
.
ඩේටා බන්ඩලයකින්
ගමු අපි බිඳක්...
සිගරට් ද මත්පැන් ද
නොගෙනම වසක්...
ලොකු ගණන් ඕනෙ නෑ
ඇති රුපියලක්...
කන එකේ කඩ සෝරු
බේරමු පණක්...
.
සැරසිලි වෙසක් කූඩු
සුපැතුම් පතක්...
නිසා යන වියදමින්
ගෙන රුපියලක්...
මර බියෙන් ගැහෙන එක
කිරි එළදෙනක්...
බේරගෙන මේ සැරේ
සමරමු වෙසක්...
.
...::: විලෝචනා :::...
No comments:
Post a Comment
leave your comment here...