ගැටලු ප්රශ්න කම්කටොලු වල ජීවත් වෙලා සෑහෙන කලක් ගත වුණත්... ඇතැමුන්ට ඒ තත්වයෙන් ගොඩ එන්න අපහසුයි... එක අතකින් මිනිස්සු දුකට, ප්රශ්න වලට ආස කරනවා... වේදනාව රසයක්... ඔවුන්ට ඒ වේදනාවෙන් මිදිලා සතුටින් ඉන්න පුරුදු නෑ... හුරුවෙලා ඉන්නෙ දුක කියන රසයට... ඉතිං ප්රශ්න දුක් නැතත්... ප්රශ්න හොයාගෙන දුක් වෙනවා නිකරුණේ...
සමහර විට ඔබ සුවපත් නොවන්නෙ ඔබ කම්පනයට පෙර සිටිය කෙනා බවටම පත් වීමට උත්සහ කරන නිසා වෙන්න පුලුවන්... ඒ කලින් කෙනා තව දුරටත් නැහැ, ඒ සියලුම දේවල් අවසන්...මන්ද ඔබ ලෙසින් ඔබ තුළම අලුතෙන් නැවත උපදින්න කෙනෙක් බලන් ඉන්න නිසයි...
ඒ අලුත් කෙනා වෙනුවෙන් ජීවිතයේ ඉඩ දෙන්න...
එයා වෙනසක් කරයි ! අතීතයට නොවේ... ඔබට ඉඩ දෙන්න...


No comments:
Post a Comment
leave your comment here...