


ඇය ජීවත් වෙන්නෙ භීතියකින්...
හිමි යමක් අහිමි වෙතැයි,
සාධාරණ භීතියකින්...
පෙන බුබුලක් මෙන්,
ඇස්පණා පිටම...
පිපිරී අහිමි වෙලා ගිය,
සෑම ප්රාණියෙකුටම...
ඊළඟට ඇතිවෙන්නෙ...
ඉතිරිවෙන්නෙ...
අන්න ඒ කියන,
අහිමිවීමේ භීතිය...
භීතියෙන් ඇද බැඳ සිර කර,
ප්රේමයේ වෙස්වලාගත්,
'තණ්හාව' තමා...
ඇයට, ඔබට,මට...
දික්ගැස්සුවේ...
ස ස ර... 

ඉදින්...
නුඹ,
භීතියකින් රකින යමක් වේ නම්...
නුඹ තවම...
සසර...
අ ත ර ම ග ය... 

ඇය...
අතරමගය... 

No comments:
Post a Comment
leave your comment here...