හීතල පින්නට මුහුණ හොවා...
දෑත් විදා මගෙ දෑස් වසා ... සිතුවේ ... එකම සිතුවිල්ලයි ... අතීතය , සේදී යන්න කියා ... සොඳුරු වස්සානේ ... අදින් නිමයි ... ප්‍රේම මන්ත්‍රණ සවනට නුහුරුයි ... රුදුරු නියඟය හිත වියළයි... එනමුදු තවමත් හද ගැහෙයි... . . ගැඹුරු සුසුම් පපු තුළට රුවා යහනේ ගුලිවී දෑස් වසා ... දුටුවේ... දවන ගිණි දැල්ලයි ... හෙට දවසම , අඩමාණයේ තියා ... කඳුලු වස්සානේ ... ගිගුම් තලයි ... යහන මත්තේ දෝර ගලයි... දරදඬු කය අඩපණ වෙයි... එනමුදු තවමත් හද ගැහෙයි... . . ගල් ගැසි නළලත දෙතොල් තියා ... නුඹෙ රුව අභියස දෑස් වසා ... සිහි කෙරුවේ ... එකම ලියවිල්ලයි ... මින් මතුවට, හිමිකම ඔහුට කියා ... විසල් හිස් අහසේ ...සිහින හිඟයි... හිස් අවකාශේ නෙතු අන්ධයි ... සොඳුරු මත් මල හෙට තනිවෙයි... එනමුදු තවමත් හද ගැහෙයි... . ෴ ලෝචි ෴ |
Saturday, February 21, 2015
...::: ප්‍රේම මන්ත්‍රණ අදින් නිමයි :::...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
leave your comment here...