Pages

Thursday, March 31, 2022

අපි දඟයා ගැන හිතං හිටියා වැරදී ! වත්තට එන වස්සා!

 

😁 අපි දඟයා ගැන හිතං හිටියා වැරදී 😁 ඒක ලෙඩක් නෙවේ උගෙ හැටියි කියන්නෙ මේ 😁🤣
එහා වත්තෙ ධර්මෙගෙ හරක් පැටියා... ඌට තියෙන්නෙ මාර දහංගලයක්. ඒ නිසාම ධර්මෙ ඌට මොන නම කිව්වත් අපි ඌට නම දැම්මෙ දඟයා කියලා. තද දුඹුරු පාටයි.
දවසක් මං බලද්දි බල්ලෙක් දුවනවා වගේ උඩ පැන පැන නියර උඩින් දුවනවා කුරුල්ලො පස්සෙ. බය නැතුව අපි ළඟටම එනවා. ගඟ වැරැල්ල වැට කපන්න වත්තෙ වැඩට ආව මනුස්සයා ළඟට ගිහිං කොලොප්පම් කරනවා. බලු පැටව් වගේ හුරතල් වෙන්න හදනවා 😁🤣 ඒ මනුස්සයා කෝටුවක් පෙන්නලා පන්නන්න හැදුවත් ආය එනවා.
පහුගිය කාලෙම වතුර නැති නිසා වතුර බොන්න එන්නෙ අපෙ ටැප් එක ළඟට. සෝ... සො+ සො+ සො+ සෝ.... සො+ සො+ සො කියලා වතුර බාල්දියක් විතර එක උගුරට ඇදලා දාලා නිකං යන්නෙ නෑ. කුරුල්ලන්නට කෑම දාන ලෑල්ලෙ එල්ලිලා ඒකෙ තියෙන පාං කාලා ලෑල්ල කඩලා හොඳ පැල වල ගෑවිලා ඇඟ කහන්න ගිහින් ඒවත් කඩලා අන්තිමට ආහාර වල අවසාන ඵලය තෑග්ගක් විදිහට දාලා යන්නෙ ලස්සනට කපපු තණකොල පිට්ටනිය මැදටම ඇවිත්.

https://fb.watch/cR0D17Egt5/ - මේ වීඩියෝවෙන් මතක් වුනේ දඟයව!


Friday, March 4, 2022

පැ පැදිය !

 

🥰 You've made my dreams come true 😍 Thank you so much Vishwa baby 🥰
කොච්චර ආසාවෙන් හිටියද කිව්වොත් පාපැදියක් පදින හැටි අනන්තවත් හීනෙන් දැක්කා 😁 හීනෙදිත් හිතිලා තියෙනවා අනේ මම මේ බයික් එකක් පදිනවනෙ මට පදින්න පුලුවන්නෙ කියලා 🤣 ඒත් ඇහැරුණාම ආය දුකයි.
මොකද වැටෙන්නෙ නැතුව බැලන්ස් එකේ බයිසිකලයක් පදින්න කවදාවත් මට පුලුවන් වුණේ නෑ. 😥 අයියලා දෙන්නා පොඩි කාලෙ ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි ඉඳගස්සවගෙන පැදලා තියෙනවා. ඒත් ඒ කාලෙ උසත් මදි නිසා එයාලගෙ බයික් පදින්න ඉගෙන ගන්න පුලුවන් වුණෙ නෑ.
මහගෙදර සොල්දරේ ඔහේ අවුරුදු 10 විතර දාලා තිබුණ බයිසිකල් දෙක අලුත්වැඩියා කරලා අරන් විශ්ව මට ටිකෙන් ටික බයිසිකලේ පදින්න පුරුදු කලා 😍 ඕන කරන කෑලි බෑලි සේරම අලුතෙන් ගෙනත් විශ්ව ම බයික් 2 හැදුවා.
මුලදි මුලදි මං පදින බයිසිකලේ අල්ලගෙන පිටිපස්සෙන් දුවගෙන දුවගෙන ඇවිත් අද වෙද්දි තනියම පාරෙ පැදගෙන යන්න පුලුවන් ගාණට මට ඉගැන්නුවා. ඇත්තටම ඇඟටත් හොඳයි. හිතටත් සතුටුයි පොඩි කාලෙ ඉඳන් දැක්කා හීනයක් හැබෑ වුණ එකට.
වත්තයි නියරයි එක යායට දිගට තියෙන නිසා අපේ සීමාවෙම මුලදි පුරුදු වුණා. දෙතුන් පාරක් ඇදගෙන වැටුණා 🤣 දැන් නම් බස් යන පාරෙත් යනවා. අහුවෙන අහුවෙන අතුරු පාරවල් අස්සෙ අස්සෙත් දෙන්නත් එක්ක බයික් දෙක හවසට පදිනවා 😁 හැබැයි එකම ප්රශ්නෙ 🐕🐕🐕🐶🐶🐶 මෙන්න මෙයාලා තමා 😁 එයාලගෙ සීමාවෙන් යද්දි ඉතිං බුර බුර පන්නනවා.
ඉතිං අවුරුදු ගාණක් හිතේ තිබ්බ අහිංසක හීනේ හැබෑ කලාට ඔයාට ගොඩක් පිං 😍