Pages

Monday, March 29, 2021

💛 කලින් ඔබ කොහොමද හිටියේ, මොනවද කලේ???

 

💛 කලින් ඔබ කොහොමද හිටියේ, මොනවද කලේ??? ඒ සේරම අතීතයට භාර දෙන්න. අද ඉඳන් ඉස්සරහට දවසට එක සිල් පදේ හරි අවබෝධයෙන් දිවිදෙවනි කොට රකින්න උත්සහ කරලා බලන්න 😍
.
කවදා හරි දවසක ඒ එක සිල් පදය රැකීමේ ආනුභාවයෙන් ඉතිරි සිල් පදත් රකින්න ඔබට අවස්ථාව ලැබෙන්න පටන් ගන්නවා... 🤗
.
අවම පනසිල් ටික නොබිඳෙන තැනට ඔබ පත් වුණ දවසට 😊 ඔබට ඔබේම සිතෙන්, කයෙන්, වචනයෙන්, පරිසරයෙන්, ආශ්රය කරන අයගෙන්, ශරීර සෞඛ්යයෙන්, ධනයෙන්, පරිවාර සම්පත්තියෙන් වගේ හැම තැනින්ම #වෙනසක් දැනෙන්න පටන් ගනී 💛
.
එතනින් එහාට ඔබට සත්යට මාර්ගය පෑදේවි 😍 💛🙏
~ ලෝචි ~

අදහස්, යෝජනා, චෝදනා සහ විවේචන ඉදිරිපත් කිරීමට පෙර සිතන්න !!!

 

💛 අපි කවුරුත් අදහස්, යෝජනා, චෝදනා සහ විවේචන ඉදිරිපත් කිරීමට පෙර මේ දේවල් සිතන්න පුරුදු වෙමු 😊
.
අහිමිවීම, පරාජය වැනි හේතු නිසා ඇතිවන #ඊර්ශ්යාවක්...
තමන්ට හෝ වෙනකෙකුට විපතක් කල නිසා ඇති කරගත් #ද්වේශයක්,
තමන් සිතු පරිදිම කෙනෙක් කටයුතු නොකිරීම/ දෙයක් සිදු නොවීම හෝ නොපැවතීම නිසා ඇතිවන ද්වේශ සහගත #පළිගැනීමක්...
දෙයක් ගැන හරියට කරුණු විස්තර නොදැන, ඇසින්, කනින් දැක බලා 100% ක් ප්රත්යක්ශ කර නොගෙන අන් අය කියන දේවල් එකතු කොට සුළු කරුණු ප්රමාණයකින් අදහස් ප්රකාශ කිරීමක් හෙවත් #අල්ප_දැනුමක්...
.
හරිදේ සොයා බලා නිවැරදි තීරණයකට පැමිණීමට හෝ අනවශ්ය තමන්ට අදාල නොවන දෙයින් දුර තියා ඉවත්ව යාමට දක්ශතාවයක්, ස්ථානෝචිත ප්රඥාවක් නැතිකම නොඑසේනම් #අඥානවන්තකමක්
.
යන කාරණා ගැබ් වේ නම්... ඔබේ අදහස්, යෝජනා, චෝදනා හෝ විවේචන සාර්ථක නොවනු ඇත... 😊 අපි තේරුම් ගත යුතු සත්ය එයයි. මේ කරුණු පදනම් වූ යෝජනා හෝ විවේචනයට වඩා සෑම විටම නිශ්ශබ්දතාව අගනේය 😍
.
~ විලෝචනා අබේකෝන් ~

Saturday, March 27, 2021

අනවශ්‍ය දෙයින්, අනවශ්‍ය මිනිස්සුන්ගෙන් දුරස් වෙන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා!!!

 අනවශ්ය දෙයින්, අනවශ්ය මිනිස්සුන්ගෙන් දුරස් වෙන්න අපිට ක්රම දෙකක් තියෙනවා.

