Pages

Saturday, May 25, 2024

ප්‍රේම නොකරන්න

වෛර කරනට කිසිවෙකු නැති නම් 

මට වෛර කරන්න... 

වෛරක්කාරී මිනිසුන් සමග

නොගැටී ගණුදෙනු කරන සැටි...

මම දන්නවා... 


ලොව අවසන්ම සගයා මම උවද, 

මට ප්‍රේම නොකරන්න... 

මන්ද,

අදටත්... 

මට ආදරය කරන 

සියලුම මිනිසුන් දෙස 

මම සැකයෙන් බලනවා...

No comments:

Post a Comment

leave your comment here...