Saturday, March 18, 2017
Tuesday, March 7, 2017
රුවින් මා නොවේ අගතැන්

රක්ත පැහැ සළු පිළි හැඳන්,
කොපුල් පැහැයෙන් හැඩ කරන්,
වේග රිද්මෙට ගැහෙන සාදෙක,
රඟා නෑ කිසි දිනෙක මං...
අපිළිවෙල ඇහි බැමි වියන්,
උපන් විලසෙම කෙස් රොදන්,
කිසිම දිනයක සැලුනයට වැද,
රූප හැඩ කර නැහැනෙ මං...
නුඹ වටා උන් සුරඟනන්,
නෙත් වසඟ කල යුවතියන්,
ලෙස රුවින් මා නොවේ අගතැන්,
කිමද ඕනෑ නුඹට මං...
සුදුසුකම්

ඔබ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා තිබිය යුතුයි ...ඔබ කිසියම් උපාධියකට හිමිකම් කියන්නෙකු විය යුතුයි ...ඔබට ගීත ගායනා කිරීමට හැකි විය යුතුයි ...ඔබ ගිටාර් වාදනයට කැමැත්තක් දක්වන්නෙකු විය යුතුයි...ඔබට පරිගණකයක් හැසිරවීමේ දැනුම සහ දෘඩාංග පිළිබඳ දනුම තිබිය යුතුයි...ඔබ උසස් පෙළ ඉංග්‍රීසි විෂයට ඇබ්සන්ට් නොවූවෙකු විය යුතුයි...
ඔබට වන ජීවීන් සහ සොබාදහම ගැන ඉගෙනීමෙ ඇලමක් තිබිය යුතුයි...
ඔබට Hiking උණක් තිබිය යුතුයි...
ඔබට පිහිනීමට හැකි විය යුතුයි...
ඔබට ගස් නැගීමට හැකි විය යුතුයි...
ඔබට 50kg ක් එසවීමට හැකි විය යුතුයි...
ඔබ අඩි 5යි අඟල් 5 -11 අතර උස විය යුතුයි...
ඔබ කුමන අපරාධයක් කලද මා ඔබට සමාව දෙන අතර ඔබ මට බොරු කලහොත් මා අපරධකාරියක් වන බැවින් බොරු කීමෙන් වැලකිය යුතුය. ඔබ කැමති නම් සුරා පානය මෙන්ම ගව මස් වැනි මා ආහරයට නොගන්නා දේ භාවිතා කල හැකි අතර එවන් අවස්තා වල මා අපහසුතාවයට පත් නොවන පරිදි හැසිරිය යුතුය...ඔබ ත්‍යාගශීලී පුණ්‍ය වන්ත අයෙකු විය යුතුය. අනවශ්‍ය සමාජ ප්‍රශ්න පිළිබඳව අණුවන කෝපාවිෂ්ට මත නොදරන්නෙකු විය යුතුය.
අන් මත ගරු කරන්නෙකු විය යුතුය.
ඔබට හදිසියකට තේකක් බතක් සාදා ගැනීමට හැකි විය යුතුයි...ඔබ පිරිමි කමිසයක් සහ කලිසමක් නිසි අයුරින් මදින ආකාරය එක් වරක් ඩිමෝ දී එය ඔබට පුලුවන් බව ඔප්පු කල යුතුය...ඔබට තිබෙන ඇඳුම් සහ පාවහන් පිළිවෙලට පිරිසිදුවට ඇඳීම ප්‍රමාණවත් වන අතර ඔබට සුදුසු කොණඩා රැවුල් මෝස්තර පිළිබඳ නිසි අවබෝධයක් තිබිය යුතුය...
ඔබ විවාහය ඉතාම අඩු වියදමින් කිරීමට කැමත්තෙකු විය යුතුය...
ඉඳ හිට ගඩොල් බාග විසි වුණොත් දරාගත හැකි අයෙකු විය යුතුය...
ඔබට යකඩ කම්මලක් තුළ දැඩි ශබ්දය ඇතිව පැයක් එකදිගට සිටිය හැකි විය යුතුය...
.
එසේ නම් ඔබට මා සමඟ කම්මැලි නැතුව අපහසුවකින් තොරව දිවි ගෙවිය හැක...

මුල් වරට ගැයු ගීය


නෑටූවන් නැටූ තැන - වැයූවන් වැයූ තැන
ගල් ගැසී බලා උන් - සොඳුරු තිස් එක රෑකි...
.
අප්පච්චිගේ දෝනි - මිතුරු නිලධරයින්ගෙ
තුටු පවුල් සාදයේ - සියල් සිත් ගත්තියකි...
.
මුල් වරට පිරිසකගෙ - ඉදිරියෙහි වෙව්ලමින්
ගයන්නේ මිහිරියට - කන් පිනූ ගීතයකි...
.
නොසෙල්වී කිසිවෙකුත් - සිටිය හැටි රඟපාන
අප්ප්ච්චිගෙන් පෙනුනෙ -සතුට ඉපිලුනු සෙයකි...
.
හැර ගියත් අප්පච්චි - කවි කෙරුම් මට දේවි
තනිය දුරු කළ මෙ කවි - නුඹෙන් ලද උරුමයකි...
Saturday, March 4, 2017
මල් වර සාදේ අනංගයා



මල් වර සාදේ අනංගයා නුඹ,
මං පිළිකන්නේ ඉඳුල් පිඟන් ළඟ,
යන එන ඈයන් කවුරුත් නොහැඳිනු,
නුඹේ පෙම්බරී මං...

.
මාමලා නැන්දලා නෑ සියො ඔක්කොම,
එහෙට මෙහෙට කඩිමුඩියෙ දුවන විට,
මස්සිනා කන ළඟ තිව්වෙ කේලමක්,
එන පොට හරි නෑ බං...

.
අක්කෙ අන්න අර ළමිස්සියෝ ටික,
කාලා හමාරයි කාරි අහවරයි,
ඒත් අයියා එහෙ මෙහෙ යන වාරෙට,
බැල්ම දානවනෙ උන්...

.
දැම්ම විපරමක් පුවත හරි වගයි,
කෙල්ලො කුරුට්ටියො මුගෙන් ඇස් නොගයි,
උකුලු මුකුලු මල් හිනාව දැක්කම,
ඉරිසියා හිතුනනෙ බං...

.
නිල් පැහැ කමිසෙයි කලු පැහැ සරමයි,
උඹෙ සුදු මුහුණයි කදිමෙට ගැලපෙයි,
ඉතින් පුදුම නෑ ඔහේ බැලුවදෙන්,
අනේ තරහ නෑ මං...

.
උන් නම් දාහක් බැලුවත් කම් නෑ,
නුඹ බැලුවොත් නම් හිත වාවන්නෑ,
හොරෙන් හොරෙන් නුඹ බලලා අහුවුණොත්,
නොකියම යනවා මං...

Subscribe to:
Posts (Atom)