Pages

Sunday, June 18, 2017

...::: හිමි වැනුම :::...


.
රෝස පෙති තෙත් හීන් දිගැටිය,
සයක් අඩි සුදු හැඩැති සිරුරය,
දෙව් ලොවින් බට සුර කුමරුවනි,
කිම්ද තට මනු ලෝ සැපා...
.
සඳේ රිදිමුව ලියවැලක සිරි,
මැදිව දිලෙනා තරු යුගල් සරි,
නයන යුග මා සසල කල,
උවනට උවම් මිහිපිට නැතා...
.
අසුර නිර්දය නුඹව පෙලුමට,
සත්වනක් පර්වත හෙලූවද,
මහාමෙරුවත් වසා මතුවූ,
පෙම් කඳක් නුඹ සුරකිනා...
.
පියනු නෙතු නිදි මරත් ම නයන,
වෙමින් හිප් කඩු රකිත් තුන් යම,
නුඹට නුඹවත් නොමැති මොහොතක,
ඇදෙමි සෙංකඩගල ඉරා...
.
දහස් බල පිරි දෙයත් යුග මත,
මටත් මා බර නොදී ඉසිලුව,
විඳත් බෝ දුක් වෙහෙස පැහැරිය,
නුඹට දිවියම වෙමි කැපා...
.
  : ...::: © ViLoCHaNa :::.. 

Thursday, June 15, 2017

...:::බැඳුණෙමි තව:::...


බස් රථයෙදි එදා,
අමනාපෙන් නිසා,
නුඹ ළඟ නොරැඳිලා,
පරතරයක් තියා...😒
.
උන් ඒ කණිසමේ,
වෙනකෙකු වම් පසේ,
සිට ගත් ඒ සැනේ,
මූණම දෙක වුනේ...😂😠
.
බැලු බැලු හැම වරේ,
නුඹෙ ඇස් ඔහු වෙතේ,
පුපුරණ නුඹ කෙරේ,
බැඳුණෙමි තව අනේ... 😄😍😘

Tuesday, June 6, 2017

එකම දෙය


ඉපදුන දා සිට,
සියල්ල මා පිළිබඳව දත වුව...
නුඹ,
කිසි දින නොදත්,
දැන ගැනුමට වෙ‍ර නොගත්,
එකම දෙය...
නුඹ කෙරේ,
මා සතු,
සෙනෙහසයි...