Bio Madam බැන්නෙ අපේ සාජන් පවා ඉගෙනීම පාඩු කර ගත්ත හැටි අල්ලගෙන මුලු ක්ලාස් එකම ඉස්සරහ. (සාජන් අද ඩොක්ටර් කෙනෙක් 😊) බැනුම් ඉවරයක් නෑ. ඉතිං... මේ මම කිව්වෙ එක මෙඩල් එකක්... #එක #මෙඩල් #එකක් පිටිපස්සෙ කතාව ගැන. අච්චර ප්‍රමාණයක් medals ගන්න මේ කෙල්ලො ටික කොච්චර නැහෙන්න ඇතිද කියලා මට හිතාගන්න වත් බෑ... 

පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයින්ගෙ ශාරීරික ශක්තිය අඩුයි. අසනීප වෙන්න බලනවා වැඩියි. සමහර විට මේ කරන දේවල් ජීවිතේ දවසක අම්මා කෙනෙක් වෙන්න යද්දි නරක විදිහට බලපාන්න පුලුවං. ක්‍රීඩා වලින් අතපය කොන්ඳ අමාරු කම් ආපු ගෑණු ළමයි ඕන තරම් ඇති. පිරිමි ළමයෙක් මෙහෙම මෙඩල්ස් ගහගෙන හිටියා නම් ඉහලින් අගය කරයි. පිට රටක නම් ඉහ මුදුනෙ තියා ගයි. අපේ රටේ නිසාද, ඉරිසියාවද, මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ මේවට ගියපු Comments දැක්කම.

ඉතිං... මේ පළඳවගෙන ඉන්න මෙඩ්ල්ස් ටික දැකලා හිනා වුණ අය කතා හදපු අය... මේ ඉන්නෙ තමන්ගෙ නංගි, අක්කා නම්... ඒකම ආඩම්බරයක් කර නොගත්තොත් තමයි පුදුමෙ. මෙහෙම තියෙනවා නම් බ්ලේසර් එකේ ගහගන්නෙ නැති වුණොත් තමයි පුදුමෙ.  හැම දේකම දෙපැත්තක් ඇති. ඒත් මේ ළමයි මේවා ප්‍රසිද්ධිය බලාගෙන කරපුවා නෙවෙයි. ප්‍රසිද්ධ වෙන්න දෙයක් නෑ මේ ළමයි නම් දැන්ම කීර්තියක් ලබාගෙන ජීවිතේ දිනලා ඉවරයි. 🤭 ඔය හිනාවෙන මඩ ගහන අයට කියන්නෙ මේ වගේ මෙඩ්ල්ස් පුරවං හිටපු කිසිම කෙනෙක් අද පුංචි තැන් වල නෑ.  අගය කල යුතු දේ අගය කරන්නත් පාසල් වලින් ගෙවල් වලින් ළමයින්ට උගන්නන්න ඕනෙ 😕
.
මම ඉස්කෝලෙ නුවරද වෙන කොහෙ හරිද, ලොකුද පොඩිද කිය කිය වාද කරන ඉස්කෝල වාදියෙක් නෙවෙයි. මම Campus එකෙනුත් out වෙලා ඉන්නෙ. ඉස්කෝලෙටත් වඩා මේ දරුවො ගැන තමයි මම කිව්වෙ. වැරදි දෙයක් කියලා තියෙනවා නම් සමාවෙන්න ඕනෙ 😊
.
...::: © විලෝචනා :::...'


.
පාසල් වර්ණ රාත්රිය කියන්නෙ කට්ට කාපු ළමයි ටික පළවෙනි වතාවට ඉස්කෝලෙ එකවර දකින්න ලැබෙන දවස. ඉස්කෝලෙ නම දිස්ත්රික්කෙන් පළාතට, පළාතෙන් මූලු දිවයිනටම, දිවයිනෙන් ජාත්යන්තරයට අරං ගියපු අක්කලා නංගිලා ටික සියැසින්ම ලස්සනට දකින දවස. 😍

මට මතකයි එක පාරක් Mahamaya Colors Award Ceremony එකට ආවා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා... එවකට ඔහු ලංකාවෙ අග්රාමාත්ය තනතුර දැරුවෙ මගෙ මතකෙ විදිහට.

බ්ලේසර් එක පුරා පිරෙන්න ඔහොම Colours, Medals හැමෝටම නෑ... ඔහොම තියෙන්නෙ ඉතිං ඉස්කෝලෙ බාහිර ක්රියාකාරකම් වලින් දක්ෂම සෙට් එකට කිව්වොත් හරි. ඒ කාලෙ හිටපු කීප දෙනෙකුත් විවිධ අංශ වලින් තරඟ වැදිලා මේ වගේ medals ගොඩාක් බ්ලේසර් එක පුරා පුරවගෙන හිටියා.

