♥ Do you feel her like this ??? ♥ I wish someone feel me like this ... ♥ In my next life :*
එක කෙල්ලෙක් දැක්කම මෙහෙම දැණුනා ... ♥ පිපීගෙන එන රෝස මලක් වගේ, කවියෙක් දකින හීනයක් වගේ, දිලිසෙන කිරණක් වගේ, කැලේ මුව පැටික්කියෙක් වගේ, සඳවතියගෙ රැයක් වගේ, මුදු වදනක් වගේ, මන්දිරයක දිලෙන පහනක් වගේ ..... :* . එක කෙල්ලෙක් දැක්කම මෙහෙම දැණුනා ... ♥ උදෑසන සුන්දරත්වය වගේ, ශිශිර ඍතුවේ හිරු එළිය වගේ , වීණාවේ තානාලංකාරයක් වගේ, සියල් වර්ණ වල සාරයක් වගේ, එතෙන වැලක් වගේ, සුවඳ අරන් එන සීතල හුළඟක් වගේ..... :* . එක කෙල්ලෙක් දැක්කම මෙහෙම දැණුනා ... ♥ රඟන මොණරියක් වගේ, සේද නූලක් වගේ , සුරංගනාවියන්ගේ රාගයක් වගේ, සඳුන් ලීයක ගින්නක් වගේ, සුන්දරත්වයේ සොලොස් විධි වගේ , නැවත නැවත නැවුම් වෙන මීදුමක් වගේ , හෙමින් හෙමින් වැඩි වෙන මත් බවක් වගේ..... 2015-04-07 12.07 AM ------------------------------------------------------------------- ♥ :( :/ o.O ♥ :( :/ o.O ♥ . රෑ දාවල් නින්ද නැතුව, ♥ වෙහස වුණා දෙයියා................... :( කොයි කවුරුත් එය හොඳ හැටි, ♥ දැන උන්නනෙ දෙයියා..................... :/ ඒ තියෙද්දි ගජ රාමෙට, ♥ හිත බින්ඳනෙ දෙයියා...................... o.O දැන නම් මට ඔය සේරොම, ♥ එක ගානයි දෙයියා..................... :/ . ආදරෙ ආදරෙ කිය කිය, ♥ හද රිද්දුවෙ දෙයියා.................. o.O අැස් රතු වී කම්මුල් හරි, ♥ මලානිකයි දෙයියා.......................... :/ අැසූ හරස් පුරස්නයට, ♥ හිත පෑරුණි දෙයියා......................... >:( ආයෙත් හිත හදාගන්න, ♥ බැරි වෙයි මගෙ දෙයියා................ :( . පුට්ටු වෙන දත් කුට්ටම, ♥ ගැලෙවයි මගෙ දෙයියා............... >:( හිස අස්සේ රුධිර නාල, ♥ පුපුරයි මගෙ දෙයියා....................... :/ ඔය හැටි මට දුක් ගින්දර, ♥ දරන්න බෑ දෙයියා......................... :( දැන් වත් මට මගෙ පාඩුෙව, ♥ ඉන්න දෙන්න දෙයියා................o.O 2015-03-09 08.47 PM ------------------------------------------------------------------- ♥ ♥ ♥ ♥ ♥ චුට්ට චුට්ට රෑ වෙද්දි... පරිසරය නිහඬ වෙද්දි ... බෝඩිං කාමරේ වහලේ උළු කැට අතර වීදුරුවෙන් මට උඹව පේන්න ගන්නවා ... මම උඹ දිහා බලාගෙන කඳුලු හලනවා ... ♥ පිරුණු සඳ ... ♥ නොසිතූ ලෙස මගෙ මුළු දිවියම ඔබ රුව තුළ සඟවා එහි සිරගත කරවයි !!! 