Pages

Tuesday, April 24, 2018

...::: නෂ්ට වීම :::...

'<3
උඹත් මහ යෝධ ග්‍රහකයක් ... 
නොහිතූ වෙලාවක,
මහ වේගෙන් ඇවිත්,
ගැටෙන්නෙම හිත කියන මහා පොළොවෙ,
සිතුවිලි කියන දූවිලි වලාවම අවුස්සගෙන... 
ඒ දූවිලි වලාවෙ,
මං කේවල වුණාම... 
මුලු විශ්වයම නොපෙනෙන්න තරම්
අවිදුර දෘෂ්ටිකත්වයකින්,
මං පෙලෙන්න පටන් ගන්නවා...
හිරුගෙ කිරණකටවත් ලං වෙන්න නැතුව...
ඉතිං කෝ ශක්තියක්???
උඹ දන්නෙ නෑ ...
ජීවිතේ ගැට ගහගන්නවා කියන ප්‍රභාසංස්ලේෂණයට, 
කොයිතරම් ඒක බාධාවක්ද කියන එක... 
උඹ හිතනවද බලාපොරොත්තු කියන ශාක ප්‍රජාවට,
ඔය දූවිලි වලාව අස්සෙ වැඩිකල් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න පුලුවං කියලා...???
ඔව්... උඹ හිතුවා හරි...
මැරිලයි නතර වෙන්නෙ... 
බලාපොරොත්තු කියන ශාක ප්‍රජාවට බැඳුණු,
සියලුම අරමුණු මූලික කරගත් ක්‍රියා කියන ආහාර දාමයම බිඳ වැටුණම... 
ජීවිතේ කියන මහා ඩයිනසෝරයා... 
සදහටම නෂ්ට වෙනවා... 
.
...::: © විලෝචනා :::...'


උඹත් මහ යෝධ ග්රහකයක් ...
නොහිතූ වෙලාවක,
මහ වේගෙන් ඇවිත්,
ගැටෙන්නෙම හිත කියන මහා පොළොවෙ,
සිතුවිලි කියන දූවිලි වලාවම අවුස්සගෙන...
ඒ දූවිලි වලාවෙ,
මං කේවල වුණාම...
මුලු විශ්වයම නොපෙනෙන්න තරම්
අවිදුර දෘෂ්ටිකත්වයකින්,
මං පෙලෙන්න පටන් ගන්නවා...
හිරුගෙ කිරණකටවත් ලං වෙන්න නැතුව...
ඉතිං කෝ ශක්තියක්???
උඹ දන්නෙ නෑ ...
ජීවිතේ ගැට ගහගන්නවා කියන ප්රභාසංස්ලේෂණයට,
කොයිතරම් ඒක බාධාවක්ද කියන එක...
උඹ හිතනවද බලාපොරොත්තු කියන ශාක ප්රජාවට,
ඔය දූවිලි වලාව අස්සෙ වැඩිකල් ආශ්වාස ප්රාශ්වාස කරන්න පුලුවං කියලා...???
ඔව්... උඹ හිතුවා හරි...
මැරිලයි නතර වෙන්නෙ...
බලාපොරොත්තු කියන ශාක ප්රජාවට බැඳුණු,
සියලුම අරමුණු මූලික කරගත් ක්රියා කියන ආහාර දාමයම බිඳ වැටුණම...
ජීවිතේ කියන මහා ඩයිනසෝරයා...
සදහටම නෂ්ට වෙනවා...

Monday, April 23, 2018

හැමