හීතල පින්නට මුහුණ හොවා...
දෑත් විදා මගෙ දෑස් වසා ... සිතුවේ ... එකම සිතුවිල්ලයි ... අතීතය , සේදී යන්න කියා ... සොඳුරු වස්සානේ ... අදින් නිමයි ... ප්‍රේම මන්ත්‍රණ සවනට නුහුරුයි ... රුදුරු නියඟය හිත වියළයි... එනමුදු තවමත් හද ගැහෙයි... . . ගැඹුරු සුසුම් පපු තුළට රුවා යහනේ ගුලිවී දෑස් වසා ... දුටුවේ... දවන ගිණි දැල්ලයි ... හෙට දවසම , අඩමාණයේ තියා ... කඳුලු වස්සානේ ... ගිගුම් තලයි ... යහන මත්තේ දෝර ගලයි... දරදඬු කය අඩපණ වෙයි... එනමුදු තවමත් හද ගැහෙයි... . . ගල් ගැසි නළලත දෙතොල් තියා ... නුඹෙ රුව අභියස දෑස් වසා ... සිහි කෙරුවේ ... එකම ලියවිල්ලයි ... මින් මතුවට, හිමිකම ඔහුට කියා ... විසල් හිස් අහසේ ...සිහින හිඟයි... හිස් අවකාශේ නෙතු අන්ධයි ... සොඳුරු මත් මල හෙට තනිවෙයි... එනමුදු තවමත් හද ගැහෙයි... . ෴ ලෝචි ෴ |
Saturday, February 21, 2015
...::: ප්‍රේම මන්ත්‍රණ අදින් නිමයි :::...
Thursday, February 19, 2015
...::: කන්ද :::...
♥ පහළට එන විටදි හමුවන........ දුකම තැන o.O
♥ යලි එහි යන විටදි හමුවන...... සැපම තැන ^_^
♥ පසුකර නොයන්නැයි දෙගුරුන් කියන තැන :(
♥ සුද්දා........... කන්ද උඩරට ගල විද්ද තැන :v
♥ යලි එහි යන විටදි හමුවන...... සැපම තැන ^_^
♥ පසුකර නොයන්නැයි දෙගුරුන් කියන තැන :(
♥ සුද්දා........... කන්ද උඩරට ගල විද්ද තැන :v
Saturday, February 14, 2015
...::: මනමාල හිත :::...
♥ චාටු කතා කෙලි කෝල වදන්
.....................මනමාල හිතින් දොඩවාපු නිසා :v ♥ සිහිලාර වගේ මගෙ හීනෙ වෙලී .....................මනලෝල රැඟුම් මට පෑව නිසා :* ♥ මහ පාරෙ තොටේ කොලු හාද බැලුම් දැක ......................... කෝඩු හිතින් විඳවාපු නිසා :/ ♥ ඉවසාන රිදුම් නුඹෙ වාද බැනුම් ................... නුඹටම කැපවුණි හද කවුළු වසා ^_^ |
Monday, February 9, 2015
...::: ඉබේට ලියු සිතුවිළි :::...
නුඹේ සවන් මත රැව් පිළි රැව් දෙන,
ගීත අසා තව එක සැරයක් ...
හඬන්න හිතවත පපුවේ ඇවිලෙන,
ගින්න නිවන කඳුලැලි වැස්සක්... :(
නුඹේ තනිය එක් සැනින් නිවූ,
පෙම් වදන් දෙඩූ එක හුරතලියක්...
මාල හතක් ගෙල ලාන ඉතින් හෙට,
යන්න යාවි බෝ දුර ගමනක්... :O
සියුමැලි ඔය වත සිත්තම් කරනට,
හිඳින්න නොසැලී හෝරාවක්...
රකින්න මුණිවත විඳින්න නුඹ ගැන,
ඉබේට ලියු සිතුවිළි ගොන්නක්... :/
බලන්න මා දෙස මේ නෙතු යුග දෙස,
හෙලන්න දුක් බර දිගු හුස්මක්...
ලියන්න පෙම්වත එළි වැට ගලපා,
මගේ නමින් තව එක් කවියක්... o.O
ගීත අසා තව එක සැරයක් ...
හඬන්න හිතවත පපුවේ ඇවිලෙන,
ගින්න නිවන කඳුලැලි වැස්සක්... :(
නුඹේ තනිය එක් සැනින් නිවූ,
පෙම් වදන් දෙඩූ එක හුරතලියක්...
මාල හතක් ගෙල ලාන ඉතින් හෙට,
යන්න යාවි බෝ දුර ගමනක්... :O
සියුමැලි ඔය වත සිත්තම් කරනට,
හිඳින්න නොසැලී හෝරාවක්...
රකින්න මුණිවත විඳින්න නුඹ ගැන,
ඉබේට ලියු සිතුවිළි ගොන්නක්... :/
බලන්න මා දෙස මේ නෙතු යුග දෙස,
හෙලන්න දුක් බර දිගු හුස්මක්...
ලියන්න පෙම්වත එළි වැට ගලපා,
මගේ නමින් තව එක් කවියක්... o.O
Sunday, February 8, 2015
...::: නාරි වත :::...
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
. සාරි හැඳි ....නාරි වත...........ඔමරි පාමින් අගේ :( පෝරු මස්තක දිළෙන......... කල එළඹුනා වගේ :O වීරි හඬ ......මීරියට ........ඇසුනු හින්ඳා..... මගේ :/ කාරි නැත බීරි මට...........පෙන්නපන් නුඹෙ රඟේ >:( . මලින් ගැවසුණු උයනෙ .........රැජිණ කිම් කල මනා :/ අහේනිය නැති උයනේ......... මගෙන් මොන කාරණා >:( මල් පිරුණු උයනකට.............. මෙවන් මල් නුවමනා :/ මල් නොපිපි ඒ උයනෙ ...............පූදින්න දෙණු මැනා :( . . |
Subscribe to:
Posts (Atom)