Time Of Life
සිතක සිතුවිලි ලොවට පවසනු වස් ...:::විලෝචනා:::...
Pages
Home
Tuesday, September 26, 2017
...::: අනියත :::...
<3
ඉරත් යයි අවරට
සඳත් නැත තනියට
වෙතත් දුක කරුමෙට
මගක් නෑ නිවනට
.
අනියතය නුඹ මම
අනියතය ලොව සැම
ඉතින් අපි අපිටම
දොස් කියනුයේ කිම
.
යන දින කය අතැර
ධනය සැම පසු කර
ගෙන යනු අන් කවර
කරගත් පිනම හැර
Wednesday, September 20, 2017
...::: ඒ පිරිමි හදවතත්, නැවතිලා වසරක් :::...
<3
ගෙවුණි පැය ගණනක්,
නැහැ පුරුදු ඇමතුමක්,
අප්පච්චි අමතකද,
කිරි දෝණි ගැන යමක්...
😒
.
එදත් නෑ ඉඳලා නුඹ,
ඇරෙනවිට මගේ ඇස්,
දැනගද්දි මගෙ උපත,
ගෙවිලා දින දෙක තුනක්...
😢
.
අප්පච්චි අපෙ අම්මි,
ගෙනල්ලා නංගියෙක්,
කියද්දිත් අයියලා,
නුඹට විය පුදුමයක්...
😳
.
විසි ගණන් ගෙවුණු හැම,
බිනර මස විසි දිනක්,
මෙතෙක් නෑ මග හැරී,
එක් සොඳුරු ඇමතුමක්...
😚
.
නුඹෙ මුවින් සෙනෙහසින්,
දුන්නු ඒ සුභ පැතුම,
නැතිව මුල් වර ගෙවමි,
කරුම වූ සුභ දිනක්...
😵
.
වෙනදාට මේ දිනට,
පින් දහම් බෝ කරන
ඒ පිරිමි හදවතත්,
නැවතිලා වසරක්...
😔
<3
"කිරි දුව ! සුභ උපන්දිනයක් වේවා! මම සල්ලි දැම්මා පොතට. ඇඳුමක් ගන්න. හැමදාම වගේ අදත් මම ලොකු දානයක් දුන්නා"
.
<3
හිටියා නම් කියන්නෙ මෙහෙම. අද දවස අප්පච්චිට තරම් වැදගත් වෙන තවත් පිරිමියෙක් නෑ... කවුරුත්ම නෑ... අනේ හිටියා නම් අද එක එක දේවල් හදලා දෙයි... ගිය අවුරුද්ද තමයි අප්පච්චි හිටිය මගෙ අන්තිම උපන්දිනය... අප්පච්චිට නිවන් සුව !!!
😔
— feeling down.
Monday, September 18, 2017
...::: තනිය :::...
<3
තනියි මගෙ සඳ ඇවිත් තනියට
කවක් වත් පද බඳියි නම්
😋
නිවෙයි මගෙ හිත මැකෙයි තනි කම
දැහැන් ගත වෙයි නුඹෙන් මං
😍
සුදෝ සුදු අත මගේ හිස මත
තියා කියනා පෙම් වදන්
😒
අහන් ඉන්නට අනේ කවදද
නුවර එන්නේ මගෙ මචං
😂
Monday, September 4, 2017
කවි වල නැති එළි සමයට, බය වී බෑ කවි ලියන්න...
ලස්සන නැති මගෙ අත්වල,
වළලු වලට හැඩ කොහින්ඳ...
හැඩ නැති ඉඟ සුඟ දැක්කම,
ආල හිතුනෙ මොන හිතටද...
අඩි ගණනක් උඩින් ඇදෙන,
සුරංගනාවියො දැක්කම...
දුක හිතෙන්නෙ මට නුඹ ගැන,
වැඳිරි රුවට පෙම් බැන්ඳට...
😖
.
පාට පාට සෙරප්පුවට,
ගැලපෙන ඇඳුමින් සැරසෙන...
පාට පාට ගෑ කොණ්ඩෙට,
නේක මෝස්තර දමන්න...
නැතුවම මට උවමනාව,
එපා වේවි නුඹට මාව...
නාවත් මට ඒ හැඩ වැඩ,
යන්නෑ බැරි වැඩ කරන්ට...
😒
.
කවි වල නැති එළි සමයට,
බය වී බෑ කවි ලියන්න...
උඹ ළඟ සුර ලියක් වෙන්න,
නැති ගති බෑ ඇඟට ගන්න...
එපා වුණොත් මේ පිස්සිව,
නැතේ කාරි දමා යන්න...
කවුරු ගියත් මා තනි කර,
ගිටාරෙ
🎸
ඇති තනි රකින්න...
😍
.
© විලෝචනා අබේකෝන්
...::: මුර පදය :::...
මේ මගේ මූහුණු පොත,
හැමතිස්සෙ දොස් අසන...
😁
මට කිවිසුමක් ගියත්,
දහස් ගණනින් දන්න...
😄
නොකීවයි නොකියනුය,
මේ තමා යථ අරුත...
😒
මං නොදත් මුර පදය,
දනී සැම නිවැසියම...
😂
.
විහිලුවට ගැරහුමට,
ප්
රේමයට නුඹ දොඩන...
😉
සංවාද කවුලුවට,
එවන හැම පණිවුඩය...
😄
පුංචි පාතාලයත්,
භාරකාරත්වයත්...
😆
ඒ සැනින් දකින බව,
දැන ප්
රවේසම් වනුය...
😂
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)