
නෑටූවන් නැටූ තැන - වැයූවන් වැයූ තැන
ගල් ගැසී බලා උන් - සොඳුරු තිස් එක රෑකි...
.
අප්පච්චිගේ දෝනි - මිතුරු නිලධරයින්ගෙ
තුටු පවුල් සාදයේ - සියල් සිත් ගත්තියකි...
.
මුල් වරට පිරිසකගෙ - ඉදිරියෙහි වෙව්ලමින්
ගයන්නේ මිහිරියට - කන් පිනූ ගීතයකි...
.
නොසෙල්වී කිසිවෙකුත් - සිටිය හැටි රඟපාන
අප්ප්ච්චිගෙන් පෙනුනෙ -සතුට ඉපිලුනු සෙයකි...
.
හැර ගියත් අප්පච්චි - කවි කෙරුම් මට දේවි
තනිය දුරු කළ මෙ කවි - නුඹෙන් ලද උරුමයකි...
No comments:
Post a Comment
leave your comment here...