2015-03-06 08.57 PM ------------------------------------------------------------------- <1 ... <2 ... ♥ ... <4 ... <5 ෴ හැම අංකෙටම හදවත සම්පූර්ණ කරන්න බෑ ... :! ... :# ... :% ... :* ... :$ ... :^ ෴ හැම සංඛේතයටම එක හැඟීමක් දෙන්න බෑ ... !_! ... ^_^ ... #_# ... *_* ෴ හැම සංඛේතයටම මුණට හිනාවක් දෙන්න බෑ ... :!( ... :#( ... :'( ... :$( ... :*( ෴ ඒ වගේම හැම සංඛේතයටම මාව අඬවන්නත් බෑ ... . - ලෝචි - 2015-03-02 10.20 PM ------------------------------------------------------------------- :( ♥ :( සිත් ගත් නදකට සවන් දිය නොහැකි ... සිත් ගත් දසුන් නැරඹිය නොහැකි ... සිත් ගත් තැනක එනු යනු නොහැකි ... කිසිදු කිසිවෙකු ඇසුරු කල නොහැකි ... කිසිවෙකු හා ඇයි හොඳැයි අසනු නොහැකි ... තම දෙවියන් ඇදහිය නොහැකි ... සිත් සේ දිවි ගෙවිය නොහැකි ... හුදු තමන්ගේම දින චර්යාවකට උරුමය කිව නොහැකි ... කිසි දින නුඹට හිමි කර ගත නොහැකි ... මම ... නුඹ තැනූ එක්ටැම් දිව්‍ය මාළිගාවේ ... සිරකාර දෙවඟන ... |
2015-02-04 2.58 PM
-------------------------------------------------------------------
කන්ද උඩරට,
සෙංකඩගල පුරවරයේ ,
ගඟවට කෝරලයේ,
කවි කාරියක් ...
රුහුණු පුරවරයේ...
කවි කාරයෙකු හා...
පෙමින් බැඳුණු වගයි ...
201-01-08 12.53 PM
-------------------------------------------------------------------
Love you my Banded Peacock ...
- yours psyche - :*
2014-12-20 2.16 PM-------------------------------------------------------------------
Love you my Banded Peacock ...
- yours psyche - :*
-------------------------------------------------------------------
කැළඹුනු මහ සයුර ගොඩ ගලා ...
පව් කඳ සෝදන්න වෙර දැරුව මුත් ...
හැමදාම මහ සයුර කැළඹුනා ...
පව් කඳේ අඩුවක් නොවීම ...
වෙරළ කොණ හිඳ බලා උන්නා දුර සිතිජය දෙස ...
දුටුවේ අහසත් සයුරත් මිතුදමින් වෙළී සිටි බව ...
රුවල් ඉරුණු නෞකාවේ නැගී එය නැරඹීමට ගියමුත් ...
දැණුනා අහසෙත් සයුරෙත් එහෙව් මිතුදමක් නොවුණු වග ...
එදයි අහස දුටුවේ ...
මහා පව් කඳ ...
කෙමෙන් කෙමෙන් පිණි වැසි වස්සවා ...
ටිකෙන් ටිකම සෝදා හළ පව් කඳ ...
නොබෝ කළකින් විය පින් කඳ ...
හිතවත්ය ... තැන්පත්ය ...
රූබරය ...ප්‍රියමනාපය ...
පින් කඳ ...
හදිසියේ අහස කැළඹුණා ...
පින් කඳ නිසල විට ...
දුරක සිට අතපෙවිය නොහී වැළපුණා පින් කඳ...
කිසිවක් කර කියා ගත නුහුණුව ...
පින් කඳ බලා උන්නා දුර අහස දෙස ...
කඳුලු ගංඟා සොයා ඇදුණා මහ සයුර ...
කැළඹුණ සයුරට සුව පත් කළ නොහුණු පව් කඳ සොඳය ...
කැළඹුණ අහසට අත පෙවිය නොහැකි පින් කඳට වඩා...
