Pages

Sunday, May 10, 2020

❤️ අම්මිට සහ අම්මාට ❤️



❤️ අම්මීට ❤️
.
කන්නට රසෙන් බෝ ගුණ ඇති අහර සදා
ඉන්නට සැපෙන් සුව පහසුව ළඟම රඳා
කරඳඩු උස් මහත් කර එක මවක් එදා
මතකයි දෝතින්ම තවෙකුට දන් දුන් දා
.
සරළය සුන්දරය සිනහව දෙගොඩ තලා
ඇය නැති නිවස සොහොනක් මෙනි අඳුර පෙලා
නෑ සියො දුවා දරුවන් යහපත සොයලා
කාටත් පිහිට ඈ හද කැණි මැඩල වෙලා
.
ඇය වෙස්සන්තරයි සැමටම සෙත සදන
තවමත් දරු සෙනෙහෙ පිරි දා බිඳු හෙලන
සැදු ඒ කොයි අයත් ඈ තනි කර දුවන
වේගෙට වැඩි වෙරෙන් ඇය අප වෙත දිවෙන
.
❤️ අම්මාට ❤️
.
දන් දුන් මවට නොදෙවෙනි මා දෙවෙනි මව
ගුණ නැණ පිරි පුතුන් මා තුරුලට පිදුව
දැන් මට දියණියක් වෙති එක පුතකු නොව
කියමින් දිනක් පාසා මා ගුණ වැණුව
.
මා මේ ලොව දුටුව සොඳුරුම සිනා සතු
ඇය නම් රුවින් අග තැන් පත් ගුණෙනි යුතු
කෙතරම් සුන්දර ද පණ මෙන් සැදුව පුතු
ඔහුගෙම මවුන් ගැන තව මොන කිවිය යුතු
.
රස ගුණ බොජුන් සොය සොය අපටම සදනා
අපෙ සුව තකා හෙට දින සැලසුම් කරනා
ඈ සතු වටින කොයි දේ වුව මට පුදනා
පතිකුල කියා මට නම් වෙනසක් නොවෙනා
.
.
❤️ අම්මිට සහ අම්මාට ❤️
.
දෑ මව්වරුණි, නුඹ ලැබුමට කලෙව් පින
මෙයයැයි මෙතෙක් යැයි කිව සුලු පටු නොවන
ලොවුතුරු පැතුම සිල්වත් දෙහදින් පතන
සුගතිය දෙවනි කර ලබනුය අම නිවන
.
© විලෝචනා අබේකෝන්


No comments:

Post a Comment

leave your comment here...