Pages

Thursday, March 5, 2015

...::: දෛවය :::...

♥ ♥ ♥ ♥ ♥
මෙතෙක් සසරෙහි සරා
දිනෙන් දින පව් පුරා
සතුට පමණක් දරා
කරුමෙ අමතක කරා
.
පවට බිය නැති නියා
සිතැඟි දිණුමට කියා
ලොවම පසෙකහි තියා
නුඹේ තුරුලට ගියා
.
කෙරුම් අමතක වුණේ
පවයි මගෙ මතු වුණේ
නරක කල හමුවුණේ
නුඹයි මට නැතිවුණේ
.
නොසිතා කලත් පව් මෙතෙක් සංසාරේ පුරා ...
කවමදාකවත් නොසිතූ විදිහට
කල පව් සේරම මට එකවර පල දෙන්න ...
මට තිබුණු ලොකුම සම්පත...
මට තිබුණ ලොකුම සේසත ...
මගේ පණ කෙන්ද උදුරගෙන
මාව පාගලා පාගලා
පොලොවට සමතලා කරලා දාලා
අමානුෂික විදිහට අහක බලා ගත්තා
මගේ දෛවය ...
ඇයි දැන් හුස්ම වැටෙන්නේ ???
ඇයි දැන් හදවත ගැහෙන්නේ ???
ඒ තමයි දෛවය විසින්
ජීවිතාන්තය තෙක් මට දුන් දඬුවම ...
මගෙ සිර ගෙය අහිංසක හිතක් ...
මට රිද්දන්නත් බැරි ...
මාව රිද්දන්නෙත් නැති ...
ඊටත් වඩා දඬුවමක් මට නෑ ...
දෛවය උඹ නම් මාරයි ... (y)

No comments:

Post a Comment

leave your comment here...