ස්ටේජ් එකේ ඇවිදගෙන අලුත් Colours ටික පළඳවගන්න මේ අය එද්දි medals එකිනෙක ගැටෙන සද්දෙ ඇහිලා... මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහෙම කිව්වා...

" මට කියන්න වචන නෑ. හරියට ඇතින්නියො ටිකක් අභිමානෙන් අඩිය තියනවා වගේ මට දැනෙන්නෙ. මේ දරු සම්පත මුළු රටටම ආඩම්බරයක් "

මම දැක්කා අනන්තවත් මේ පින්තූරෙ ඉන්න චූටි ළමයි ටිකට කියලා තිබ්බ අනවශ්ය දේවල්. මේවා අනික් අයගෙන් අරං එල්ල ගත්ත ඒවා කියලා... ඊළඟට එක එක නායක තනතුරු හදලා බොරුවට දීපුවා කියලා...

මේ දවස හැමෝම කැපිලා පේන දවස. එතෙක් තමන් ලැබුව සියලුම Medals, Badges , Colors පළඳින්න පුළුවං #එකම #දවස. තමන්ට තියෙන එකක් වෙන කෙනෙක්ට දෙයිද ඒ වගේ දවසක තමන්ම පළඳවගෙන ඉන්නවා මිසක්? අනික ඔතන බොරු ඒවා පළඳින්න බෑ... මේවා මේ ළමයින්ගෙම මහන්සිය.

තවත් සමහරු කියලා තිබ්බා... අපිටත් තියෙනවා facebook දැම්මෙ නැති වුණාට කියලා. ඔව් අපි ඉස්කෝලෙ යනකාලෙ ඉතිං Facebook තිබ්බෙ නෑනෙ. නේද? තිබ්බා නම් දානවනෙ. කවුරුත් එනවද නවත්තන්න. ඉතිං ඇයි අපි මේ ළමයින්ට ඉරිසියා කරන්නෙ?
.
මහාමායා බාලිකා වර්ණ රාත්රියේ විශේෂයෙන් පාසල් වර්ණ ලැබෙන්නෙ සමස්ථ ලංකා ප්රථම ස්ථානය ලබා ගත්ත අයට. මේ වගේ වසර තුනක් පිට පිට වර්ණ ගන්න අයට පාසලේ ලාංඡනය, 'පහන' ඇතුලත් 'Pahana Insignia' ලැබෙනවා... ඒ වගේම ජාත්යන්තර ජයග්රහණ ලබන අයට මට මතක විදිහට 'ස්වර්ණ ප්රදීපනී' හිමිවෙනවා.
.
මට මේ All Island Medals තියෙන්නෙ දෙකයි. ඒකත් Cadet කෙනෙක් විදිහට. අනික් ළමයි පන්තියේ ඉගෙන ගද්දි අපි පන්ති වල නෑ. ගුරුවරුන්ගෙන් බැනුම් අහනවා. ගුරුවරු මාරුවෙලා අලුත් අය ඇවිත් අපි එයාලව දන්නෙ නෑ. කොටින්ම ප්රින්සිපල් මැඩම් මාරු වෙලා එයාව දකින්නවත් අපි ඉස්කෝලෙ නෑ. උදේම යනවා. රෑ වෙලා එනවා. අසනීපයි කියලා අනික් ළමයි පන්තියට වත් නොයා ඉද්දි අපිට එහෙම ඉන්න හම්බුණේ නෑ... අනික් ළමයි OL, AL වලට පොත් ගිලින කොට අපි සමහර පාඩම් දැකලා වත් නෑ...

අපි කොල්ලො වගේ Assualt Run එකේ හැම Obstacle එකම clear කරන් යන්න ඕනෙ, PT, Drill, Lessons කරන්න ඕනෙ. දවසක් මං Bio Lab එකේ පරීක්ෂණයක් කර කර ඉද්දි ආවා එක්කන් යන්න platoon එකෙන්. Bio Madam බැන්නෙ අපේ සාජන් පවා ඉගෙනීම පාඩු කර ගත්ත හැටි අල්ලගෙන මුලු ක්ලාස් එකම ඉස්සරහ. (සාජන් අද ඩොක්ටර් කෙනෙක් 😊) බැනුම් ඉවරයක් නෑ. ඉතිං... මේ මම කිව්වෙ එක මෙඩල් එකක්... #එක #මෙඩල් #එකක් පිටිපස්සෙ කතාව ගැන. අච්චර ප්රමාණයක් medals ගන්න මේ කෙල්ලො ටික කොච්චර නැහෙන්න ඇතිද කියලා මට හිතාගන්න වත් බෑ...

