Pages

Thursday, December 7, 2023

ඇය... තවම අතරමග

 

🌼🌼🌼
ඇය ජීවත් වෙන්නෙ භීතියකින්...
හිමි යමක් අහිමි වෙතැයි,
සාධාරණ භීතියකින්...
හිමිවුණ සෑම දේ,
පෙන බුබුලක් මෙන්,
ඇස්පණා පිටම...
පිපිරී අහිමි වෙලා ගිය,
සෑම ප්රාණියෙකුටම...
ඊළඟට ඇතිවෙන්නෙ...
ඉතිරිවෙන්නෙ...
අන්න ඒ කියන,
අහිමිවීමේ භීතිය...
භීතියෙන් ඇද බැඳ සිර කර,
ප්රේමයේ වෙස්වලාගත්,
'තණ්හාව' තමා...
ඇයට, ඔබට,මට...
දික්ගැස්සුවේ...
ස ස ර... 🌬️
ඉදින්...
නුඹ,
භීතියකින් රකින යමක් වේ නම්...
නුඹ තවම...
සසර...
අ ත ර ම ග ය... 🌊
ඇය...
අතරමගය... 🌬️
, Nayumi Ranaweera and 4 others

Tuesday, December 5, 2023

නුවර සීතලයි !!!

🌊🌬️ නුවර කියන්නෙ
සුන්දර පෙදෙස් රැසකට
පාර කියන මූලස්ථානයක්...
කිසිම සැලසුමක් නැතුව
හිතුණ හිතුණ වෙලාවට
ආරම්භ කල ගමන් වල
ලස්සන මතක සටහන්
කොයි තරම් නම් තියෙනවද???
මේ හැම පින්තූරෙකම ඒ සීතල තියෙනවා...
ඒ කොල පාට කඳු...
ඒ මීදුම අස්සෙන් පේන නිල් අහස...
නිල් කැටියට ගලන වතුර...
මේවා අපේ ජීවිත...
ආය ආය ජීවත් කරවනවා...
ඔව් නුවර සීතලයි 🥰
කොයි තරම් උණුසුම් තැනකදි වුණත්...
නුවර මතක් වෙද්දි...
සීතලයි 🥰

~ විලෝචනා ~ 






Sunday, December 3, 2023

එකමුතුව !!!

 

🌼🌼🌼
එකම කොටුවක් ඇතුලෙ
අපි සුදු කලු කියලා බෙදුවා...
උස මිටි කියලා බෙදුවා...
දක්ෂ දුර්වල කියලා බෙදුවා...
ලස්සන කැත කියලා බෙදුවා...
දිණුව පැරදුව කියලා බෙදුවා...
දුප්පත් පොහොසත් කියලා බෙදුවා...
ගෑණු පිරිමි කියලා බෙදුවා...
බෙදන්න පුලුවන් හැම විදිහටම
තවත් දාස් විදිවලින්...
අපිව බෙදලා බෙදලා දෙබෑ කරලා
කියනවා...
උඹලට හරි ගියාට පස්සෙ
නෑනෙ කිසි

එකමුතුවක් කියලා
...