Pages

Friday, November 27, 2020

🙄 අපිට නොදැනීම අහිමි වන සැනසීම 🤦

 

💛 කවුරු කොහොම මොනවා කරනවා, කොහොම ඉන්නවා ඇහැට දැක්කත්... ඒ ඕනම කෙනෙක් හෝ දෙයක් දිහා මැදිහත්ව බලන්න, මෛත්රී කරන්න, වැරදි දේකදි එක්කො කරුණාවෙන් කියලා දෙන්න එහෙම නැත්තං මග හැර යන්න පුලුවන් නම්,
කෙනෙක් ගෙ දියුණුව, සතුට, ලස්සන, උගත්කම දැකලා සතුටු වෙන්න, අඩු පාඩු දැක්ක තැන උපහාසයට අපහාසයට ලක් නොකර අපහාසුතාවයට පත් නොකර මග හැර යන්න, නොගැටී ඉන්න පුලුවන් නම්,
අන්න ඒ බලවත් හැකියාවන් ඔස්සේ අපිට ආපිට ලැබෙන ලොකුම තෑග්ග තමා.....
😍 සැ න සී ම ... 😍
මොකද අනවශ්ය දේවල් එක්ක නොගැටී අවශ්ය දේට අවධානය යොමු කරන්න පුරුදු වුණාට පස්සෙ අපි අවට හැදෙන්නෙ අපිට අවශ්ය අයගෙ අවශ්ය දේවල් වල එකතුවක් විතරයි 😍
.
හොඳම උදාහරණය facebook එකේ අපි රසවිඳින බලන react කරන දේවල් සහ add කරගන්න අය... 🤷
.
කැමති එක්කෙනෙක් add කරගෙන බලන්න එයාගෙ දම් වැලක්ම අපිට suggest වෙනවා. Request කරනවා. 😁🤦
ආස දේවල් තියෙන add එකක් click කරලා, like කරලා share කරලා බලන්න ඒ වගේ දේවල් විකුණන තව තව post, pages, groups එකපිට එක suggest වෙනවා... 💁
.
ඔබ ඒ දේවල් බෙදාගන්න කොට, රසවිඳින කොට ඒ දේවල් වලට කැමති පිරිස ඔබ වටේ ඉබේම හැදෙනවා. ඔබේ විනෝදාංශ, හැකියාවන්, කැමති අකමැති දේවල් මේ හැමදේටම crowd එකක් ඉන්නවා... ඒවට ආකර්ශනය වන අය තමා ඊට පස්සෙ නිතරම ඔයාට දකින්න පේන්න සැලැස්වෙන්නෙ...
.
ඔබ ආගමික, සංස්කෘතික, දේශපාලනික ආදී සමාජයේ කුමන අංශයේ මොන පැතිකඩ එක්කද ගැටෙන්නෙ, මොන පැතිකඩද හඹා යන්නෙ... අන්න ඒ විදිහටමයි ඔබෙන්ම භාහිරයට පේන දේවල් අනුව ඇත්ත සමාජෙදිත් ඔබ වටා ඒ ජීවීන්ගේ වළල්ල ඔබ වටා ගොඩ නැගෙන්නෙ.
.
ඒ නිසා කුණු ගොඩක් වගේ නිතරම ඇවිස්සෙන තමා අකමැති දේවල් එක්ක ගැටි ගැටී හඹා යන්න එපා. Fb එකෙත් follow නොකර unfollow කරන්න, unfriend කරන්න, block කරන්න වගේ options තියෙන්නෙ ඒකයි. ඒත් සැබෑ ජීවිතේදි මේක අපිට virtually, automatically කරන්න බෑ. ඒක අපිට manually, realistically කරන්න වෙනවා... 🙄
