Pages

Sunday, May 21, 2023

" මාර ගස යට මිනිසා නික්ම ගොසින් ..."

"RIP Maara Man "
මහනුවර බේක් හවුස් කිට්ටුව බෙවිස් නමින් හැඳින්වූ විසල් මාර ගසක් තිබුණා. නිතර දෙවේලේ ඒ ගස ළඟින් එහා මෙහා යන අයෙකුට ඒ ගසට නම දුන්න මේ මිනිසාව දැකගන්න ලැබිලා ඇති.
බැලූ බැල්මට ඔහු ගැන නොදන්න අයෙක්ට ඔහේ ඉන්න දුගී මනුස්සයෙක් කියලා හිතිලා ඇති. නොදැන මටත් එහෙම හිතිලා තියෙනවා. දවසක් මම ඉස්කෝලෙ යන කාලෙ අම්මි එක්ක සිරි රම්යා හෝටලේ ඉද්දි ඔහුත් කිහිලි කරු වලට වාරු දී සෙමින් ඇතුලට විත් මේසයක් අසල පුටුවකින් වාඩි වුණා. මෙන්න මේ මනුස්සය හදිසියේ එතනට ආව විදේශිකයෙක් සමග හරි හරියට ඉංග්රීසියෙන් කතා කරන්න ගත්තා. 🤦 මෙන්න තව ටිකකින් Tab එකක් එළියට අරන් අර විදේශිකයට මොනාදෝ පෙන්නනවා 😁 පුංචි මාත් පුදුමයෙන් බලන් හිටියා. මම හිතං හිටියට වඩා මේ මිනිසාගේ කතාව වෙනස් බව තේරුණා.
මේ මිනිසා ගැන පසුව මට හොඳටම විස්තර දැනගන්න ලැබුණේ දිනක් මට Facebook එකට ඔහුගෙන් ලැබුණ Friend Request එකත් එක්කයි 😍 ඔහුගේ මුහුණු පොතේ මම දැක්කා ඔහුගේ සංගීත හැකියාවන්. මමත් බැරි බැරි ගාතෙ ගිටාර් ගහ ගහ සින්ඳු කියන VDO වලට 🤭 අනතිමානීව ප්රතිචාර දක්වන්න, සුභ පතන්න ඔහු අමතක කලේ නෑ.
ඉතිං ඔහු ගැන සියල්ල දැනගත් පසු කලක මට ඔහුව Fashion Bug එක ඉස්සරහදි මුණ ගැහුණා. හරියටම 2018 අගෝස්තු 9 දා. මම ගිහිං ඇහුවා මාව අඳුනගන්න පුලුවන්ද කියලා 🤭 මොකෝ බැරි. අර ගිටාර් ගහ ගහ සින්ඳු කියාන විලෝචනා නේ 😁 පොඩි කතාබහක යෙදිලා ඔහු සමග එදා මම ගත්ත පින්තූරෙ තමා මේ.
මට මගෙ සහකරු, Vishwa S Gopallawa මුල්ම වරට මුණගැහෙන්න හරියටම දිනකට කලින් මම බොහොම සතුටු Mood එකක හිටිය වෙලාවක තමා මේ පින්තූරය ගත්තෙ. ඒ නිසා ඒ දවස මට අද අද වගේ මතකයි. 😍
...
පෝලියෝ රෝගයට ගොදුරු වෙලා ඇවිදගන්න අපහසු වුණත් ඔහු හීන අත් නොහැරපු දක්ශයෙක්. ඔහුව බොහෝ කල් සිට දන්නා අයට ඔහු සංගිතයෙන් පමණක් නොව, බොහෝ පැති වලින් දැනුම ඇති විශ්ව විද්යාලයකි. දර්ශනවාදියෙකි. නිරාගමික සරළ සාමාන්ය මිනිසෙකි.
බෙවිස් අයියා කියලා අපි කවුරුත් අමතන ඔහු මහනුවර කිංස්වුඩ් විදුහලේ බටහිර ගායක කණ්ඩායමේ සාමාජිකයෙක්.
හවායන් ගිටාර් වාදකයෙක්. ගිටාර් වාදනය කරන අතරම හාර්මෝනිකාවත් හරි හරියට එකවර වයමින් ගීත ගයන ඔහුගේ හැකියාවන් මම දැක්කෙත් Youtube එකෙන්.
ඔහු M.G.P කලායතනයේ එස්රාජ් වාදනය ඉගෙනුම ලැබූවෙක්. පසුව එහි ආනන්ද පෙරේරා හා අශෝක පෙරේරා එක්ව ඇරඹූ සුපර් ජේම්ස් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්.
මහනුවර වික්ටර් හාරා සංගීත කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙක්ව හිටියා.
" දෝංකාරය" ආදී වූ One Man Shows කරපු දක්ෂ කලාකරුවෙක්.
ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්...
සුන්දර මතක රැසක් මහනුවර නගරයේ ඉතිරි කර ලොවින් නික්මුන දයාබර බෙවිස් මනතුංග කලාකරුවාණෙනි... ඔබට සුභ ගමන් 🌼🙏
No photo description available.

No comments:

Post a Comment

leave your comment here...