ඔබ යන්න ... ඔබ යන්න ...
2014-12-11 08.52 AM
-------------------------------------------------------------------
" සුදු අම්මි " :* ... අපේ චූටි නංගි සාමාන්‍ය පෙළ ලියනවා ...
" සුදු අම්මා " :* ... My Love ... Sitting for his final University Exams ... ♥ May triple gem bless both of you ... ♥ |
2014-12-07 09.59 AM
-------------------------------------------------------------------
සතුට යනු ... මං ආදරේ කරන පිස්සු හුරතල් කෝච්චිය,
මටත් එලෙසම ආදරේ කිරීමය ... :*
2014-12-04 07.27 PM
-------------------------------------------------------------------
නුඹ දුන්න වේදනාව දරාගැනීම...
ලබන සෙමෙස්තරේ විෂයන් 10ක් සමග ...
පසුගිය සෙමෙස්තරයට අදාල විෂයන් 5 ක් එක්කොට ...
විෂයන් 15ක් එකවර ලිවීමටත් වඩා අපහසු හෙයින් ...
ලබන සෙමෙස්තරයට සතුටින් මුහුණ දෙමි ... :D
මුහුණු පොතේ දි නුඹේ පුරුදු මුහුණ
අද නුහුරට පෙනීමට වඩා ...
කවදත් නුපුරුදු මුහුණු වලින් ගැවසි
සරසවිය සොඳ යැයි සිතේ ... (y)
- ලෝචි -
2014-12-02 06.47 PM
-------------------------------------------------------------------
සතුට යනු... එකම එක දවසක් වත් සහභාගී නොවුණ ලෙක්චර් එකක Exam එකට ඒ Subject එකේ නම වත් නොදන්න කෙනෙක් කියලා දුන්න උත්තර ලිවීමය ... කොහොම හරි උදාහරණයක් එක්ක හොඳ සවිස්තරාත්මක පිළිතුරක් ලැබුණා.තුති ... ! 2014-11-30 08.19 AM ------------------------------------------------------------------- |
:O ♥ :* :O ♥ :* :O ♥ :*
අම්මේ ... :O
ලස්සන කොල්ලෙක් ... ^_^
අහල ගම් හතක් සුවඳයි එ් සුවඳට ... :v
කවි සිතුවිලි එනවා :D
ගිණි මද්දහනේ බස් හොල්ට් එකේ හිටියත් ... :v
එහෙ මෙහෙ බල බල බස් එකක් එනකල් :/
ඒ කොල්ලා ඒ කොල්ලගේ ලෝකේ ... :p
මට ඉතින් බස් ගැන සිහියක් නෑ ... ;)
ගිටාර් එක තිබ්බා නම් කියනවා සින්දුවක් ... :*
හින්දි Film වල වගේ ... :D
අයියෝ ... :O
ඔන්න ආවා බස් එකක් ... :/
එ්කේ එල්ලිලා ... නොපෙනී යන කල් මං දිහා බලාගෙන ගියා ... :(
කෙලින් පාරක් වුණා නම් ගෙදර යන කල්ම Zoom කර කර බලනවා ... :D :v
දැන් ඉතිං Lap එකේ Wallpaper එකට වෙලා හිටියා ඇති ... :/
මේවා එයත් දැනගන්න ඕන ... >:(
ඔව් ... :/
අඩුගානේ මගේ Wallpaper එක එයා කියලා ... :v
අයියෝ එයා ... :* ♥
2014-10-27 04.59 PM
-------------------------------------------------------------------
තරු කැට දෙකයි ^_^ ^_^
ජුජුබ්ස් කෑලි එකයි ♥
චීස් කෑලි දෙකයි :* :*
බොම්බයිමුටයි :v
2014-10-15 06.55 PM
-------------------------------------------------------------------
♥ ♥ ♥ ♥ ♥ ♥ ♥ ♥
සින්දුවක් කියාගෙන උය උය මම කුස්සියේ ඉද්දි ... :D
බෝඩිමේ කෙල්ලක් ඇහුවා මෙන්න මෙහෙම ... :O
"දැන්ද උඹට ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ???" :)
මම හිනාවෙලා බිම බලා ගත්තා ... O:)
ලොකු දෙයක් තිබුණා ඒ වචන ටිකේ ...