කා එක්ක හරි ගැටෙන්න, රිදවන්න පහත් කරන්න කොන් කරන්න පාගන්න ඔබ දඟලන හැම අවස්ථාවකම ඔබ තුළ හටගන්න තරහ, ඊර්ෂ්යාව එක්ක ඔබ අවට හැදෙන්නෙත් අර ඔබ ගැටෙන ගැටෙන දේවල් වල එකතුවමයි. ඔබමයි, ඔබේ සිතමයි එයින් දුෂ්ය වන්නෙ 😊 ඔබ වටා ඒකෙන් ඍණාත්මක ශක්තියක් තමා හැදෙන්නෙ.
.
ගැටෙන දේ දැක්ක ගමන් ලෝක ස්වභාවය කියලා තේරුම් අරන් මග ඇරලා යන්න පුරුදු වෙන්න වෙන්න ටික දවසක් යද්දි අර දෙයක් දැක්ක ගමන් පරහට සමච්චලයට, දැනුම පෙන්නන්න වගේ හේතුවක් තිබ්බත් නැතත් නිකං මොකුත් නොකියා නොලියා යන්නම බැරි පුරුද්ද මග ඇරෙනවා... 😁
හදන්න වෙනස් කරන්න බැරි තැන් වල එල්ලි එල්ලි මතවාද ඉදිරි පත් කරන්න Comment කරන්න, react කරන්න, කාගෙ හරි ඇඟේ මාලු නටන විදිහෙ දෙයක් share කරන්න හිතලා ඇඟිල්ල උස්සන කොටම "ඕන නෑහ් " කියලා හිතට එනවා. 😍
මේ හැකියාව අපි තුළ ඇති කරගත්තොත් නිකරුණේ අහක යන ප්රශ්න තමන් කරට එන එකත්, ඒකෙන් තමන් අවුලෙන් අවුලට පත් වෙන එකත් ඉබේම සංසිඳිලා යනවා.
.
විවිධත්වය කවදත් පවතිනවා. සුදු කලු ද්විත්ව ප්රතිපක්ෂ අන්තයන් සමාජයේ ඕන තරම් තියෙනවා. එකක් නිසයි අනික පැහැදිලිව පේන්නෙ. හොඳ නරක තියෙනවා. නරක නිසයි හොඳ ඉලිප්පෙන්නෙ. කවදාවත් සුදුම විතරක් ඉතිරිවෙන්න නෑ. කලුම විතරක් ඉතිරි වෙන්නෙත් නෑ. සත්තු අයින් කරලා පීඩනයට ලක් කරලා මරලා මනුස්සයා ලෝකෙ අල්ලන්න දැඟලුවා පුලුවන් වුණාද??? දැක්කනේ අන්තිමට සත්තු නිදහස් වෙලා අපි ගෙවල් වල හිර වුණා 🤷 ඒ නිසා බය වෙන්න දෙයක් නෑ කොහෙන් ගියත් මේ සොබා දහම හැමදේම සමබරව ගෙනියනවා... 😍 හොඳ නරක balance කරන්න ගිහිං එහෙනම් අපි ලේ පුච්ච ගන්න ඕන නෑනෙ 😁
.
ලෝකයාට ලෝකයේ ස්වභාවයෙන් ඉන්න දීලා ඒ ගැන මැදිහත්ව බලන එකෙත් අමුත් ආතල් එකක් තියෙනවා. 😁😍🤷
.
ඒ හැකියාව සහ පුරුද්ද එක්ක අපි තුළ හැදෙන ධනාත්මක යහපත් ගතිගුණ පිටිපස්සෙ දිර්ඝකාලීනව අපිට නොදැනෙන්නම මං අර ඉස්සෙල්ලා කිව්ව
💛 සැ න සී ම 😊
නිතැතින්ම තමන්ට ආපිට ලැබෙනවා 😊
.
© විලෝචනා අබේකෝන්

