Pages

Tuesday, September 4, 2012

...::: ඇති තේරුමක් | නැති කවක් :::...

ආ මග දුරයි දැන්...
යළි හැරී එන්නට දන්නෙ නෑ
දැන සොයන් එන්නට හිතක් නෑ
නුඹ මගේ දිවියේ සැගවිලා
සින්නක්කරව සිත නතු කරන්
ලොව කොහේදෝ කාටවත් නොපෙනෙන
තැනක මා සිර ගත කලා
නුඹ නොමැති මොහොතක නුඹ සොයයි
සිත ඉකි ගසයි
වෑවුම් නොවෙයි
මගෙ කදුලු තහනම් ලෙස ගලයි
ලොව දොස් නගයි
මම අසරණයි
කවුරුන් නැතත් නුඹ මා දනියි
මා සිත දනියි සිත දුක දනියි
මුලු සසර තෙක් සිත පෙම් බදියි
එන මග බලයි
සෙනෙහස ගලයි

Wednesday, August 29, 2012

...::: දෙව්දත් දිටි නිරේ :::...

පොළෝ  දෙදරා  මුල්  ඇදු මහ  තුරු කඳන් ඇත ගිලිහිලා
තුරේ  එතිලා  පල   දැරූ  සරු ලතා  මඩුලුද සුන් වෙලා
දියෙන්  උතුරා  පිටාරේ  ගිය නිල්  ගඟුල් අද  බොර වෙලා
දිනෙන් දින ලොව සොඳුරු යැයි කී සෑම දේ යයි වෙන් වෙලා

වග  වලස්  මුර්ගයන්  සේ එකිනෙකා සටනට පෙළඹිලා
හිවල් ගති ඇති  අමනයින් මං හරස් කරවයි හිනැහිලා
පයක් පැටලෙන පඳුරු ගණනේ හිස්  වදන් යයි විසිරිලා
අනේ දෙව්දත් දිටි නිරේ මට මිනිස් ලොව මත හමු වෙලා

අහස වී නුඹ යනෙන තැන දුක් ගිනි නිවයි පිනි වැසි හෙලා
මවා දේදුනු කවයි පැහැයන්  සුර ලොවක්  මෙන් සරසලා
ලොවේ අමිහිරි තැන් වසා මේ මෙයැයි ලොව  මට පහදලා
දෙතත්  මම  නම් දිටිමි සරි  දේ යටි අරුත්   විනිවිද බලා