.
1. පළවෙනි ක්රමය තමා කුල්ලෙ ක්රමය
ඉස්සර සමහර හාල් වල දහයියා රොඩු බොල් වී එහෙම තිබ්බ ප්රමාණය වැඩියි. දැන් වගේ ගල් වැලි රොඩු ඉවත් කරලා ආවෙ නෑනෙ. තමන්ගෙම කුඹුරෙ හාල් වුණත් කඩෙන් ගත්තත් අම්මලා පුරුදු වෙලා ඉන්නවා ඒ නිසා නිකමට හරි හාල් කුල්ලෙන් පොලන්න. එවිට අවශ්ය හාල් ඉතිරි වෙලා ඉතිරි අනවශ්ය රොඩු දහයියා ඉවත්වෙනවා 😊 ජීවිතේදිත් අපිට බොල් වගේ පේන අය මුණගැහෙන විට අපිට මුලින්ම ඒ දේවල් ඉවත් කරන්න පුලුවන් 😊 අපි ප්රවේශමෙන් ඉතිරිවෙලා අනවශ්ය අය අපේ සීමාවෙන් ඉවත් කරන්න ඕන කල් තියා බොහොම ප්රවේශමෙන් 😊
2. දෙවනි ක්රමය තමා කොරොස් නෑඹිලි ක්රමය
කොච්චර වී මෝලට දීලා වී කොටලා, ගල් වැලි ඉවත් කරලා කුල්ලෙන් පොළලා බේරලා ගත්තත්, අම්මලා අපිට හාල් ගරන්නෙ නැතුව හාල් ලිපේ තියන්න දෙන්නෙ නෑ. දැන් වගේ නෙවේ ඉස්සර නම් කොච්චර නෑ කිව්වත් ගරලා ගරලා අන්තිම හරියෙ එක වැලි ඇටයක් හරි නෑඹිලියෙ අඩියෙ තියෙනවාමයි. අපේම කුඹුරු වල හාල් ආව සමහර කාල වල මම ගල් වැලි ඇට 30, 40 නැඹිලියේ අඩියේ ඉතිරිවෙනවා දැකලා තියෙනවා 😑 ඉතිං අපිට සිද්ද වෙනවා ඉස්සෙල්ලා හාල් ටික ගරලා බේරලා ඉවත් කරලා අඩියේම හරිය නැවත ගර ගර හාල් ටිකම ප්රවේශමෙන් අයින් කරන් පස්සෙ ගල් ටික සෝදලා අරින්න 😊 ගල් කියන්නෙ කොච්චර බරට දැණුනත් ආහාරයට අගුණ දෙයක් බව අපි ඒ මොහොතෙවත් තේරුම් නොගත්තොත් අවසානයේ අපට නැති ලෙඩ රෝග වලට මුහුණ දෙන්නයි වෙන්නෙ 😕
.
ජීවිතේ අපිට මුණගැසෙන සමහර අයත් මේ ගල් වැලි වගේ. බරට දැනෙන නිසා අපිට නොදැනීම අන්තිම මොහොත වෙනකල් ලොකු බරක් පෙන්නගෙන ලොකු තැනක් දිනාගෙන රැඳිලා ඉන්නවා. එහෙම අය අන්තිම මොහොත වෙනකල්ම අඳුන ගන්න බෑ. එහෙම වෙලාවට අන්තිම අවස්ථාව ප්රයෝජනයට අරන්, අපි එතනින් ඉවත් වෙලා යන්න ඕන 😊 එක වගේ දේවල් එක ගොඩකට කොයි මොහොතෙ හරි වැටෙනවා. නරක දේ කොයි මොහොතේ හෝ ඉවතට විසිවෙනවා. එහෙම වෙලාවට අපි ඒ අය ඉවත් වෙනතුරු තවත් ඉන්නවට වඩා අපි පරිස්සමෙන් ඉවත් වෙන එකයි හොඳ... 💛
.
~ විලෝචනා අබේකෝන් ~

Friday, March 26, 2021

හිමි දේ හි ගුණාත්මක බව රැකගන්න නම්!!!

 

💛 තමන්ට අයිති නැති දෙයක් අත්විඳින්න උත්සහ කරලා, තමන්ට හිමි දේ හි ගුණාත්මක බව අඩු කර ගන්න එපා 😊
කාගෙවත් රූපයක් රසයක්, ධනයක්, සම්පතක්, තත්වයක්, නිලයක්, අයිතියක්, සබඳතාවයක්, සම්මතයෙන් පිට ලබාගන්න අත්විඳින්න යන ඔබට කවදා හරි ලැබෙන්නෙ ගුණාත්මක බවෙන් අඩු දේවල්.
අදම ඔබ හිතෙන් අහලා බලන්න ඔබට අවශ්ය දේ, ඔබ රස විඳින දේ ඔබට සම්මතයෙන් අයිතිද කියලා 😊 සම්මත නම් ඔබ ගුණාත්මක දෙයට, සැපයට, වාසනාවට, පිනට, සත්යයට, උරුමක්කාරයෙක් 😍 !!!
.
~ විලෝචනා ~

Friday, March 12, 2021

වරදවාගත් දෘෂ්ටියකින් තොර නිර්මාංශ වීම


 💛 ගෞරවනීය අපරැක්කෙ ප්‍රඥ්ඥාසාර හිමි හෙවත් සුබෝධ හිමි සහ ගිහාන් පවර මහතාගේ Comment වලින් උපුටා ගත්තකි 🙏

.

