

.
අහිමිවීම, පරාජය වැනි හේතු නිසා ඇතිවන #ඊර්ශ්‍යාවක්...
තමන්ට හෝ වෙනකෙකුට විපතක් කල නිසා ඇති කරගත් #ද්වේශයක්,
තමන් සිතු පරිදිම කෙනෙක් කටයුතු නොකිරීම/ දෙයක් සිදු නොවීම හෝ නොපැවතීම නිසා ඇතිවන ද්වේශ සහගත #පළිගැනීමක්...
දෙයක් ගැන හරියට කරුණු විස්තර නොදැන, ඇසින්, කනින් දැක බලා 100% ක් ප්රත්යක්ශ කර නොගෙන අන් අය කියන දේවල් එකතු කොට සුළු කරුණු ප්‍රමාණයකින් අදහස් ප්‍රකාශ කිරීමක් හෙවත් #අල්ප_දැනුමක්...
.
හරිදේ සොයා බලා නිවැරදි තීරණයකට පැමිණීමට හෝ අනවශ්‍ය තමන්ට අදාල නොවන දෙයින් දුර තියා ඉවත්ව යාමට දක්ශතාවයක්, ස්ථානෝචිත ප්‍රඥාවක් නැතිකම නොඑසේනම් #අඥානවන්තකමක්
.
යන කාරණා ගැබ් වේ නම්... ඔබේ අදහස්, යෝජනා, චෝදනා හෝ විවේචන සාර්ථක නොවනු ඇත...
අපි තේරුම් ගත යුතු සත්‍ය එයයි. මේ කරුණු පදනම් වූ යෝජනා හෝ විවේචනයට වඩා සෑම විටම නිශ්ශබ්දතාව අගනේය 


.
~ විලෝචනා අබේකෝන් ~
No comments:
Post a Comment
leave your comment here...