Pages

Wednesday, February 22, 2023

❤️ අපෙ අම්මාට සුභ උපන් දිනයක් වේවා!

 


අම්මගෙ නම රූපි 😍 ඇත්තටම නමටම ගැලපෙන්න අම්මා හරීම ලස්සනයි 😍 තරුණ කාලෙත් බෝනික්කෙක් වගෙයි ඉඳලා තියෙන්නෙ 🤭 පුතා වගේම තමයි 🤭මූණ විතරක් නෙවේ හදවතත් ලස්සනයි. 🥰 හරිම අහිංසක දයාබර කරුණාවන්ත කෙනෙක්.
😍 බැඳලා ඇවිත් මේ අවුරුදු 3 ටම මට කුස්සිය පැත්තෙ වැඩිය ගැවසෙන්න දුන්නෙ නෑ 🤭 අම්මා එහෙට මෙහෙට වෙනකල් ඉඳල මම හොරෙන් මොනා හරි වැඩක් කලොත් ඇරෙන්න අම්මා නම් මට ගෙදර වැඩක් කරන්න දුන්නෙම නෑ 😍🤭 කොච්චර ද කිව්වොත් කැම්පස් කාලෙ සේරම උයන පිහන වැඩ තනියම කරගත්තත්, ගෙවුණ පහුගිය අවුරුදු තුනේදි බත් එකට වතුර තියන හැටිත් අමතක වෙලයි තිබුණෙ 😂🤭 ඔන්න මේ අවුරුද්දෙ මුලදිම ඒක මම වෙනස් කලා 😂
ඉතිං අද මම අම්මගෙ උපන්දිනේට මේ කෑම වේල මගෙ අතින්ම හදලා දුන්නා 😍 අම්මා කිව්වෙ මෙච්චරයි... " එහෙනම් මටත් වාසනාව ලැබුණා දුවෙක්ගෙන් රසට කෑම වේලක් කන්න"
😍 අම්මා හැම තිස්සෙම කියන්නෙ "විශ්ව මගෙ පුතා. ඔයා මගෙ දුව " ලේලි නම් කියන්නවත් කැමති නෑ.
රෙදි වනන්න අව්වට යන්න එපා, රස්නෙ වදියි ලිප ළඟට යන්න එපා, කකුල් කසයි මඩ පාගගන්න එපා දුව කිය කිය 🤭 මාව බෝනික්කෙක් වගේ තියන්න තමයි අම්මා උත්සහ කරන්නෙ. කොටින්ම අද උයන්න කෙසෙල් කොලේ කපන්නත් අව්ව කියලා යන්න දුන්නෙ නෑ අම්මා මයි ගියේ 🤦🤦
පුතාට වඩා මට නම් සැලකිලි වැඩියි 😁🤭 දුව දුව කියල හැම තිස්සෙම හුරු වෙලා දැන් වත්තෙ වැඩට එන මනුස්සයගෙ ඉඳන් අප්පච්චිට විශ්වට, අම්මගෙ අයියලා මල්ලිලා නංගිලා හැමෝටම ඉස්සෙල්ලම වැරදිලා `දුව´ කියලා ආමන්ත්රණය කරලා පස්සෙ තමා හරි එක කියවෙන්නෙ 🤣🤣🤣
අම්මා ප්රාර්ථනා කලේ හැම අම්මා කෙනෙක්ටම මේ වගේ දුවෙක් ලැබෙන්න කියලා. මාත් ප්රාර්ථනා කරන්නෙ හැම දුවෙක්ටම මේ වගේ අම්මා කෙනෙක් ලැබෙන්න කියලා 😍
ගිය පාර අම්මගෙ උපන්දිනේට phone එකක් අරන් දුන්නා. අම්මා ඒකෙන් බණ අහනවා. හැමදාම කියන්නෙ අනේ මම හැමදාම දුවට පින් දෙනවා මට phone එක අරන් දුන්න එකෙන් මං හිතේ හැටියට බණ අහනවා කිය කිය.
ඉතිං අම්මා අහන බණ පදයක් පදයක් නෑර, සැනකින් අවබෝධ වේවා! ආයුෂ වර්ණ සැප බල ප්රඥා වැඩේවා! නීරෝගීව සතුටින් ඉන්න ලැබේවා! නිවන් දක්නා තුරු සුගති තල වලම මේ වගේම ලස්සන දේවතාවියක් වෙලා උපත ලබලා හැම සැප සම්පතක්ම නොඅඩුව ලබන්න ඕන 😍
සුබම සුභ උපන් දිනයක් වේවා 🥰 තෙරුවන් සරණයි අම්මා 😍
All reactions:
You, Ayesh Jayasekara, Kolitha Dissanayaka and 589 others
97
4

No comments:

Post a Comment

leave your comment here...