Pages

Tuesday, February 23, 2021

සුන්දර මනුශ්‍යත්වය 💛

දවස් හතරක් පුරාවට දරුණු බෙල්ලෙ කැක්කුමක් නිසා හරියට නින්දක් නැතුව වැඩක්පලක් කරගන්න බැරුව මම හිටියා. පොඩි උලුක්කුවක් වෙන්න ඇති දවස් දෙකෙන් තුනෙන් හරි යයි ඉබේම කියලා හිතලා ගෙදර ඉඳන් උණු වතුරෙන් අම්මට කියලා තවාගෙන බාම් ගගා හිටියා. ඒත් අඩු වුණේ නෑ.

කොරෝනා කාලෙ ළඟ පාත් බෙහෙත් ගන්න තැන් සේරම වහලා තිබ්බෙ. අපි නිතරම බෙහෙත් ගන්න යන දොස්තරත් ටික කාලයක් හිටියෙ නෑ. ඒ කාලෙත් සමහර වෙලාවට call කරලා අසනීප වලට ප්රතිකාර ඇහුවම ඔහු හොඳින් උපදෙස් දුන්නා. මේ ටිකේ බෙල්ලෙ කැක්කුම වැඩි නිසාම call කරලා දොස්තර ඉන්නවද අහලා ගල් වුණ ප්රතිමාව වගේ බෙල්ල හොල්ලන්නෙවත් නැතුව බෙහෙත් ගන්න ගියා 😁
.
ඒ යනකොටත් මීටරේ පරතරෙන් ලෙඩ්ඩු 8ක් විතර ආසන ගෙන සිටියා. වෙලාව රෑ 8.00යි. මේ දොස්තරගෙන් මං අවසර අරන් නෑ නම දාන්න ඒ නිසා මම නම නොකියම විස්තරේ කියන්නෙ. ඔහු දැනට කුරුණෑගල රෝහලේ සේවය කරන සරළ වෛද්යවරයෙක්. බොහොම හොඳ පවුල් පසුබිමක් තියෙන හොඳ දරුවන් සිටින වැදගත් මනුශ්යයෙක්.
.
මහනුවර ශීත දේශගුණයට හුරුවෙලා හිටිය මම කුරුණෑගල ආවට පස්සෙ ලෝකෙ නැති ලෙඩ හැදුනා. ඌෂ්ණ රෝග, දූවිලි නිසා allergies, ඇස් ආශ්රිත රෝග, සෙම් රෝග, හිසේ කැක්කුම් වගේ ගොඩක් රෝග වෙනුවෙන් මම බෙහෙත් ගන්න ගියේ මේ දොස්තර ළඟට.
.
ඉතිං ඊයෙත් පෝළිමේ ඉඳලා ඉඳලා මමයි විශ්වයි ඇතුලට ගිහිං ඉඳගත්තම බොහොම කරුණාවෙන් ඇහුවා අසනීපෙ ගැන.
.
මං ඉතිං කිව්වා ලෝකයක් නැති ලෙඩ ටික ඔක්කොම. දවස් 4ක් තිස්සෙ කැක්කුම තිබ්බ හැටි බෙල්ල ඇදුන හැටි තවලා බාම් ගාලා කොට්ටෙත් නැතුව නිදියලා බැලුවා අඩු වුණේ නෑ කියලා මම විස්තර කිව්වා. 😁
.
ඔහු ඇත්තටම හරිම සංසුන් කරුණාවන්ත කෙනෙක්. හරිම කරුණාවන්ත කතාබහක් තියෙන්නෙ. නලල සහ හිස මුදුණ තද කරලා ඔහු කැක්කුම එන තැන් හරියටම identify කරගත්තා. ඊට පස්සෙ බොහොම පැහැදිලිව උපදෙස් ටිකක් දුන්නා. 😍
.
ඩොක්ටර්- හෙට මොනවද තියෙන වැඩ? බර වැඩක් මොකුත් තියෙනවද?
මම- එහෙම නම් විශේශ වැඩක් නෑ doctor.
ඩොක්ටර්- හරි එහෙනම් ටිකක් relax එකේ ඉන්න හෙට. නිතරම phone එක පාවිච්චි කරනවද?
මම- ඔව්, සාමාන්යයෙන් වැඩි වෙලාවක් පාවිච්චි වෙනවා.