මටම මං ගැන වත් නොතේරුණ ... :/
ගඩොලින් ගඩොල මේ ජීවිතේ ගොඩනැගුව නුඹ ...
දැන් මේ හදන්නේ කපරාරු කරන්න නේද ???
මම දන්නවා ... o.O
ලඹ කැටේ තියලා බලද්දි විෂම තැන් හුඟක් තියෙයි ...
ඒ නුඹ ගොඩනැගුව විදිහේ වරද නෙවේ ...
අත්තිවාරම වෙනස් කරන්න නුඹට බෑ නෙ... :(
මට ඕන නෑ ඕන නෑ ...උඔ පලයන් කියද්දි ...
කාගෙදෝ ගරා වැටුණ ගෙදරක් නුඹ හදන්න උත්සහ කරන්නේ ...
උඹට පින් ... o.O
දෙයියනේ කියලා මේ කොණ්ඩෙ වැවෙයි ...
මම කාලා බීලා නාලා ඉඳියි ...
හිනා වෙලා සින්දු කියලා ඉඳියි ...
ලෙක්චර්ස් යයි ...^_^
ඒත් උඹට දොස් කියයි ... දහසක් දෙනා ...
අහිංසක නුඹ ගත් තීරණය ගැන හරි වගතුගක් නොදැන ... :(
අර කෙල්ල බෝඩිමේ බිත්තියේ මෙහෙම කොලයක් අලවලා තියෙනවා ... :/
" සියල්ල අවසානයේ ඔබ පසු තැවෙන්නේ
ලබා නොගත් අවස්ථා
ඇති කර ගැනීමට බිය වූ සබඳතා සහ
ගැනීමට ප්‍රමාද වූ තීරණ ගැන පමණි "
(y) (y) (y)
♥ ♥ ♥
ප්‍රමාද නොවී යන්න නුඹ ...
සාප කරනවුන් සාප කරාවි මට ...
උනුන් ගැන නොදැන ...
ඒත් දැන් මට ඕන උඹේ සතුට ...
උඹ කවුරු උනත් ...
දැන් ඇති ...
යන්න ... නුඹ ...
^_^ ^_^ ^_^
2014-10-05 01.54 PM
-------------------------------------------------------------------
(y) ♥ >:( >:( >:( ♥ (y)
ඕන දෙයක් ඉවසන්න පුළුවන් ...
බූරු කතා ඇරෙන්න ... :O
සල්ලි වලට කාට හරි කැමති වෙන්න අහේනියද?නෑනේ ???
අධ්‍යාපන මට්ටම් වලට , පට්ටම් වලට කෙනෙක්ට කැමති වෙන්න ඒ නිසා කොහෙත්ම ඕන නෑ...
අපේ අයියා කියන්නේ ... :D
නංගි , ඉන්ජිනේරුවො හොයන්න එපා ,ඩොක්ටර්ස්ලා හොයන්න එපා ...
එයාලා ඕන තරම් සමාජෙ ඉන්නවා ...ගෙදරට ඕන , තමන්ට ඕන ස්වාමිපුරුෂයෙක් ...
හොඳයි හොඳයි ලේසියි නියමයි කිය කිය ඉස්පිරිතාලෙයි පෙට්‍රෝලියම් එකයි විදුලිබල මණ්ඩලෙයි ටෙලිකොම් එකයි වරායයි වගේ ඔක්කොම ගෙදර ගෙන්න් ඕන නෑ,
අන්න අයියලා :D (y)
කොල්ලෙක්
කැම්පස් ගියා නම් හොඳයි ...
