Pages

Wednesday, July 18, 2018

...::: Arthur ගේ සීට් එක :::...

'😘
එනවද දවසක්???
සෙංකඩගල පුරවරයට,
උඩුදුවන රෝමාන්තික හැඟුම්,
හිරිගඩු පිපෙන හීතල හුළගින්,
අවුලුවා සැනසෙන්න... 😍
.
වලාකුලු බැම්මට වටවුණු,
නුවර වැව් දිය රැලි පිසගෙන,
නේක වර්ණ බුබුලු දිලෙන,
වීදි දිගේ මතක ගුලි කරගෙන... 😘
.
කිරේ පැහැ චේතියත්,
බහිරව අඩවියේ බුද්ධ ප්‍රතිමාවත්,
අනිමිසලෝචන පුරන,
දළදා පහසත් විඳගෙන... 😊
.
මං එක්ක එක රැයක,
විසි එකේ පැයට,
පටලවන් දෑඟිලි,
ගුලිවී සීතලට,
කොඳුරමින් ගීයක්,
හඬවන්න ගිටාරය... 
.
එක ඇසින් එක හිතින්,
දකින්නට මුළු නුවර,
එන්න හැකි වෙද නුඹට...
එකම එක දවසක්,
එකම එක මොහොතකට,
මගෙ නොවී මගෙ වෙන්න,
Arthur ගේ සීට් එකට... 😍
.
...::: © විලෝචනා :::...'

😘
එනවද දවසක්???
සෙංකඩගල පුරවරයට,
උඩුදුවන රෝමාන්තික හැඟුම්,
හිරිගඩු පිපෙන හීතල හුළගින්,
අවුලුවා සැනසෙන්න... 😍
.
වලාකුලු බැම්මට වටවුණු,
නුවර වැව් දිය රැලි පිසගෙන,
නේක වර්ණ බුබුලු දිලෙන,
වීදි දිගේ මතක ගුලි කරගෙන... 😘
.
කිරේ පැහැ චේතියත්,
බහිරව අඩවියේ බුද්ධ ප්රතිමාවත්,
අනිමිසලෝචන පුරන,
දළදා පහසත් විඳගෙන... 😊
.
මං එක්ක එක රැයක,
විසි එකේ පැයට,
පටලවන් දෑඟිලි,
ගුලිවී සීතලට,
කොඳුරමින් ගීයක්,
හඬවන්න ගිටාරය...
.
එක ඇසින් එක හිතින්,
දකින්නට මුළු නුවර,
එන්න හැකි වෙද නුඹට...
එකම එක දවසක්,
එකම එක මොහොතකට,
මගෙ නොවී මගෙ වෙන්න,
Arthur ගේ සීට් එකට... 😍
.
...::: © විලෝචනා :::...
 — feeling hopeful at Arthur’s seat kandy.

Tuesday, July 17, 2018

...::: හැර යාම :::...

'🌷
සිනාසෙන්නද හඬන්නද නෙත්
හදට කොඳුරා අහනවා 😖
දමා යනු බැරි කිසිත් නැති මුත්
යන්න හිත ලොබ කරනවා 😔
නවත්තන්නට කෙනෙක් නැතියෙන්
මමත් මගෙ හිත හදනවා 😒
බරයි නම් මේ මහද්වීපෙට
මමත් මගෙ අත වනනවා 😞
.
...::: ViLoCHaNa :::...'

🌷
සිනාසෙන්නද හඬන්නද නෙත්
හදට කොඳුරා අහනවා 😖
දමා යනු බැරි කිසිත් නැති මුත්
යන්න හිත ලොබ කරනවා 😔
නවත්තන්නට කෙනෙක් නැතියෙන්
මමත් මගෙ හිත හදනවා 😒
බරයි නම් මේ මහද්වීපෙට
මමත් මගෙ අත වනනවා 😞
.
...::: ViLoCHaNa :::..

Saturday, July 7, 2018

...::: නිලැස් :::...

😘
නිලැස් හීනිය සරාගිය,
මන බඳින බැල්මෙකි ඔහු සතූ...
මනැස් කැළඹිය විරාගය,
සුන් වුණා දුටු සැන ඒ නෙතූ...
.
...::: © ViLoCHaNa :::...

Monday, July 2, 2018

...::: හති වැටී නැති හිත :::...

😞
ප්රශ්නයක් නොඅසනා මොහොතක,
පිළිතුරක් මං කොහොම දෙන්නද...
වසර ගණනක් හඹා ආවත්,
හති වැටී නැති හිතක අරුමය...
තනිකඩව ඍතු ගෙවී යන විට,
මියැදුනේ නැතිවදෝ සිහිනය...
තවත් මං මොනවා කියන්නද...
කතාවෙන් නුඹ ඉකිගසන විට...