අනුභවයට පිලියෙල කරන ලද මාංශ වල ජිවයක් නොපවති. එය සංස්කාරයක්ම ය. එබැවින් එහි අකුසලයක් වන්නෙ නැත. නමුත් ප්‍රාණගාථය සිදු කරන තැනත්තා නිසැකවම එහි විපාක භූක්ති විදි ! යම් කෙනෙක් එළවළු තෘෂ්ණාවෙන් අනුභව කරන්නෙද, එතන කෙලෙස් හට ගනි. එම නිසා අදාල වන්නේ ලබාගන්නා ආහාරය කුමක්ද යන්න නොවෙයි, ගන්නා ආහාරය මත ඇති කරගන්නා සිතුවිල්ල මතයි. - (ගිහාන් පවර මහතා) 

.

මස් මාංශ අනුභවය පවක් කියා, 

මස් මාංශ අනුභවයෙන් ප්‍රාණඝාතයට සම්බන්ධ වීමක් වනවා කියා, 

ඒවා අනුභව කරන සියල්ලන් දුස්සීලයන් කියා, 

නිර්මාංශ වන්නන් ම පමණක් සිල්වතුන් කියා,

බුද්ධ පූජාවට මස් මාංශ පූජා නොකළ යුතුයි කියා, 

නිර්මාංශ වීමෙන්ම පිරිසිදු වෙයි කියා...


... ආදී වරදවා ගත් කරුණු හේතුවෙන් නිර්මාංශ වෙනවනම් ඒකෙන් කුසලයක් රැස්වීමක් කෙසේ වෙතත් අකුසල් නම් රැස් වෙනවා. මොකද, මස් මාංශ අනුභව කරන සියලු දෙනා දුසිල්වතුන් හැටියට සැලකීම, නිඝන්ඨනාතපුත්ත වගේ නිර්මාංශවාදී අන්‍ය ශාස්තෲන් කෙරෙහි පැහැදීම ආදී නොයෙක් දේවල් වෙන්න පුලුවන්...


💛 එහෙම නැතුව.... 


🙏 තමන් මස් මාංශ අනුභව නොකර සිටීමෙන් අනාගතයේ යම් කෙනෙක් අතින් මැරීමට සිටින සතෙකුගේ ජීවිතයක් බේරාගැනීමේ චේතනාවෙන්... 


🙏 තමන්ගේ රස තෘෂ්ණාවෙන් මිදීමේ චේතනාවෙන්...


නිර්මාංශ වෙනව නම් ඒක කුසලයක් 🙏🙏🙏 - (සුබෝධ හිමි)



Thursday, March 11, 2021

ලස්සන බස් 😁

ලස්සන බස් ත්රීවිල් බයික් ගැණ ගැණ 1.30 ට ඉස්කෝලෙ ඇරිලත් 3-4 වෙනකල් ලකඩං කාර් එකක් එනකල් ගේට්ටුව ළඟ මුකලන් බස්සො වගේ බලන් හිටිය මිනිස්සු බං අපි.