ඩොක්ටර් - Phone එකෙන් කරන වැඩේ ලැප්ටොප් එකකින් කරන්න පුලුවන් නම් ඒ වැඩේ පුලුවන් තරම් ලැප්ටොප් එකෙන්ම කරන්න. විනාඩි ගාණකට වඩා phone එක ඇඳේ නිදාගෙන හරි ඉඳගෙන බිම බලාගෙන හරි පාවිච්චි කරාම දිග කාලයක් යද්දි ඒ ඉරියව්ව නිසා ඔහොම ප්රශ්න ගොඩක් එන්න පුලුවන්. පොඩි කාලෙ වගේ නෙවේ අවුරුදු 20න් පස්සෙ මනුස්සයෙක්ගෙ ඔය වගේ ආබාධ හදන්න ටිකක් වෙහෙස ගන්න වෙනවා. Computer එක ළඟ වාඩි වෙලා හිස කෙලින් තියාගෙන ඒ අවශ්ය වැඩ කරන්න. දවස් කීපයකට කොට්ට පාවිච්චි කරන්න එපා. පාවිච්චි කරන මෙට්ටෙ ගොඩක් බරසාර එකක්ද?
මම - ඔව් doctor ටිකක් ලොකු spring mattress එකක්.
ඩොක්ටර්- (ඔහු දිගු හුස්මක් අරන් හොඳින් කල්පනා කරයි) හරි එහෙනම් පුලුවන් නම් ඔලුව තියන පැත්ත පොඩ්ඩක් අඟල් 3 විතර මෙට්ටෙ හෝ ඇඳ උස්සලා පාවිච්චි කරන්න ටික දවසක්. උණුවතුරෙන් තවන්න ඕන නෑ ඒකෙන් හම් පිච්චෙනවා. රෑට කාලා මේ බෙහෙත් බීලා බාල්ම් එකක් දෙන්නම් ඒක ගාලා ඍජුව නිදාගන්න.
.
කොරෝනා නිසා ඉහෙන් කනෙන් සේරම ආවරණය කරගෙන හිටිය ඩොක්ටර් හෙමින් ඇතුලට ගොස් අවශ්ය බෙහෙත් පැකට් කීපයක් සහ බාල්ම් එක අතට දුන්නා. ගාණ කීයද කියලා අහද්දි රු.200/= කිව්වා. අපි 1000/= අතට දීලා ඉතිරිය එපා කිව්වම... නෑ පුතා බෙහෙත් වලට විතරයි සල්ලි ගන්නෙ කිව්වා. 😊
.
අපිට විතරක් නෙවේ මේ උතුම් මනුස්සයා බොහෝම දුප්පත් මිනිස්සු වෙනුවෙන්ම හවස් කාලය වැය කරලා තියෙන්නෙ බෙහෙත් වල ගාණ පමණක් අරන් නොමිලේ සේවය දෙන්න. එදා ඉඳන්ම කවදත් බෙහෙත් වල ගාණ අඩුවෙන් ගත්තත් වැඩියෙන් සතයක් වත් අරන් නෑ.
ලෙඩෙක්ට ඩොක්ටර් කෙනෙක්ගෙ කාරුණික වචන මහ ගොඩක් වටිනවා. 🙏වචන වලටම භාගයක් ලෙඩ හොඳ වෙලා ඉවරයි. හොඳම දේ ඊයෙ රෑ බෙහෙත් අරන් අද වෙනකොට කැක්කුම 80%ක් හොඳ වෙලා. වමට දකුණට කොහෙට වත් හැරෙන්න බැරුව හිටිය මට ඒ වේදනාවෙන් මිදුණා කියන සතුටටම, හිතෙන් කොයි වෙලෙත් පින් දෙනවා. 😊 අපි එළියට බැහැලා එද්දිත් තව ලෙඩ්ඩු පෝළිමක්. 8 ට යන්න ඕන කියලා යන්නෙ නෑ 😊 ඔහු එන හැම රෝගියාටම බෙහෙත් දීලයි නිවෙස් බලා යන්නෙ.
.
මුදල් පස්සෙම යන්නෙ නැති ඒ වගේ උතුම් මිනිස්සු දැක්කම පුදුම සතුටක් දැනෙන්නෙ 😍 සේවය වදයක් කරගන්නෙ නැතුව කොයි කාටත් හරි කරුණාවෙන් ආදරයෙන් සලකන ඔහුට ඒ කරන සේවයේ පිනෙන්ම නිදුක් නීරෝගී සැපවත් සාර්ථක ජීවිතයක් උරුම වේවා🙏 කිසි කලක දරුණු ලෙඩ රෝග, විපත් අනතුරු සිදු නොවේවා. ඔහුට මෙන්ම ඔහුගේ ආදරණීයන්ටවත් කිසි විපතක් අකල් මරණයක් නොවේවා! දීර්ඝායුෂ අත් වේවා! මෙලොව පරලොව කොහෙදිත් නිවන් දක්නා තුරු සුගතියකම ඉපිද යස ඉසුරින් පිරේවා 🙏 😍

Sunday, February 14, 2021

හොඳම 500න් කෙනෙක් ද? Facebook & Social Media Crowd !