වැඩි දුර ඉගෙන ගන්නවා නම් හොඳයි ...
ඔය සේරටම වඩා හොඳ පොළවෙ පය ගහලා ඉන්න දන්නව නම් තමයි ...
අම්මා තාත්තාගේ සල්ලි පෙන්නලා මොකටද ?
ඒවා හම්බ කරන්න පුළුවන් ...හම්බ කරපුවා කළමණාකරණය ගන්න මොලේ ඕන...
ඔක්කොටම කලින් කාටවත් පේන්න කාර් එකක් නෙවෙයි ...
කාර් එක පාර්ක් කරන්න ගෙදරක් ඕනේ ...
බාල පුතා කියලා ගෙදර මටනෙ කියනවා නම් අපෝ ඒ පුතා වැඩක් නෑ...
අක්කට නංගිට ඒවා ලියලා පොළවෙ පය ගහල ඉන්න කෙල්ලෙක් හොයා ගන්නයි ඕන...
ඒ කෙල්ලට මොලේ ඕන කොල්ලගේ පොකට් එක බලාගන්න...
ඔයාගේ අම්මා එක්ක මට ඉන්න බෑ කියන කෙල්ලො එපා ...
ඒ කෙල්ල දවසක මිනිහත් පන්නයි ...
අම්මටත් ආදරේ කරනවද බලන්න ඕන ...
මාව එපා නම් ,
කෙල්ලෙක් එක්ක යාළු වෙද්දි ඒවත් හිතන්න ...
ඔයා නම් මාරයි ...
යාලුවොන්ට පේන්න ලස්සනට අරන් යන්න නෙවේ ...
මනුස්සයා හැමදේම දෙපතුලට ගෙනත් දෙනකල් බලන් ඉන්න කෙල්ලෝ හොඳයි හුරතලේට...
ඒත් කවදා වෙනකල් ඒ හුරතලේ තියෙයිද?
මෝඩ කතා ... :D
මට ඕන කලේ බූත කොල්ලෙක් නෙවේ ...
දෙයියනේ කියලා සින්දු අහන, ගිටාර් ගහන ,කඳු නගින,නටන,සෙල්ලම් කරන,උදැල්ලක් පිහියක් අල්ලද්දි කර ගැට නොඑන ... අලුත් දේ හොයලා ඉගෙන ගන්න,
දෙයියනේ කියලා අපේ කුඹුරු වලින් ගේන වී ගෝනියක් උස්ස ගන්න පුළුවන් හයිය තියෙන , බොළඳ වෙන්න ඕන වෙලායට ඒකත් දන්න කෙනෙක් ...විශේෂයෙන් මට වගේ පිස්සුවක් තියෙන කෙනෙක් ...
දෙයියනේ කියලා ඒ සේරම ඔයාට තියෙනවා නම් මට මොකටද තව
ඔයා ඔය ලොකුයි කියන අතු ???
ඔයා ඉන්න ඕන මේ ලෝකෙ කොහෙ හරි හොඳින් ...
මා එක්ක බැරි නම් කා එක්ක හරි හොඳින් ඉන්න ...
සතුටින් ...
කාලා බීලා ...
ඔයා හොඳින් ඉන්නවා කියන්නේ අන්න මට ඕන එච්චරයි අප්පා ...
හතුරො නෙවේනෙ ...
පණ දීලා ආදරේ කලේ ළඟ ඉඳලා දුරස් වුණාම හෙණ ගහපිය කියන්න නෙවේ ... :/
ඒත් කවදා හරි මගෙ වෙන කෙනාට මම කියන්නේ මෙච්චරයි ... (y)
" ඔයාට නගින්න බැරි කන්දක් තියෙනවා නම් ...
ඒ කන්ද මට නගින්න පුළුවන් ,ඒත් ඔයාට බැරි නම් ...
