Pages

Monday, February 9, 2015

...::: ඉබේට ලියු සිතුවිළි :::...

නුඹේ සවන් මත රැව් පිළි රැව් දෙන,
ගීත අසා තව එක සැරයක් ...
හඬන්න හිතවත පපුවේ ඇවිලෙන,
ගින්න නිවන කඳුලැලි වැස්සක්... :(

නුඹේ තනිය එක් සැනින් නිවූ,
පෙම් වදන් දෙඩූ එක හුරතලියක්...
මාල හතක් ගෙල ලාන ඉතින් හෙට,
යන්න යාවි බෝ දුර ගමනක්... :O

සියුමැලි ඔය වත සිත්තම් කරනට,
හිඳින්න නොසැලී හෝරාවක්...
රකින්න මුණිවත විඳින්න නුඹ ගැන,
ඉබේට ලියු සිතුවිළි ගොන්නක්... :/

බලන්න මා දෙස මේ නෙතු යුග දෙස,
හෙලන්න දුක් බර දිගු හුස්මක්...
ලියන්න පෙම්වත එළි වැට ගලපා,
මගේ නමින් තව එක් කවියක්... o.O

No comments:

Post a Comment

leave your comment here...