Pages

Thursday, November 22, 2018

...::: කරුමෙටවත් දෑහැට නොපෙනියන් :::...

😥
වරෙන් ආයෙත්...
එකම එක වතාවක්...
මතක නෑ මට ලේ රහ...
මතක නෑ මට වේදනා...
හිතට වද දීලා මදි තැන...
තල්ලු කරපන්...
මිට මොලවලා,
ලේ හොල්ලපන්...
හුස්ම හිර කරපන්...
පාර පාර තුවාල...
ආයෙ ආයෙ රිද්දපන්...
ඉදිමෙන්න නිල්වෙන්න...
තලපන්...
මතක් කරපන් ඒ වේදනාව...
උඹ ඉද්දි දුන්න වේදනාව...
පිළිකාවක් පස්සෙ හැංගිලා,
උඹ සතේට මායිම් නොකල
මේ ගෑණු හිතේ මනුස්සකම
පාගලා...
සේසතම අරගෙන...
පලයන්...

සංසාරෙම උඹව,
කරුමෙටවත් දෑහැට
නොපෙනියන් කියලා...
හිතට මතක් කරගන්න...
මනුස්ස ලෝකෙ...
අමනුස්සයින්...
දැකලා නොතිබ්බට,
අමනුස්සයෙක්...
දෑහටම පෙන්නුව උඹට...
සාප නොකලත්,
වෛර කරල හරි,
පිරුණොත් පව්...
ඒවත් හේදෙන්න...
දීපන් ඉඩ,
මෙත් වඩන්න...

නමටත් කැළැල් දී...
දෙවි රුවක් පස්සෙ හැංගිලා...
යම රදුන් පෙන්නූ උඹ...
මාස ගෙවුණට...
පව් ගෙවිලා නැත්තං...
ඇවිත් මතක් කරලා පලයන්...
මට සැරෙන් සැරේ අමතක වෙනවා...
බිහි කල මවත්,
ඒකා හරි අසත්පුරුශයි කිව්ව වග...
.
...::: © විලෝචනා :::...

❤️ දැක්කද මචං 🤭 ❤️💛🧡💚💜️

හාංක #වි සියක් නැති මොහොතේ 🙄
ඉබේ අ #ශ් වාස කර ගත් උඹ 😳
තදින් හද # තේ හිර කරගෙන 😍
💛
එක දව # ක් නොදැක්කත් 😕
හනිකට # තිදාගෙන දුවං ඇවිත් 😩
තුරුල්වෙ #න් න අර අදින අපූරුව 🤗
.
...::: © විලෝචනා :::...