මම ඒ කන්ද නගින්න ඔයාට උදව් කරනවා,
උපරිමයෙන් ...
බැරිනම් ...
මමත් ඒ කන්ද නගින්නේ නැතිව ඉන්නවා ...
ඒක කඩුගන්නාව කන්ද නම් ...
ඒ කන්ද නගින අදහසත් මම අත අරින්නම් " :*
♥ ♥ ♥
2014-10-03 9.30 PM
-------------------------------------------------------------------
නුඹ කන බොන දෑ නොදැන...
නුඹ අඳින පළඳින දෑ නොදැන...
නුඹට අවැසි දෑ නොදැන...
නුඹ යන මඟ නොදැන...
නුඹ කාගෙ කව්ද නොදැන...
නුඹ කොහිද නොදැන...
නුඹ ගැන කිසිත් නොදැන...
අන්ධ නොවූ නෙතු පියා ,
ඉසව්වක් නොදැන ආ මඟ...
සිහි විකල්ව සැනෙකින් පියවි සිහිලා,
නෙතු පියන් හැරි සඳ ...
ගව් ගණනක් දුර ,
කිසිවෙක් නොදන්න...
මහ සයුර මැද තනිවූ ,
රුවල් බිඳි ඔරුවක ඉරණම මට උරුම කළා ...
-------------------------------------------------------------------
:* ...::: නුඹ රැගෙන ගියා නැවත මා වසර ගණනක් අතීතයට :::... :*
දිවිතුරා පුස්තකාලයකට නොගිය මං එදා ගියේ පුස්තකාල සහ පොත් කඩ වල ඉංග්‍රීසි පොත් තියෙන තැන් වලට ... Butterfly Guides හොය හොය Bird Guides හොය හොය John Banks,Judy Banks ,John Harrison යන්නවුන් වන්දනාමාන කල,දකින දකින සමනල්ලු පස්සේ දුව දුව උන්ගේ වග තුග හොයන , අහල පහල අයගේ Camera Phone ඉල්ලන් බෝක්කු අස්සේ,කැලෑ අස්සේ වෙල් ගානේ ඉබාගාතේ දුව දුව සමනල්ලු Identify කරගන්න හිතුණ පුදුමාකාර උණක් එක්ක, දකින caterpillars ලව ගහේ කොලේ උඩ අත ඇරලා එන්න බැරි තරම් තිබුණ sick එක මට ඔයා නිසා මතක් උනා. :D
කෙල්ලෙක් කියලත් අමතක වෙලා ගියාට පස්සේ අම්මෝ :O මේ කොහෙද මේ කියලා හිතුණ තැන් තරණය කලා ... හා හා පුරා කියලා දැක්කා ලස්සන caterpillar කෙනෙක් ... දැන ගත්තා ඌ Mime කෙනෙක් කියලා ... දැම්මා බෝතලේකට ... මං නොකෑවත් දුන්න ඌට කන්න වෙලාවට :D ...දවස් ගාණකින් එයා කෝටු කෑල්ලක් වගේ කෝෂේ බැඳලා ... ඒත් මං නැති දවස් ටිකේ හේමකාන්ති මැඩම් අයියෝ මගේ පණ එළියට දාලා ඌව කූඹි කාලා. :(
බෝතල් ගොඩක් කාමරේ ගොඩගහගෙන කියලා අම්මි බනිනවා.පැල වලට බෙහෙත් ඉහිනවා.
කරපිංචා,කුරුඳු,දෙහි ගස් එකක වත් කොල නෑ.සමනල්ලු විතරක් නෙවේ අනුකම්පා හිතුණා වතුසුද්ද ගස් වල ඉන්න Moth ලටත්.යක්කු 3 දෙනෙක් ගෙනල්ලා හැදුවා බෝතල් වල දාලා වත්තේ වතුසුද්ද ගස් සේරම සුද්ද වෙලා අනික් වත්තෙත් ගස් වල කොල ඉවර වෙනකල්.Commanders ලා තුනක්.එකම දවසේ Hatch වෙලා බය වුණා යක්කු තුන් දෙනාට මම එකසිය ගාණට...