අදටත් අප්පිරියයි... ජීවිතේම කාර් ලොකු ගෙවල් හොයන මිනිස්සු අස්සෙ කාර් එපා කියන කෙල්ලෙක් වුණේ ඒක වෙන්නෝනෙ. සමහර විට එයා අසරණ වෙනවා ඇති දෙමව්පියො Car එකේ යන්න කියන ගමන් බිමන් මග හැරලා මම ගෙදර ඉන්න බලද්දි. දූවිලි කන්නා වගේ හුළඟ විඳගෙන බයික් එකේ යන්න තමා ආසම... ඒකත් හෙල්මට් එකේ වයිසර් එකත් ඇරගෙන 😁 සින්දුවක් කියාගෙන 🤣
වාහන වලට ඉතිං ආසම නෑනෙ. ඔන්න ඉතිං ඒ කාලෙ ආදරේ කියන් ආව එක පිරිමි ළමයෙක්ගෙන් මං ඇහුවා ඔයා රස්සාවක් කරලා ජීවිතේ ඉස්සෙල්ලම කරන්න බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද කියලා...
"මං ඉස්සෙල්ලම ගන්නෙ කාර් එකක් "
එයාගෙ ආසාව මට ගැලපුණේ නෑ. එයා පළවෙනි Car එකත් දෙවනි Car එකත් අරන් ආවා මාව බලන්න. ඔව් ඔහු හරිම උත්සහවන්තයි... පසු කලක ඔහු හොඳ උගත් යහපත් යුවතියක් සමග විවාහ වී මට කතා කලා...
"Wedding එකට ලක්ශ 30ක් විතර ගියා ඉතිං. හොඳ සරළ කෙල්ලෙක්. වැඩි විච්චූර්ණ නෑ... අපි ගෙයක් කුලියට අරන් වෙනම ඉන්නවා 😊...
.
ඔව් ඉතිං ගැලපුණේ නෑ... 😁 කවදාවත් ගැලපෙන්නෙත් නෑ... මං නම් අලි ටොක්කක් ඇනලා මගුලයි වාහනයි පැත්තක තියලා ගේ හදාගෙන ඉන්න කියනවා 🤣 මං කැමති අනික් මුලු ලයිස්තුවම ඒ කෙනාට තිබ්බත් සිතුම් පැතුම් ගැලපුණේ නැති නිසා වැඩේ හරි ගියේ නෑ... 😁
.
කැම්පස් එකේ රැග් කරන්න ආව අක්කා කෙනෙක් මගෙ එහා පැත්තෙ හිටිය පිරිමි ළමයා පෙන්නලා ඇහුවා... උඹ මේ කොල්ලව බඳින්න කැමතිද? මම කිව්වා නෑ කියලා... හේතුව මොකක්ද ඇහුවා... 😑
"එහෙම දකින දකින කෙනෙක්ට කැමති වෙන්න බෑනෙ අක්කා... 😒 ඒකට ඉතිං හිත යන්න ඕන, හැඟීමක් තියෙන්න ඕන ඒ මනුස්සයා ගැන. අනික මං කැමති වෙන්නෙ මට අවශ්ය සුදුසුකම් තියෙන කොල්ලෙක්ට" කියලා...
🤣 හා උඩරට මැණිකෙ කියපන්කො එහෙනම් උඹෙ සුදුසුකම් ලයිස්තුව !!!
.
මං කැමති AL වලට Science කරලා මොනාම හරි උපාධියක් තියෙන පිරිමි ළමයෙක්ට. ඒ වගේම වැඩිය කතා බහ නැති අහිංසක, කරුණාවන්ත ඉවසීම උපරිම තියෙන කෙනෙක්ට... මිනිස්සුන්ට උදව් කරන්න කැමති බොහොම සරළ කෙනෙක්ට. තැනට සුදුසු විදිහට ඉන්න දන්න කෙනෙක්ව. සාමාන්ය ප්රසන්න පෙනුමක් තිබ්බම ඇති.
😁 ගිටාර් play කරන්න සින්ඳු කියන්න පුලුවන් නම් අතිරේක සුදුසුකමක් 😁 Photography වලට උනන්දුවක් පොඩි හැකියාවක් තියෙන්න ඕන 😁 එයාට wildlife ගැන study කරන්න, Hike කරන්න, Camping කරන්න ආසාවක් තියෙන්න ඕන. අනික් ලොකුම දේ එයාට IT පැත්තෙන් දැනුම තියෙන්න ඕන 🤣 කිලෝ 50ක් උස්සන්න පුලුවන් වෙන්න ඕන 😁 පීනන්න, Foot bicycle පදින්න පුලුවන් නම් හොඳයි මට බැරි නිසා 🤣
.
එතකොට උඹට රස්සාව ගෙවල් දොරවල් යාන වාහන අවුලක් නැද්ද?
.
නෑ... ඒවා අපිට හදාගන්න පුලුවන්. අනික මං ආස පොඩිම පොඩි ගෙයකට. මං ආස නෑ ලොකු wedding ගන්න. මම කාර් වලට ආස නෑ 😑 ඉතිං අපිට ලොකු දේවල් අවශ්ය නැති නිසා ඒ කාලෙට ඕන කියලා හිතෙන භෞතික දේවල් අපි දෙන්නටම එකතු වෙලා ready කරගන්න පුලුවන්නෙ.
.
හ්ම්... උඹට ටිකක් මොලේ තියෙන පාටයි. හරි පලයන්... හැබැයි උඹට ඔය ඔක්කොම තියෙන එකෙක් හම්බ වුණොත් තමා පුදුමෙ 🤣
.
සමහර මතක එක්ක කෙනෙක්ට මහා වටින දේවල් තව කෙනෙක්ට තඹ දොයිතුවකට වටින්නෙ නැති වෙන්න පුලුවන්. Car එකක් ගන්නවා කියන්නෙ සමහරු මාර ආස දෙයක් වුණාට.... අනේ මටත් බස් එකේ යාලුවො වගේ ඉක්මණට ගෙදර යන්න තිබ්බා නම් හොඳයි... ජනෙල් වහගෙන හුළඟක් විඳින්න නැතුව ඔහේ තනියම පිටිපස්සෙ ඉඳගෙන... Driver ඔහේ එක්කන් යනවා එනවා... පවුලෙ පිරිස වැඩි නිසා අනික් වැඩ ඉවර කරන් අපේ ඉස්කෝලෙ පැත්තට එන එකයි පහසු. නැත්තං block එකට අහුවෙනවා... ඒ නිසා ගොඩක් වෙලාවට මාව ගන්න ආවෙ අන්තිමටම... එනකල් තනියම අඬාගන්න බැරුව හිටගෙන හිටිය එක සහ නිදහසක් නැති ගතිය මට Car කියන දේ වේදනා භරිත මතකයක් වුණා...
.
ඔව් මට කොච්චර පරක්කු වුණත් ලස්සන බස් වල යන්න බැරි වුණා... 😑
.
ප. ලි - බබාලව ගොඩක් වෙලා ඉස්කෝල ඇරිලා ඉස්කෝල ළඟ තියල තියන්න එපා. ඔෆිස් ඇරිලා යන ටයිම් එක වෙනකල් වෙන තියන්න තැනක් නැති නිසා දවස් 5 ම ළමයි after school extra activities වලට දාන්න එපා. ළමයි කනපිට හැරෙනවා. ඒ රැඳෙන පීඩාකාරී පැය කීපය සමහර විට ඒ දරුවගෙ අනාගත හීන සේරම සුනු විසුණු වෙන පැය කීපය වෙන්න පුලුවන්.
මට අවුලක් වුණේ නෑ 🤣 අහසේ තරු ගැන්නා... වෙරළේ රළ මැන්නා... ඒ විදිහටම ඒ කාලෙ බස් ගැන්නා 😁 ඒ නිසා මං හොඳින්!