Tuesday, November 17, 2020

පි ළි ඹි බු ව

 💛 ඔබට... 😊

ආදරය අවශ්ය නම් 👉 ආදරය දෙන්න
සත්ය අවශ්ය නම් 👉 සත්යවාදී වන්න
ගෞරවය අවශ්ය නම් 👉 ගෞරව කරන්න

ඔබ භාහිරයට දෙන දේ හි ස්වභාවය අනුවයි ඔබට නැවත ලැබෙන්නෙ. ඔබ, ඔබට යමක් ලැබෙනවාට කැමති කොයි ආකාරයට ද , 

මුලින් ම 

ඔබ 

එහි 

පි  ළි ඹි  බු  ව 

වන්න 💛😊

Thursday, November 12, 2020

පුංචි නිලමෙ 🙈😁

🙈😁🤣💛  උඹේ වැදිලා අපෙ දිහාවට හමන හුළඟත් සැරවෙලා

අඳුරු වී මන්දාරමේ වැහි පොදට අහසත් බරවෙලා
සුමනා අත පණිවිඩේ එව්වා හවස ඉන්නා වග බලා
තවම නෑ නොවැ වරෙන් දැන් වැහි පොදට පෙර ඉක්මන් වෙලා 🙏
.
නැවුමෙ පීදුණු පිල් විදන නිල් මොණරගෙත් ආඩම්බරේ... 🦚
ඉලක්කෙට එන උකුසු ඇස් වල ගොදුර කවදත් අනතුරේ🦅
පිම්මෙ පැන උඳු පියලි උලනා හාවුන්ගෙ පෙම් අන්දරේ🐰🐇
එකෙක් බය කර ලුහුබඳින දඬුලේන් පවුලේ ජරමරේ 🐿️ 🙄
.
එහෙව් වදුලේ සතා සිව්පා සොඳුරු දසුනක් දෙස විනා 🙄
අහල කුණු මලු කටේ එල්ලන් දුවන බල්ලන් දෙස විනා 🐕 🤣
කිතුලෙ බේරෙන පැණි කඳක් සේ දසන් විදහා පා සිනා 😜
ඉඳලා හිටලා මගෙ දිහත් බලපන්කො ආදර මස්සිනා 😁🙏
.
දුර ඉඳන් මං බලන් ඉන්නේ පුංචි නිලමෙගෙ හැඩ මනා
රතට දිලිහෙන අඩි හයේ කඳ දුරින් දැක්කත් ඉපිලෙනා
හතර වරිගෙම එකම පුත් කඳ මගේ කරගන්නට වෙනා
යම් පිනක් වෙද අනේ දෙවියනි සිහිනෙ හෝ පෙන්වනු මැනා 🙏
.
උන්නෙ මං බහ දෙන්න දැන් කී දොහකටද පෙර කල් බලා
වසංගතයට වඩා ප්රේමෙට හඳුන්පත අඩපණ වෙලා
වලව් මොකටද පැල්පතයි සැප මගේ ප්රේමෙට සැරසිලා
මැණිකෙ දැක්කොත් වසලා ඉවරයි වරෙන් විගහට හැංඟිලා... 🙉😁
.
© විලෝචනා
Image may contain: Vilochana Abeykoon, tree, outdoor and nature
Image may contain: Vilochana Abeykoon, outdoor
Image may contain: Vilochana Abeykoon, standing, tree, outdoor and nature
Image may contain: 1 person, tree, plant, outdoor and nature
Image may contain: 5 people, including Vishwa S Gopallawa, tree, outdoor and nature

Tuesday, November 10, 2020

Social Media නිදහසට බාධාවක්ද?

 🤦 ගැහැනු ළමයෙක් වුණත්... පිරිමි ළමයෙක් වුණත්... ඕනම කෙනෙක් දාන ... හැම message එකටම හැම comment එකටම reply කරන්න ඕනද 🤷 හැම call එකම නිදහසට බාධාවක්ද? මොකද කරන්නෙ එතකොට? 🤔