ඊට පස්සේ හම්ඹුණා Bluebottle,Tailed Jay,Common mormon both male female... Blue mormon වගේ එවුන් අපේ වත්තෙ ඉඳලා.ලොකුම ආසාව තිබුණෙ Crimson Rose සහ ලංකාවේ විශාලම butterfly Common Birdwingව හදාගන්න.ගෙන්න ගත්තා සප්සඳ පැලයක් බොහොම අමාරුවෙන් ...මල් පැලයක් වත් හිටෙව්වෙ නැති මම ඔන්න උදේ හවා පැලේකට සාත්තු කරන්න පටන් ගත්තා.කොල එක දෙක හැදෙද්දි පුදුම සතුටක් දැනුනේ...අඩි ගාණක් වැවුණ පැලේ දවසක් වත්තේ වැඩ කරන මනුස්සයා දන්නේ නැතුව උදළු ගාලා.මට කියන්න වචන නෑ ඉතින්.
:D පණ්ඩිතයා වගේ පොඩි crew එකක් එක්ක නැග්ගා හැටන් පැත්තෙන් සිරීපාදේ.ගියේ නුවර ඉඳලා කෝච්චියෙන්.හැටන් පැත්තෙන් බහින්න යද්දි පොඩිවෙලාවකට පාර වැහුවා.කතා වෙලා බැස්ස රත්නපුරේ පැත්තෙන්... ඒ පැත්තනේ බලන් යද්දි ලස්සන... :) ඔහොම බහිද්දි බහිද්දි අම්මට සිරි මෙන්න ඉන්නවා Blue Oak leaf කෙනෙක්... Tree Nymph කෙනෙකුත් ආවා.Ceylone Rose
කෙනෙකුත් දැක්ක... මට ඊට වැඩි දෙයක් නෑ.අන්න ඒ Trip එකෙන් මට වැඩක් උණේ කවදාවත් දැකලා නැති Butterflies ලා තුන් දෙනෙක්ම දැක්ක හින්ඳයි. :D
ඔන්න පළවෙනි වතාවට Crimson Rose කෙනෙක් දැක්කේ ඇතුගල නගිද්දි.පළවෙනි පාරට Common Birdwing දැක්කේ Campus එකට යන පාරෙදි. :*
මම ආසයි Banded Peacock කෙනෙක් බලන්න.ඒත් මේ පාරේ යන්න තනියම බෑ.මේ පාරේ යන්න මේ උණ තියෙන මනුස්සයෙක් ඕනේ... මම මේවා කියද්දි තේරෙන්න ඕනේ.මට අමතක නම් මතක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.කඳු බාගයක් නගිද්දි අම්මෝ කියන අය එක්ක මේ පාරේ යන්න බෑ. :/ ඔයා මගෙන් උණ බෝ කර ගත්තට කමක් නෑ.දැන් මටත් කියලා දෙනවා ... නෑ නෑ මම දැක්කේ Painted-Saw-Tooth නෙවේ Jezebel කෙනෙක් කියලා. :p
ඒක නියමයි.මගේ උණ තියෙන කෙනෙක් හම්බුන එක.මට ඔයාගේ අලුත් වෙනස දැක්කම මාර සතුටුයි.2009 Telecom Diary,Telecom calenders,Pocket calenders ඔක්කොම හොයා ගත්තා...ඇයි කියලා දන්නේ ඒ උණ තියෙන අය තමයි. ;)
මට යන්න බැරි වුණ දුර ඔයා යයි...කැමතියි! සතුටුයි ! :* (y)
මීට -
ලෝචි :*

2014-8-28 3:09 PM
-------------------------------------------------------------------