පිරිමි ළමයින්ට වඩා ගෑණු ළමයින්ගෙ ශාරීරික ශක්තිය අඩුයි. අසනීප වෙන්න බලනවා වැඩියි. සමහර විට මේ කරන දේවල් ජීවිතේ දවසක අම්මා කෙනෙක් වෙන්න යද්දි නරක විදිහට බලපාන්න පුලුවං. ක්රීඩා වලින් අතපය කොන්ඳ අමාරු කම් ආපු ගෑණු ළමයි ඕන තරම් ඇති. පිරිමි ළමයෙක් මෙහෙම මෙඩල්ස් ගහගෙන හිටියා නම් ඉහලින් අගය කරයි. පිට රටක නම් ඉහ මුදුනෙ තියා ගයි. අපේ රටේ නිසාද, ඉරිසියාවද, මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ මේවට ගියපු Comments දැක්කම.

ඉතිං... මේ පළඳවගෙන ඉන්න මෙඩ්ල්ස් ටික දැකලා හිනා වුණ අය කතා හදපු අය... මේ ඉන්නෙ තමන්ගෙ නංගි, අක්කා නම්... ඒකම ආඩම්බරයක් කර නොගත්තොත් තමයි පුදුමෙ. මෙහෙම තියෙනවා නම් බ්ලේසර් එකේ ගහගන්නෙ නැති වුණොත් තමයි පුදුමෙ. හැම දේකම දෙපැත්තක් ඇති. ඒත් මේ ළමයි මේවා ප්රසිද්ධිය බලාගෙන කරපුවා නෙවෙයි. ප්රසිද්ධ වෙන්න දෙයක් නෑ මේ ළමයි නම් දැන්ම කීර්තියක් ලබාගෙන ජීවිතේ දිනලා ඉවරයි. 🤭 ඔය හිනාවෙන මඩ ගහන අයට කියන්නෙ මේ වගේ මෙඩ්ල්ස් පුරවං හිටපු කිසිම කෙනෙක් අද පුංචි තැන් වල නෑ. අගය කල යුතු දේ අගය කරන්නත් පාසල් වලින් ගෙවල් වලින් ළමයින්ට උගන්නන්න ඕනෙ 😕
.
මම ඉස්කෝලෙ නුවරද වෙන කොහෙ හරිද, ලොකුද පොඩිද කිය කිය වාද කරන ඉස්කෝල වාදියෙක් නෙවෙයි. මම Campus එකෙනුත් out වෙලා ඉන්නෙ. ඉස්කෝලෙටත් වඩා මේ දරුවො ගැන තමයි මම කිව්වෙ. වැරදි දෙයක් කියලා තියෙනවා නම් සමාවෙන්න ඕනෙ 😊
.
...::: © විලෝචනා :::...
 — feeling proud.

Friday, December 7, 2018

❤️ මං ආසයි 😍 උඹෙ මෝටර් බයිසිකලේ වෙන්න... 🏍️

❤️
මං ආසයි 😍
උඹෙ මෝටර් බයිසිකලේ වෙන්න... 🏍️
උඹ යන යන හැම තැනම 🤗
උඹ එක්ක පරිස්සමට ගිහිං එන්න... 😚
උඹත් එක්ක අව්වට කර වෙවී...
වැස්සට තෙමෙන්න... 
උඹට ඕන ඕන තැන් වලට,
වාහන අස්සෙන් රිංගලා ගිහින්,
පරක්කු වෙලාවට,
බ්ලොක් එකට පගාව දීලා...
නයිට්රස් ගහගෙන 🤩
වෙලාවට උඹව ඇරලවලා එන්න...
එහෙව් මං එක්ක යන එක... 🙄
මදි කමක් කියලා හිතෙද්දි 😩
උඹ අර රෝද හතර දිහා
මනමාල බැල්මක් දාලා... 🤬
සුක්කානම අතට ගන්නකොටම... 😠
රෝද කැරකි කැරකි, 😵
පස් විසි කර කර 🤒
හෝන් ගහ ගහ,
රේස් වෙවී අඬන්න... 😭
ආයෙ උඹ 🧐
"අනෝ... මගෙ බයික්කලේ " කියලා... 😏
මාව හොයාගෙන 😨
බ්ලොක් එක දවසට 🤥
ඉක්මණින් යන්න හිතං එන දවසට...
හැච හැච හැච හැච 🤧
ඩුම්Zzzzzz ගගා හිනා වෙවී 🤯
ස්ටාර්ට් වෙන්නෙම නැතුව... 👻
දවසම මස්තබාල්දු කරන්න 😂😜
.
© විලෝචනා