.
කොච්චර තාක්ෂණය දියුණු වුනත් අපි දන්නෙ නැත්තං ඒ තාක්ශණය භාවිතා කරන ගමන් ආරක්ෂාකාරී වෙන්න... ඒ තාක්ෂණය භාවිතා නොකර සිටීමමයි යහපත... භාවිතා කරනවා නම් අපි කොහොමද මේ දේවල් වලදි කටයුතු කරන්නෙ කියලා දැනගෙන ඉන්න ඕන 😊
.
Friendlist එකක් දිහා බැලුවම අඳුරන අය පමණක් ඉන්නෙ සීමිත කීප දෙනෙක්ට විතරයි. බහුතරයක් අයගෙ friendlist වල ජීවිතේට දැකලා නැති අය දාස් ගණන් ඉන්නවා... ඒකෙ වරදක් නෑ. නමුත් අපි දැනගන්න ඕන මේ අය හැමෝම අපේ පවුලෙ අය වගේ නෑ කියලා. ඒ නිසා මම ගොඩක් වෙලාවට කොහොමද fb use කරන්නෙ කියලා කියන්නම්...
.
Adding Friends - ඕන කෙනෙක් නොදන්නවා වුණත් add කරගන්නවා... ඒත් ටික කාලයක් යනකල් අපිට හොඳ අය නරක අය හඳුන ගන්න බෑ... ඒ නිසා add කලාට මුල කාලෙ කිසිම ප්රතිචාරයක් දක්වන්නෙ නෑ... අනික් අය අපිව වගේම, අපි අනික් අයව කොයි විදිහෙ අයද කියලා හඳුන ගන්න අපිට ටික කාලයක් ඕන නිසා.

Virtual Friends ලා කියලා ඔහේ ඕන කෙනෙක් hi කිව්ව පළියට කතා කරන්න ඕන නෑ. ගැහැණු පිරිමි දෙගොල්ලොම පරිස්සම් වෙන්න ඕන. අද fake profiles වැඩියි... පිරිමි ළමයින්ට වුණත් කොච්චර ඇණයක් වෙනවද කියන එක අත් විඳලා ඇති සමහර අය. ඒ නිසා එක පාරම hi කියන ඒවට comment වලට පොඩි කාලෙ ඉඳන් අඳුරනවා වගේ reply කරන්න යන්න නරකයි.
.
Reply නෑ කියලා බනින message - ඒ ගැන වැඩිය හිතන්නම එපා. සීමාව පනිනවා නම් කෙලින්ම block කරන්න. Add කල ගමන් අනික් පැත්තෙන් පැටියො බබෝ සුදූ කියාගෙන එනවා නම් කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් ඉස්සෙල්ලම කරන්න ඕන block කරන එක 😁 අත්දැකීමෙන් කියන්නෙ.

සමහර හොඳ අයත් ඉන්නවා. යාලුකමට message කරන. But still its too early to judge 😊 හොඳ කෙනා ඇත්තටම හොඳ නම්... එයා දන්නවා එයාට නංගි, අක්කා, අම්මා, දුව වගේ මෙයත් කාගෙ හරි ගෞරනීය කෙනෙක් කියලා. කවදාවත් හොඳ කෙනෙක් ඔබ reply නොකලට අමනාප වෙන්නෙ නෑ. පිරිමි ළමයෙක් වුණත් message කරන හැම #කොල්ලම මේ එන්නෙ අනික් අතට කියලා හිතන්න එපා. කෙල්ලෙක් message කලොත් fake එකක් වෙන්න පුලුවන්. මම හොඳටම දන්න අය ඉන්නවා අනික් පැත්තෙ ඉන්නෙ කෙල්ලෙක් කියලා හිතලා ආදරේ කරලා අන්තිමට බලද්දි කොල්ලෙක්ට රැවටුණ 🤨 ඒ නිසා දෙපාර්ශවයම පරිස්සම් වෙන්න.
.
Messenger Calls කරදරේ - මෙහෙම කරදර කරන අය නම් බින්ඳුවක් වත් සමාජයක හැසිරෙන්න නොදන්න අය. Option එකක් දුන්න පලියට ඉවක් බවක් නැතුව ඔහේ අනික් පාර්ශවයට එක දිගට කරදර කරනවා. මොකක්ද කරන්නෙ එතකොට??? මම නම් add කල ගමන් අනවශ්ය ආමන්ත්රණ දාපු අය සහ calls ගත්ත අය කෙලින්ම list එකෙන් අයින් කරනවා, සෙට් වෙන්නෙ නැති නම් කෙලින්ම fb එකෙන් block කරනවා... හරියටම කිව්වොත්....

