Pages

Sunday, July 30, 2017

....::: ආසයි මට:::...


අත් අල්ලන් සරසවියේ,
මායිමටම රැගෙන යන්න,
යළි එනකල් දොරටුව ළඟ,
තරහ නැතුව නතර වෙන්න,
ගෑටුව ඔරලෝසුවෙ කටු,
නොදැනි නොදැනි කරකැවෙන්න,
ආසයි මට මං එන මග,
බලන් උන්නු නුඹ දකින්න... 😚
.
රුපියල් පහළවෙ තේකත්,
නුඹ එක්කල බෙදා ගන්න,
ලයාන් ගලේ මද පවනේ,
නුඹ එක්කල ඉඳන් ඉන්න,
පුංචි පුංචි බත් කටවල්,
ගුලි කර කර මට කවන්න,
ආසයි මං බලාගන්න,
නුඹ දුක් විඳි සැටි දකින්න... 😘
.
ගිණි අව්වේ කාස්ටකේ,
ඕන එපා දේ ගෙනෙන්න,
දිනකට තුන් හතර වරක්,
කපුගල කන්ඳට නගින්න,
කොච්චර වෙහෙසක් දැණුනත්,
දවසම මග තොට ගෙවන්න,
ආසයි මට ඒ හිත ළඟ,
හැමදාටම නතර වෙන්න... 😍
.
පුදුම හිතෙනදෑ කරවන,
කුමරියකට සේ සලකන,
ඉඳ හිට මගෙ නපුරු කමට,
තරවටු කර මෙල්ල කරන,
සුදු මූණේ සිරියාවට,
මගේ ඉහේ මල් පිපෙන්න,
පොරොන්දුවක් දෙනවද මට,
සංසාරෙම මගෙම වෙන්න... 😋

Sunday, July 23, 2017

හරි මං දැක්කා 😂

'<3 හරි මං දැක්කා 😂
.
හම්බ කෙරුව පනම් වලින් අප්පච්චියේ 😕
ලී බඩු මුට්ටු කොතෙකුත් ගෙයි තැනිච්චියේ 😌
ගෙයි ලොකු දූට වඩු සිත් පෙම් කෙරිච්චියේ :O
කොටලා ගිහින් නොවැ ඒ පෙම කවිච්චියේ 😷'


.
හම්බ කෙරුව පනම් වලින් අප්පච්චියේ 😕
ලී බඩු මුට්ටු කොතෙකුත් ගෙයි තැනිච්චියේ 😌
ගෙයි ලොකු දූට වඩු සිත් පෙම් කෙරිච්චියේ 
කොටලා ගිහින් නොවැ ඒ පෙම කවිච්චියේ 😷

Tuesday, July 18, 2017

...::: එනවද :::...

දවල් තිස්සෙ ඉඩ අල්ලන්,
පාර අයිනෙ බස් ගැන ගැන,
හරි වෙලාව ආපු හැටියෙ,
මං එක්කල අලි ගණින්න... 😍
.
නුඹ කිසි දින ඇහින් නුදුටු,
උඩරට දළදා පෙරහැර,
කුලුඳුලේම පේ වීලා,
එනවැයි මා හා බලන්න... 😂
.
උජාරුවෙන් පෙන්නන්නම්,
අපේ ආසනේ වග තුග,
අත් අල්ලන් එදාට හැකි,
සෙංකඩගල සිරි බලන්න... 😘
.
සෙනග අස්සෙ හොරෙන් එපා,
මගෙ උරහිස පැහැර ගන්න,
එහෙම කියල ඉඩ දෙන්නෑ,
පින්නට නුඹෙ හිස තෙමන්න... 😕
.
මුදු සුළඟක් නුඹ වෙලද්දි,
කඩුගන්නාවෙන් එනවිට,
රක්ත පලස් තව කුමටද,
නුඹ එන මග එළි කරන්න... 😚
.
වෙන කිසිදිනකටත් වඩා,
සෙංකඩගල බැබලෙනකොට,
හික්කඩුවට අත වනන්න,
නුඹට තවත් හිතෙයි ඔන්න... 😏
.
නුවර ළඳුන් හරිම හැඩයි,
ඒත් එපා නුඹ බලන්න,
බණ්ඩාරෙලා මටත් කුමට,
මගෙ හිත ගත් නුඹ ඇරෙන්න... 😒
.
උඩරට මැණිකෙගෙ අගයත්,
අන්න එදාටම දකින්න,
ජාති ජාති හිතාවි නුඹ,
නුවරින් කරකාරෙ ගන්න... 😚
.
ගැටඹෙදි දිය දෙබෑ කරන්,
කඩු පහරක් කෙටෙන විගස,
නුඹේ පැතුම් මෙනෙහි කරන්,
තුන් සිතින්ම භාර වෙන්න... 😊
.
හකුරු පිරුණු කිරි බත් වල,
සිත් සැටියේ රස බලන්න,
දිය කපනා තොට පුන් සඳ,
එළියෙන් මගෙ සඳ බලන්න... 😘
.
මගෙ පම්පෝරිය අසන්න,
සඳ එළියේ පෙම් කරන්න,
සැණකෙලි වල පැල් බඳින්න,
ලබන සතියෙ නුවර එන්න... 😍