කොච්චර ආසාවෙන් හිටියද කිව්වොත් පාපැදියක් පදින හැටි අනන්තවත් හීනෙන් දැක්කා
හීනෙදිත් හිතිලා තියෙනවා අනේ මම මේ බයික් එකක් පදිනවනෙ මට පදින්න පුලුවන්නෙ කියලා
ඒත් ඇහැරුණාම ආය දුකයි.


මොකද වැටෙන්නෙ නැතුව බැලන්ස් එකේ බයිසිකලයක් පදින්න කවදාවත් මට පුලුවන් වුණේ නෑ.
අයියලා දෙන්නා පොඩි කාලෙ ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි ඉඳගස්සවගෙන පැදලා තියෙනවා. ඒත් ඒ කාලෙ උසත් මදි නිසා එයාලගෙ බයික් පදින්න ඉගෙන ගන්න පුලුවන් වුණෙ නෑ.

මහගෙදර සොල්දරේ ඔහේ අවුරුදු 10 විතර දාලා තිබුණ බයිසිකල් දෙක අලුත්වැඩියා කරලා අරන් විශ්ව මට ටිකෙන් ටික බයිසිකලේ පදින්න පුරුදු කලා
ඕන කරන කෑලි බෑලි සේරම අලුතෙන් ගෙනත් විශ්ව ම බයික් 2 හැදුවා.

මුලදි මුලදි මං පදින බයිසිකලේ අල්ලගෙන පිටිපස්සෙන් දුවගෙන දුවගෙන ඇවිත් අද වෙද්දි තනියම පාරෙ පැදගෙන යන්න පුලුවන් ගාණට මට ඉගැන්නුවා. ඇත්තටම ඇඟටත් හොඳයි. හිතටත් සතුටුයි පොඩි කාලෙ ඉඳන් දැක්කා හීනයක් හැබෑ වුණ එකට.
වත්තයි නියරයි එක යායට දිගට තියෙන නිසා අපේ සීමාවෙම මුලදි පුරුදු වුණා. දෙතුන් පාරක් ඇදගෙන වැටුණා
දැන් නම් බස් යන පාරෙත් යනවා. අහුවෙන අහුවෙන අතුරු පාරවල් අස්සෙ අස්සෙත් දෙන්නත් එක්ක බයික් දෙක හවසට පදිනවා
හැබැයි එකම ප්රශ්නෙ 




මෙන්න මෙයාලා තමා
එයාලගෙ සීමාවෙන් යද්දි ඉතිං බුර බුර පන්නනවා.









No comments:
Post a Comment
leave your comment here...