1. Messenger එකෙන් නෙවෙයි, Fb එකෙන්ම block කරන්න.
2. Messenger එකේ සහ fb එකේ settings වලින් Active/ Online status අනික් අයට පේන එක off කරන්න.
3. Messenger Notifications වගේම Chat heads අයින් කරන්න.
4. Answer කරලා බනින්න එපා, tag කරලා post දාන්න එපා, Public screen shot දදා බනින්න එපා... අවුරුදු විසි තිස් ගාණක් අම්මලා තාත්තලාට හදන්න බැරි වුණ අය අපිට හදන්න බෑනෙ. Just forget it and block 😊
5. මෙච්චර පරිස්සම් වෙන්න ක්රම තියාගෙන මේක use කරන ගමන්, එයාලටත් බැන බැන තමන් මේ දීලා තියෙන ආරක්ෂාකාරී පියවර අනුගමනය නොකර නිකරුනේ ප්රශ්න වැඩි කරගන්න එපා. 😊
.
Comments සහ Reactions - සමහරු හිනාවෙන්න කිසි හේතුවක් නැති ඒවට හිනා වෙනවා, Ha ha react කරනවා... අනවශ්ය comment දානවා... 😊

Message කරලා reply නොකල හෝ friendlist එකට add නොකරගත් අය ගොඩක් වෙලාවට අපිව අපහසුතාවයට පත් කරන්නෙ නරක comment වලින් හෝ අදාලම නැති reactions වලින්. අදාලම නැති එකකට Ha Ha react කරලා තිබ්බොත් හෝ comments රුස්සන්නෙ නැත්තං ඒ කෙනාව මම කෙලින්ම block කරනවා... 😊 ප්රශ්නෙ පහසුවෙන්ම විසඳන්න එහමයි පුලුවන්.
.
දන්න කෙනෙක්ගෙම replies public තිබ්බම අවුල් වගේ නම් - අපි හිතමු අපිට reply එකක් දාන්න හිතේන්නෙ නැති comment එකක් දාලා කියලා block කරන්නත් බැරි කෙනෙක්. එහෙනම් Argue කර කර යන්නෙ නෑ කෙලින්ම ඒ comment එක delete කරලා ඉන්නවා 😊 . අනික තමා මම කොහොමත් දේශපාලන සංස්කෘතික ආගමික ආදි කිසිම විවේචනාත්මක දේවල් පල කරන්නෙ නෑ අනික් අයගෙ ලේ කුපිත වෙන්න. 😁 මම fb ගොඩක් වෙලාවට use කරන්නෙ මොනවා හරි දැනුමක් ගන්න හෝ දෙන්න ... Entertaining දෙයක් පල කරන්න හෝ රසවිඳින්න ඊට අමතරව charity වැඩ වලට. 😊 ඉතිං messenger නම් භාවිතා වෙන්නෙ බොහොම අඩුවෙන්...
.
Messenger messages - Inbox පිරෙනවා දවසට 200-300 ක් විතර. දවස් දෙක තුනක් messages check කරලා අනවශ්ය ඒවා delete නොකලොත් ඒ අතරෙ අපිට අත්යාවශ්ය message එකක් ආවත් හොයාගන්න බෑනෙ. මම නම් add on එකකින් සේරම නොදන්න අයගෙ messages බලන්නෙවත් නැතුව delete කරනවා ඕන ඒවා archive/hide කරගෙන.

