Pages

Sunday, May 24, 2020

😍 වසවර්තියෙන් හල බිඳක්... 🌿

😍 වසවර්තියෙන් හල බිඳක්... 🌿 #Home_Garden 🏞️ #His_World 💑
.
මාර දිව්‍යරාජයාණෙනි,
පරනිම්මිත වූ,
මේ කුඩා වසවර්තිය,
නුඹේ ලොවින්,
නුඹ ඇඟිලි තුඩකින්,
ගෙනහෙලූ පස් පිඩකි...
.
යොදුන් දෙලක්ශ පනස් දෙදහසක්,
බිමට හලා...
මා මුලා කරන ලද්දේ,
නවසිය විසි එක් කෝටි හැට ලක්ශයක්,
ආයු වළඳන්න නොදී...
මාර බන්ධනයටම හසු කරන්නේ...
නුඹේ සැලසුම් එදා සිටම
යසට හැඳින්නෙමි...😁

එහි අධිපති,
නුඹේ සුන්දර පින්වත් මාර පුත්...
අතට පයට සුව සැප සියල්ල මට දී,
මා සසරටම බැඳ ගනිත්...

මාරය,
නුඹ මේ වසවර්තියත්,
නුඹේ මාර පුත්‍රයාත්,
යලි මගෙන් උදුරාගන්නා බව,
මම දනිමි...
ඒ දශබලධාරී ආඥා ක්ශේත්‍රයේ,
තවමත් හීන්වට...
ඒ සද් දහම පවතින හෙයින්,
නුඹට මා මුලා කල නොහැක 😍
මා මුලා වූ වගට,
නුඹ මුලා වූවා පමණකි 😁
.
~ විලෝචනා~


Thursday, May 14, 2020

"ඈ ..."

😍
මාල හත දරා,
සුදු සේද ඔතා,
මා එන මග බලා හිඳ,
පතිකුලයට ගොඩ වැදුණ,
පළමු මොහොතේ,
පෙවූ මුල් කිරි උගුරේ පටන්,
තවමත්,
සෑම දිනකම,
නොවරදවාම,
පිපාසාවට,
වතුර කෝප්පය,
ළඟටම ගෙනවිත් දෙයි
"ඈ ..."
සිය එකම පුතු,
මේ සා සරළව,
කෙසේ උස්මහත් කලාදැයි නොදනිමි...
එළෙසම...
ඇයට දියණියක් වුණි නම්,
බෝනික්කියක් සේ,
සුපිරිසිදුවට,
ලස්සනට,
කාටත් ප්රිය,
සිල්වත් පින්වත් දියනියක් විලසට,
ලොවට දායාද කරනු ඇති...
භාග්යයකි,
ඇය මං විය 😍
දැන් ඔහුට වඩා,
නුඹේ අසළ රැඳෙන්නී මා,
නුඹේ දිවි තෙක් නුඹ රකින්නට,
බැඳී සිටිනෙමි 🙏
පාද වල මඩ තැවරෙන්න නොදෙන,
සමට අව්වෙන් පීඩාවක් නොවෙන්න දෙන,
එක පැයක් වත් බඩ හිස්ව නොතියන,
වටිනා දෑ සියල්ල මට පවරණ,
සුන්දර සිනාවකින් උදෑසන පිළිගෙන,
මුළු දවසම පින් වත් කරන,
ඇය සුර දූතියකි...
මට මගේ පෙර පින් සිහිකරවන... 💛




Sunday, May 10, 2020

❤️ අම්මිට සහ අම්මාට ❤️



❤️ අම්මීට ❤️
.
කන්නට රසෙන් බෝ ගුණ ඇති අහර සදා
ඉන්නට සැපෙන් සුව පහසුව ළඟම රඳා
කරඳඩු උස් මහත් කර එක මවක් එදා
මතකයි දෝතින්ම තවෙකුට දන් දුන් දා
.
සරළය සුන්දරය සිනහව දෙගොඩ තලා
ඇය නැති නිවස සොහොනක් මෙනි අඳුර පෙලා
නෑ සියො දුවා දරුවන් යහපත සොයලා
කාටත් පිහිට ඈ හද කැණි මැඩල වෙලා
.
ඇය වෙස්සන්තරයි සැමටම සෙත සදන
තවමත් දරු සෙනෙහෙ පිරි දා බිඳු හෙලන
සැදු ඒ කොයි අයත් ඈ තනි කර දුවන
වේගෙට වැඩි වෙරෙන් ඇය අප වෙත දිවෙන
.
❤️ අම්මාට ❤️
.
දන් දුන් මවට නොදෙවෙනි මා දෙවෙනි මව
ගුණ නැණ පිරි පුතුන් මා තුරුලට පිදුව
දැන් මට දියණියක් වෙති එක පුතකු නොව
කියමින් දිනක් පාසා මා ගුණ වැණුව
.
මා මේ ලොව දුටුව සොඳුරුම සිනා සතු
ඇය නම් රුවින් අග තැන් පත් ගුණෙනි යුතු
කෙතරම් සුන්දර ද පණ මෙන් සැදුව පුතු
ඔහුගෙම මවුන් ගැන තව මොන කිවිය යුතු
.
රස ගුණ බොජුන් සොය සොය අපටම සදනා
අපෙ සුව තකා හෙට දින සැලසුම් කරනා
ඈ සතු වටින කොයි දේ වුව මට පුදනා
පතිකුල කියා මට නම් වෙනසක් නොවෙනා
.
.
❤️ අම්මිට සහ අම්මාට ❤️
.
දෑ මව්වරුණි, නුඹ ලැබුමට කලෙව් පින
මෙයයැයි මෙතෙක් යැයි කිව සුලු පටු නොවන
ලොවුතුරු පැතුම සිල්වත් දෙහදින් පතන
සුගතිය දෙවනි කර ලබනුය අම නිවන
.
© විලෝචනා අබේකෝන්


Saturday, May 9, 2020

විරසක ඉටු දෙවියෙක්

මා දයාබර ඉටු දෙවියෙක්,
නුඹ හා විරසකයි, 
නුඹ මා නුඹේ කරගත්තාට වෛරයි... 
එහෙයින්, 
ඔහු නුඹට මා හැර දමා, 
යන්න නම් ඉඩ නොතබයි,
සොඳුර, 
බිය නොවන්න, 
ඔහු ගැන මං බලාගන්නම්, 
නුඹට යන්නට අවැසි දවසට, 
සැමටම කලින් දයාබරව, 
මග හෙළිකරන්නේ, 
මමයි... 
සන්සාරයේ මතු,
නුඹෙත් මගෙත්,
හමුවීම් වාර නැවත නොවේවී... 
මා දේවතාවුනි... 
ඉන් මතුවද, 
නුඹ ඔහුද රැකිය යුතුයි... 
මා සේම 😍
දේවතාවුනි, 
නුඹට ප්‍රිය සාංසාරික ප්‍රේමය, 
ඔහුට සසර දිගුය... 
මා තවත් සසරට නොබඳිනුය... 
අත් හරිනුව...