ගිණි මද්දහනෙ...
හීනෙක හීනයක්
ඒ හීනෙත් හීනයක්... 🤦
අවදි වෙවී හිතනවා...
ආ... ඒක හීනයක්... 🙄
ඒත් අවදි වෙලා තිබුණෙත්...
හීනෙන් 😂
එයා එනවා...
දුණු ඇඳේ දුනු යටට එබෙනවා...
ඔව් එයා ළඟින් වාඩි වුණා...
මෙට්ටය ගිලා බහිනවා...
තද නින්දට ඇහැ අරින්න දඟලද්දි,
ආයෙම නින්ද යනවා...
ආ එයා ඇවිත් නෑ 😂🤦
ඒක හීනයක්...
හැරිලා ආය නිදද්දි...
ආය දුනු එබෙනවා...
ආ... අර හීනයක් නෙවේ...
ඇත්තටම එයා ඇවිත්... 🤦
ඒත් බෑ ඇහැ අරින්න...
ආයෙත් වැටුණා නින්දට...
හීනෙම ඇහෙනවා
හීන්වට...
"දුව... මොනවා හරි බිව්වොත් හොඳයි නේද? " ඒක හීනයක් නෙවේ... 😂
ඒක ඇත්තට...
ඒත් එයා නම් ඇවිත් නෑ...
ඒක හීනයක් 🙄😴
.
© විලෝචනා අබේකෝන්
No comments:
Post a Comment
leave your comment here...