Tuesday, March 9, 2021

සමුගෙන සිව් වසක් මුත් අද උපන් දිනේ...

සමුගෙන සිව් වසක් මුත් අද උපන් දිනේ...

හිටියානම් අදත් ජයටම සමරන්නේ...
නුඹ නැති නමුත් නුඹ ගිය මග අපි යන්නේ...
ඉන්නා තැනක හිඳ අප දැක සැනසෙන්නේ...
.
දිවියේ සොඳුරුතම තැන් මගහැරෙන් ඇතී...
ඉන්නම ඕන තැන් වල නොහිඳින්න ඇතී...
වෙන්නම ඕන යුතුකම් මග හැරල නැතී...
නුඹ සම පියෙක් අපි කොහිවත් දැකලා නැතී...
.
සිව් දරු පියෙකි ලෙයටම එය එසේ නැත...
ලෙයටත් එහා දස දහසක පියෙකු වෙත...
දහමට මව් බිමට පවුලට සැදූ සෙත...
දන්නා ගහකොලත් නුඹෙ ගුණ ගී ගයත...
.
කවි නම් කොතෙක් ලීවත් ගුණ නිමා නොවේ!
දින සති කොතෙක් ගෙවුණත් දුක තුනී නොවේ!
අතහැර දුර ගියත් ගිය බව සිතක නොවේ!
නුඹ නම් දෙව් ලොවම මිස අන් තැනක නොවේ ! 😊
.
සුභ උපන් දිනක් අප්පච්චී! 💛
.
As I grow older, no matter whose love will give me happiness, I will always remain my Appachchi’s little girl. I miss you, happy bday Appachchi !