Pages

Thursday, November 22, 2018

...::: කරුමෙටවත් දෑහැට නොපෙනියන් :::...

😥
වරෙන් ආයෙත්...
එකම එක වතාවක්...
මතක නෑ මට ලේ රහ...
මතක නෑ මට වේදනා...
හිතට වද දීලා මදි තැන...
තල්ලු කරපන්...
මිට මොලවලා,
ලේ හොල්ලපන්...
හුස්ම හිර කරපන්...
පාර පාර තුවාල...
ආයෙ ආයෙ රිද්දපන්...
ඉදිමෙන්න නිල්වෙන්න...
තලපන්...
මතක් කරපන් ඒ වේදනාව...
උඹ ඉද්දි දුන්න වේදනාව...
පිළිකාවක් පස්සෙ හැංගිලා,
උඹ සතේට මායිම් නොකල
මේ ගෑණු හිතේ මනුස්සකම
පාගලා...
සේසතම අරගෙන...
පලයන්...

සංසාරෙම උඹව,
කරුමෙටවත් දෑහැට
නොපෙනියන් කියලා...
හිතට මතක් කරගන්න...
මනුස්ස ලෝකෙ...
අමනුස්සයින්...
දැකලා නොතිබ්බට,
අමනුස්සයෙක්...
දෑහටම පෙන්නුව උඹට...
සාප නොකලත්,
වෛර කරල හරි,
පිරුණොත් පව්...
ඒවත් හේදෙන්න...
දීපන් ඉඩ,
මෙත් වඩන්න...

නමටත් කැළැල් දී...
දෙවි රුවක් පස්සෙ හැංගිලා...
යම රදුන් පෙන්නූ උඹ...
මාස ගෙවුණට...
පව් ගෙවිලා නැත්තං...
ඇවිත් මතක් කරලා පලයන්...
මට සැරෙන් සැරේ අමතක වෙනවා...
බිහි කල මවත්,
ඒකා හරි අසත්පුරුශයි කිව්ව වග...
.
...::: © විලෝචනා :::...

No comments:

Post a Comment

leave your comment here...