Pages

Tuesday, March 7, 2017

රුවින් මා නොවේ අගතැන්


රක්ත පැහැ සළු පිළි හැඳන්,
කොපුල් පැහැයෙන් හැඩ කරන්,
වේග රිද්මෙට ගැහෙන සාදෙක,
රඟා නෑ කිසි දිනෙක මං...

අපිළිවෙල ඇහි බැමි වියන්,
උපන් විලසෙම කෙස් රොදන්,
කිසිම දිනයක සැලුනයට වැද,
රූප හැඩ කර නැහැනෙ මං...

නුඹ වටා උන් සුරඟනන්,
නෙත් වසඟ කල යුවතියන්,
ලෙස රුවින් මා නොවේ අගතැන්,
කිමද ඕනෑ නුඹට මං...

No comments:

Post a Comment

leave your comment here...