Thursday, November 15, 2018

🌈❤ මගුල 🤣

රන්මුදුව පළඳාලා පෝරුව උඩ
අෂ්ටකද මගුල් කවි සෙත් සිරි ගෙන
ජාති ජාතිත් පතා හරි නැකතට
මට ඕනෙ උඹෙ වෙන්න අපෙ සිරිතට 😍
.
කලු මූණෙ පොටි නොගා සුදු නොකරම
උඹ දකින වල බොඩැලි යට නොගහම
පැය පහට ලක්ස ගණනක් නොදීම
මගුල් දා පෙන්නමුද මේ මුහුණම 🤭
.
ඇඳුම් ආභරණ බොරු වියදම් කර
පළඳින්න ඕනෙ නෑ මගෙ සඳ මට
දුන්නොතින් හැඳිවතක් නැති එකෙකුට
ජාති ජාතිත් උඹට පින් රන් කඳ 😘
.
චාම්වට ඔසරියෙන් සැරසී මම
නිලමෙ ඇඳුමෙන් සැරසි නුඹ එක්කම
කැරකෙමින් නුඹ වටේ නුඹ තුරුලෙම
ගන්න පින්තූර ටික ඇති හොඳටම 😍
.
මගෙ වාහෙ ඩැහැ ගන්න සිරිතෙන් එන
දෙවන මනමාලි ඕනැන් නෑ මට
කැරකිල්ල සිහි මදය මට නෑ බොල
උඹට මේ මං මිසක් තවෙකු මොටද 🙄
.
හැමදාම කන උන්ගෙ බඩ සරුකර
නැටුමකුත් බෙර පලුත් නැති කරගෙන
තරඟෙකට කන මගුල් හිස් බව දැන
ණය නොවී මගුල් කමු මගෙ රන් කඳ 🤣
.
හෝටලේ පිඟානේ සිව් දහසට
හිස් බඩින් වේල් තුන හතර නැතිව
ඉන්න උන් හට පුදා රස මසවුල
දානයක් දුන්නොතින් ඇති මේ මට 😊
.
මස් මාලු නම් කොහෙත් කන්නෑ මම
කේක් නෑ කන්නෙ මං කිරිබත් මිස
හතර ගාතෙන් වැටෙන මත් පැන්වල
හතුරෙක්ය ඔහු, ඒවා නෑ අපි ළඟ 😠
.
අපෙ මුණූ උඹෙ පයට පෑගෙන්නට
ස්තූති පත් ගහලා දෙන්නෑ මේ මම
එපා කිව්වත් කාලා මත් වෙන්නම
වෙඩින් කේජුව දෙනව මදි නොවෙන්න 😂
.
බඳින්නේ අපි, උඹලා වෙන දවසක
බැඳපල්ලා ඒ දවසෙ පොටි උලපිය
අපෙ දවසෙ පොටි සේද වල වියදම
පිනට දීපන් උනුත් පින් දෙයි බොට ☺️
.
තියෙන ඇඳුමක් හොඳට පිළිවෙලකට
ඇඳන් වර උඹලා ඒ ඇති හොඳටම
ඇද නොකියා දෙන දෙයක් කා බී විඳ
සත පහක් එපා මට පල ගෙදරට 😜
.
ලෝකෙටම පෙන්නන්ට උජාරුවට
අමනාප වෙයි බයෙන් සිව් වරිගෙට
අඬගහලා ඒ චිත්රපටියෙ රඟන
නිළිය නම් නෙවෙයි මං නුඹෙ පණ මිස 😒
.
නැට්ටුවන් මග සැරසි හෝටල් නැත
මං හැඳුනු වැඩුනු ගේ ඇති මගුලට
කැමති නම් උඹ මගේ හිඟන පෙමට
කුමරියක් සේ නුඹට සලකමි මම 🤗
.
සඳ නුඹේ මාමණ්ඩි වෙහෙසීගෙන
සැදුව මාලිග නැතුව නොව මේ මට
මා පැතුව සරල කම උඹගෙන් මිස
අනෙකු ළඟ නැති නිසයි හිත ගියෙ මට 😍
.
නැන්දම්මා කැමති නම් මේ කවියට
දෙකක් නෑ ඇය ඉන්නෙ මගෙ මතයෙම
කැන්ඳගෙන යනවා නම් මේ විදිහට
ලෑස්තියි මං එන්න එන මහේම 🤭
.
...::: © විලෝචනා :::...

Friday, November 9, 2018

...::: කවුරුද නයනීනීනී මේවා කියන්නෙ 😂🔫 :::...


'❤️ 
බලන්න නයනී... ගිටාර් ගැහුවම 😲
කොල්ලගෙ ඉල්ලුම වැඩි වෙනවා    🤭
කවුරුද නයනීනීනී මේවා කියන්නෙ 🙄
මගෙ කොල්ලත් දැන් උඩ යනවා  😂🔫'
❤️
බලන්න නයනී... ගිටාර් ගැහුවම 😲
කොල්ලගෙ ඉල්ලුම වැඩි වෙනවා 🤭
කවුරුද නයනීනීනී මේවා කියන්නෙ 🙄
මගෙ කොල්ලත් දැන් උඩ යනවා 😂🔫 

Thursday, November 8, 2018

❤️🤗 ඒක වෙනම ආදර කතාවක් 😍🤭🤭🤭

'Blue Mormon'
'Common Mormon'
'Blue Mormon'
'Tailed Jay'

.
මේ අදටත් උදේට නැගිට්ටම ගේ වත්තෙ පොඩි රවුමක් ගහලා බලන්නෙ බේරගෙන නිදහස් කරලා යවන්න පුලුවං Butterfly Caterpillars ලා එකෙක් හරි ඉන්නවද කියලා... හිටියොත්... දැක්කෙ නෑ වගේ යන්න බෑ... පහුවදා යද්දි ඌ ගහේ නොහිටියොත් අනේ ඊයේ පරිස්සම් කරලා හදාගන්න තිබ්බා කියලා හිතන්න පසු තැවෙන්න ආස නැති නිසා... 😕
.
හැබැයි කොහෙවත් පරිසරයක එකෙක් ආසාවට ගෙනත් හදලා... ඌව නුහුරු පරිසරයකට මුදා හරින්නෙ නම් නෑ... මගේ වත්තෙ හිටියොත් විතරක්... අන්න එයාට නම් ඉගිලෙන්න තටු එනකල්... මං පිහිට වෙනවා... 🤗 පොඩි කාලෙ ඉඳන් හදපු හැම butterfly කෙනෙක්ගෙම පින්තූර ගන්න Camera එකක් තිබ්බෙ නෑ අප්පා... 😕 නැත්තං කීයක් නම් හදන්න ඇතිද? ඇත්තටම ඒක වෙනම ආදර කතාවක්... 🤭😍😘
.
...::: © විලෝචනා :::... — feeling awesome.