Pages

Friday, May 31, 2019

...::: ❤️ හතරයි යකූ 😲🤦😍 :::...

'ඒ අනපේක්ෂිත සිදුවීමේ මූලාරම්භය සනිටුහන් වූ අවස්ථාව 😂 හයියෝ කොල්ලගෙ කරුමේ 🤦 කරුමේ 🤦'
Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.

.
කියන්න මේ හරි රසවත්
ප්රේම පුරාණේ ....................😍
වැඩි කල් නෑ නව මසකුයි
තාමත් ගෙවුණේ ...................🤗
මූණු පොතෙන් හරි නැකතට
හදට ගොඩවුණේ .....................😘
මතක් වුණත් හරි කිතියයි
ආල කාරණේ ................................🤭
.
කාපු බූට් එක වැහෙන්න
කවි නෑ ලිව්වේ ...................😂
දෙස් තියනා බස් දොඩ දොඩ
නෑ කල් ගෙව්වේ ......................😜
ගිටාර් එකයි විසිල් එකයි
තනියට වැයුවේ ............................😍
ඒ අස්සෙයි උඹේ හිතේ
හොල්මන් කෙරුවේ.............................🤗
.
නිසොල්මනේ තුන් වසරක්
මුණිවත රැකුණා ..................🙄
Messenger එක වේලි වේලි
දින සති ගෙවුණා .....................🤦
හදිස්සියේ කොමෙන්ටුවක්
ඔහුගෙන් වැටුණා ........................😲
"Cover එකක් කරමු"
ඒකේ ලියවී තිබුණා .........................😍

"අම්මටසිරි එයා" 😲
පපුව ඩිග් ඩිග් ගෑවා ..........😲
අහක තිබ්බ සිතිවිලි ටික
සබ්ස්ක්රයිබ් කෙරුවා .............😘
සින්ඳු link messenger වල
පාලුව මැකුවා ............................😍
රෑ එක දෙක වෙනකල් හෙන
වල් පල් දෙඩුවා ...............................😂
.
ඒ දිනවල සිහින කුමරු
උඹමයි සිතුණා .....................🤗
නංගියි මමයි නුඹෙ
රුව හඬ දෑලෙ පැටලුණා ........😂
තුන් වේලම උඹගෙන් තොර
ලොවක් නැතිවුණා ......................😍
ඒත් පෙමක් ගැන එවිටත්
වගක් නැති වුණා .............................🙄
.
හනේ හපොයි හදිස්සියේ
ප්රේමය දැණුනා .....................😲
චැට් මිස එක call එකක් වත්
එහි නොවුණා ...........................😒
දෙන්නට දෙන්නගේ ආලෙට
ඉඩකුත් නොවුණා .......................😣
බාධක නම් සත පහකට
මායිම් නොවුණා .............................🤔
.
දැන් නම් ඇති නොදැක උන්නු
කාලය අපට .............................😒
මුණගැහෙන්න හදිස්සියේ
හිතුණෙ කරුමෙට .......................😲
මුල්ම දවසෙ දළදා හිමි
පහස ලබන්ට ..................................🤗
ඇතුගල සිට ආවෙ එයා
සෙංකඩගලට ......................................😍
.
එදයි හඬත් ඇහුවෙ
රුවත් දුටුවෙ හැබෑට ................😍
සය අඩි උස දික් දණ්ඩෙකි 😲
මේ අඩි පහට 😂 ..........................🤦
ආතර් සීට්, ගැටඹෙ පුරා
පිරුණු මතකෙට ...............................🤗
සමාවර්ත මිස ඉඩ නැත
නැවතුම් තිතට ......................................😘
.
මල්ලෙන් බළලා එළියට
පැන්නෙ පසුවට ..................😜
බෝ කලකට ඉහත හිතේ
මං උන් වගට ..........................😂
එකසිය ගාණට මං ගැන
හීන මැව්වට ...............................🙄
මටයි හිනා එතෙක්
වහන් කෙරුව හැටියට ..................🤦

හෙමින් වටින් ගොඩෙන්
කතාවට අල්ලගෙන .......🙄
අනංගයෝ උඹ
උඹටම හීය විදගෙන ...........🤔
Cover එකක් කරමු කියා
අවුස්සාගෙන ............................🤦
කරපු Cover එකක් අනේ
මෙතෙකුත් නොවන ......................😂
.
© විලෝචනා අබේකෝන්

❤️ Happy 4 Years Friendversary my darling Vishwa Love 🤗❤️😘

Thursday, May 23, 2019

...::: මතක තව සැරි සරනවා :::...

Vilochana Abeykoon's photo.
Vilochana Abeykoon's photo.

අවසනට නුඹ ඇන්ඳ කමිසේ,
සුවඳ තවමත් තියෙනවා...
සුව සෙවනෙ දොස්තරට කියු දුක,
තුන්ඩුවෙත් මට දැනෙනවා...
සියයෙ පනහේ නෝට්ටු අතරේ,
සුසුම් ලූ හැටි පෙනෙනවා...
නුඹ ගියේ යන්නටම දැයි,
හිත හීනයක් දැයි අහනවා...
.
වඳින්නට අනුරා පුරේ,
ගෙන එන්න යැයි මට කියු නිසා...
ගෙනත් දුන්නෙමි කමිසයක්,
බෝ තුටින් නුඹ කී බස් අසා...
වැන්ඳෙ නුඹෙ සිරි දෙපා යුග,
අවසාන වරටැයි නෙතු වසා...
සිතන සිහිවන වරක් පාසා,
මටම මම නගනෙමි දොසා...
.
නුඹේ පිරිපුන් සුදෝවන් බර,
සුරතෙ දැඩිබව දැනෙනවා...
සුදු පතුල් හැම රෑක තෙල් ගා,
ඇතිල්ලූ හැටි පෙනෙනවා...
අනේ ඇසි පිය වසා හැරියම,
නුඹ සිටීදැයි හැඟෙනවා...
මේ භවේ කිසි දිනක යලි නුඹෙ,
පහස අහිමිනෙ සිතෙනවා...
.
අදත් ඉඳ හිට සත්තකින් මට,
නුඹේ කට හඬ ඇසෙනවා...
කිරිදුවේ යැයි ඇසෙන විට,
ගිණි පුළිඟු පපුවේ කෙටෙනවා...
නුඹ සුසුම් ලූ මගේ කුටියේ,
මතක තව සැරි සරනවා...
හිනාවෙන් යටපත් කරන්,
අප්පච්චි ළඟ බව හිතනවා...

Monday, May 13, 2019

🌼 අත්තම්මගෙ අඩවිය

ඇඟ පත සිහින්වට
ඉන්නට ඕනෙම නම් ......😍
යන්නට හොඳම නැති
පැත්තකි ඒක මචං ............😂
අවදිව හිටපු හැම
පැය භාගෙකම තුටිං ............😘
මොනවත් නොකා හිටි
මොහොතක් නොවුණි ඉතිං ...😂
.
...::: විලෝචනා :::...

Tuesday, May 7, 2019

සුරඟනක්...


පළඳින්නට කියා...
සොරෙන් ගෙලෙන් උනා,
මා පැළඳ හුන්,
දියමන්තිය...
උඩඟුව පළඳා...
ගරහා බිම දා...
පාගා වනසා...
කොහේදෝ අතරමං කර...
තුරන් ව ගියා...
නිහඬවම ...
සුරඟනක්...