Pages

Wednesday, July 18, 2018

...::: Arthur ගේ සීට් එක :::...

'😘
එනවද දවසක්???
සෙංකඩගල පුරවරයට,
උඩුදුවන රෝමාන්තික හැඟුම්,
හිරිගඩු පිපෙන හීතල හුළගින්,
අවුලුවා සැනසෙන්න... 😍
.
වලාකුලු බැම්මට වටවුණු,
නුවර වැව් දිය රැලි පිසගෙන,
නේක වර්ණ බුබුලු දිලෙන,
වීදි දිගේ මතක ගුලි කරගෙන... 😘
.
කිරේ පැහැ චේතියත්,
බහිරව අඩවියේ බුද්ධ ප්‍රතිමාවත්,
අනිමිසලෝචන පුරන,
දළදා පහසත් විඳගෙන... 😊
.
මං එක්ක එක රැයක,
විසි එකේ පැයට,
පටලවන් දෑඟිලි,
ගුලිවී සීතලට,
කොඳුරමින් ගීයක්,
හඬවන්න ගිටාරය... 
.
එක ඇසින් එක හිතින්,
දකින්නට මුළු නුවර,
එන්න හැකි වෙද නුඹට...
එකම එක දවසක්,
එකම එක මොහොතකට,
මගෙ නොවී මගෙ වෙන්න,
Arthur ගේ සීට් එකට... 😍
.
...::: © විලෝචනා :::...'

😘
එනවද දවසක්???
සෙංකඩගල පුරවරයට,
උඩුදුවන රෝමාන්තික හැඟුම්,
හිරිගඩු පිපෙන හීතල හුළගින්,
අවුලුවා සැනසෙන්න... 😍
.
වලාකුලු බැම්මට වටවුණු,
නුවර වැව් දිය රැලි පිසගෙන,
නේක වර්ණ බුබුලු දිලෙන,
වීදි දිගේ මතක ගුලි කරගෙන... 😘
.
කිරේ පැහැ චේතියත්,
බහිරව අඩවියේ බුද්ධ ප්රතිමාවත්,
අනිමිසලෝචන පුරන,
දළදා පහසත් විඳගෙන... 😊
.
මං එක්ක එක රැයක,
විසි එකේ පැයට,
පටලවන් දෑඟිලි,
ගුලිවී සීතලට,
කොඳුරමින් ගීයක්,
හඬවන්න ගිටාරය...
.
එක ඇසින් එක හිතින්,
දකින්නට මුළු නුවර,
එන්න හැකි වෙද නුඹට...
එකම එක දවසක්,
එකම එක මොහොතකට,
මගෙ නොවී මගෙ වෙන්න,
Arthur ගේ සීට් එකට... 😍
.
...::: © විලෝචනා :::...
 — feeling hopeful at Arthur’s seat kandy.

No comments:

Post a Comment

leave your comment here...