ෆේස්බුක් මිතුරු ලයිස්තුවට තහනමක් නෑ. ඕන කෙනෙන්කට Friendlist එකට එකතු වෙන්න හෝ Follow කරන්න ඉඩ දෙන්න පුලුවන්. ඒත් ඔබ මුලින්ම අලුත් මිතුරාව මිතුරියව ටික කලක් නිරීක්ෂණය කරන්න. ඔබ පිරිමි ළමයෙක් වුණත් ගැහැණු ළමයෙක් වුණත්... තරුණ වැඩිහිටි කොයි වයසේ පසු වුණත් Messenger ඇමතුම් හෝ පණිවිඩ තැබීමට පෙර මදක් සිතා බලන්න.
Message එකකින් කියන්න, අහන්න, දැනගන්න අවශ්ය දේ About Section එකේ නැති, ඔබට දැනගැනීමට පලක් ඇති අත්යාවශ්ය දෙයක්ද කියලා හිතන්න...
පුද්ගලයා හරිහැටි හඳුනාගන්නත් කලින් ෆේස්බුක් තුල දුටු ගමන් කියන්න හිතෙන දේ කියන්නම අත්යාවශ්යද කියලා කල්පනා කරන්න...
.
Messenger ඇමතුම් ලබාගැනීමට තරම් ගැහැණු පිරිමි ඔබ කිසිවෙකු ඔබ සිතන තරම් ආරක්ශිත නැත. හොඳින් දන්න අයෙකුට හැර නොදන්නා අයට Audio සහ Video ඇමතුම් දීමෙන් වැලකී සිටින්න...
.
ඔබ පල කරන Comment එක ඔබගේත් අලුත් මිතුරා හෝ මිතුරියගේ ආත්ම ගරුත්වයට සහ ඔබ දෙපාර්ශ්වයේ යහපත් මිත්ර සම්බන්ධතාවයට ගැටලුවක් නොවේදැයි සිතන්න... 😊
.
ඔබ Reaction button එක භාවිතයේදී පෝස්ටුවට ගැලපෙන දේ යෙදීමට උත්සහකරන්න. 😊 කැපී පෙනෙන මිතුරෙකු මිතුරියක නොව, අවුරුදු 5ක් 10ක් එක Message එකක් වත් නොදැම්මත් නම දැක්ක ගමන් "මේ හොඳ කෙනෙක්" කියලා මිත්ර පාර්ශ්වයට දැනෙන ප්රතිචාර දක්වන්න.
.
ඔබේ වචන සහ ක්රියාව තුළ ඔබ ඔබවම යහපත් ලෙස නියෝජනය කරන්නේ නම් එය ඔබ සතු සුවිශේෂ හැකියාවකි. එය ඔබ තුළ නැති නම් එය පුරුදු කර ගැනීමට තරම් නම්යශීලී වන්න 😊
.
😍 ඔබේ කැමැත්ත අකමැත්ත, හැකියාවන්, අදහස්, භාහිර ස්වරූපය ආදී කුමන හේතුවකට කවුරු ඔබ වෙත ඇදුනත්... 😊 ඔබ කුමන මතවාදයක් දැරුවත්... කිසි කෙනෙකු වෙනුවෙන් #ඔබ #ඔබේම #නම, #මුහුණ සහ #වචන #අවභාවිතා #කිරීමෙන් #වලකින්න. ඒවා සියල්ල මේ Facebook Social Media Platform එක තුළ #Public #බව #සිතට #ගන්න 😊🙏
.
ඔබේ කැමැත්තට එපිටින් යන කෙනෙක් ඔබේ මිතුරු ලයිස්තුවේ සිටිනවා නම් මග හරින්න. අනවශ්ය වාද විවාද, පැහැදිලි කිරීම් සහ ඒත්තු ගැන්වීම් සඳහා නොහඳුනන අය වෙනුවෙන් කාලය කැප කිරීම අනුවණ ක්රියාවකි. ඉවත් කරන්න. බ්ලොක් කරන්න 😊 තාක්ෂණයෙන් සහ ඔබට ලැබී ඇති ආරක්ශිත ක්රම වලින් උපරිම ප්රයෝජන ගන්න 😊
.
ඔබ රඳවගන්න කැමති අයට හොඳ පෞරුෂයක් ඇති, ආදර්ශවත් මිත්රයෙක් වන්න. 5000 ක් නොව... හොඳම 500ක් රඳවගන්න... හොඳම 500න් කෙනෙක් වන්න 😍

වචනයට පෙර සිතන්න !

දෙයක් පැවසීමට පෙර හොඳින් සිතා බලන්න. කියූ දෙය නැවත ගත නොහැකිය. ඔබ පවසන දෙය ඔස්සේ, ඔබේ අධ්යාපන මට්ටම සහ බුද්ධිය, මානසික තත්වය, පවුල් පසුබිම, සමාජ සංස්කෘතික සහ ආගමික පසුබිම, පාසල වැනි ඔබව ගොඩනැගූ පාර්ශව රැසක් නියෝජනය කරයි. පසුතැවීමට ඉඩ නොතබා ඔබේ අභිමානයට තුඩු දෙන ලෙස වචනය භාවිතා කරන්න

😍