අනේ ගොඩක් දුරට ඒක එහෙම වෙන්න පුලුවන්... මට ඒක වැඩියෙන්ම හිතුණ අවස්ථාව මගෙ අප්පච්චිගෙ Funeral එක වෙලාව ලැබුණ මල් ගොඩ දැකලා.
මම එදා කවි පෙළක් ලිව්වා. ඒක ආරම්භ වුණේම...
කියලා.
මරණෙට වත් මලක් නොලැබෙන අයත් ඇති. මගෙ අප්පච්චිට නම් ජීවත් වෙද්දිත් ඕන තරම් මල් අනම් මනං තෑගි ලැබුණා එයා ගොඩක් දැහැමි ජීවිතයක් ගතකල ගොඩක් පිරිස එක්ක කාලය ගත කල සමාජශීලි කෙනෙක් නිසා.
ජීවිතේ අම්මට අප්පච්චිට සහෝදර සහෝදරියන්ට, ජීවන සහකරුවට සහකාරියට තමන්ගේ සමීපතමයන්ට මලක් එක දවසක් හරි දීලා බලන්න විශේෂයෙන්ම අම්මට අක්කට නංගිට යෙහෙලියට බිරිඳට 
හැබැයි පිරිමි අය මල් වලට ආස නෑ කියන්න බෑ. ඉතිං කෙනෙක් ජීවතුන් අතර ඉන්න කාලෙදි එයාව අගය කරන්න අවශ්ය දේ කලා නම් ඔබට ඒ සතුට සජීවීව ඔවුන් එක්ක බෙදා ගන්න පුලුවන්.


අපෙ අම්මි ගුරු වෘත්තියෙන් විශ්රාම යන දවසෙ අපෙ ලොකු අයියා අපෙ අම්මිට ලස්සන මල් කළඹක් එක්ක කේක් එකක් ඉස්කෝලෙට යවලා තිබුණා. මොකද එදා ඇයගෙ උපන්දිනේත් නිසා. මං මේ ලෝකෙ දැක්ක සුන්දරම තෑග්ගක් තමා ඒක. 

අම්මි එදා තරම් උපන්දිනේකදි සතුටු වුණා මං කවදාකවත් දැකලා නෑ...




හැම පුතෙක්ම ජීවිතේ එක පාරක් හරි අම්මට එක මලක් හරි දෙනවා නම් ඒක හරිම සුන්දරයි කියලා මම විශ්වාස කරනවා. මොකද බිරිඳට පෙම්වතියට නම් එක මලක් හරි දෙන්න වැඩි දෙනෙක් අමතක නොකරන නිසා.
ඒ මලේ වටිනාකම අපිට මතක් වෙන්නෙ ඒ කෙනා අපි අතර නැති කාලෙදි. අපිට හිතින් සතුටු වෙන්න පුලුවන් අපි ජීවත් වන කාලෙ අපේ සමීපතමයන්ගෙ මූණට හිනාවක් දුන්නා කියලා 







~ විලෝචනා ~