මට නම් reply කරන්න වෙන්නෙම නෑ. ඉතිං කිසිම නොදන්න කෙනෙක්ගෙ message එකකට reply කරන්නෙ නෑ. මොකද 200ක් Hi කිව්වොත් අපි 200 දෙනාටම Hi කියලා විතරක් බේරෙන්න බෑනෙ... 😂 අර profile එකේ ඉස්සරහම තියෙන ටිකවත් නොබලා නම ගම මේ ඉන්නෙ ඔයාමද, ඔයාට කොහොමද ගගා 200 දෙනෙක් එක්ක දාස් වතාවක් reply කරන්න බෑනෙ. කෙලින්ම delete කරන්නෙ තරහට නෙවේ. නිදහසට බාධාවක් නිසා 😊
.
අඬුව තියාගෙන අත පුච්චගන්න ඕන නෑනෙ. 🤦 හොඳට බලන්න ගිහින් fb එකේ settings වල privacy, timeline වගේ අපේ ආර්ක්ශාවට ගන්න පුලුවන් options සේරම තියෙනවා... ආව ගමන් දන්න කෙනයි නොදන්න කෙනයි ආත්ම ගාණක ඉඳන් දන්නවා වගේ භජනෙට නොයා... ටික වෙලාවක් අරන් අපිට ඕන විදිහට ඒ security options හදාගන්න ඕන 😊 නොදන්න කෙනෙක් ඉන්නවා නම් දන්න කෙනෙක්ට දීලා මේ දේවල් හදාගන්න...
.
ඉතිං අනේ වීරයෝ වගේ fb account හදාගත්ත ගමන් Status, photos videos update කර කර Message, comment,likes shares කරන්න කලින් අනේ විනාඩියක් අර settings වලට ගිහින් ඒ ටික හදාගෙන ඉන්න 😊
.
© විලෝචනා

Saturday, November 7, 2020

නඩත්තුව

 

දිනක් දෙදිනක් පැත්තෙ නොගියොත් කැලෑ වෙනවා වලව්ව 🙄
විළුඹ පහුකර තණකොලත් උස වැඩී පොහොරට දිරව්ව 🤔
ඉදල් කතුරුද තල මැශින් අත් පුපුරු යයි මල ඉලව්ව 😥
සුන්දරයි මුත් නඩත්තුව ගැන කිසිවෙකුට නෑ නිනව්ව 🤷
.
විලෝචනා අබේකෝන්


බණ්ඩාරේ

💛
අහඹුව මග ඇරී හමුවුණි සංසාරේ
රකිනුය ප්රාණ සම ඔහු දෙවි ගම්භාරේ
නුඹ නැති තත්පරක් නොවෙදෝ නිස්සාරේ
වෙනස් නොවී ඉඳහන් මයෙ බණ්ඩාරේ
.
© විලෝචනා අබේකෝන්
Image may contain: 2 people, including Vishwa S Gopallawa

ඔබට ඉඩ දෙන්න...

ගැටලු ප්රශ්න කම්කටොලු වල ජීවත් වෙලා සෑහෙන කලක් ගත වුණත්... ඇතැමුන්ට ඒ තත්වයෙන් ගොඩ එන්න අපහසුයි... එක අතකින් මිනිස්සු දුකට, ප්රශ්න වලට ආස කරනවා... වේදනාව රසයක්... ඔවුන්ට ඒ වේදනාවෙන් මිදිලා සතුටින් ඉන්න පුරුදු නෑ... හුරුවෙලා ඉන්නෙ දුක කියන රසයට... ඉතිං ප්රශ්න දුක් නැතත්... ප්රශ්න හොයාගෙන දුක් වෙනවා නිකරුණේ...

සමහර විට ඔබ සුවපත් නොවන්නෙ ඔබ කම්පනයට පෙර සිටිය කෙනා බවටම පත් වීමට උත්සහ කරන නිසා වෙන්න පුලුවන්... ඒ කලින් කෙනා තව දුරටත් නැහැ, ඒ සියලුම දේවල් අවසන්...මන්ද ඔබ ලෙසින් ඔබ තුළම අලුතෙන් නැවත උපදින්න කෙනෙක් බලන් ඉන්න නිසයි... 😍 ඒ අලුත් කෙනා වෙනුවෙන් ජීවිතයේ ඉඩ දෙන්න... 😍 එයා වෙනසක් කරයි ! අතීතයට නොවේ... ඔබට ඉඩ දෙන්න...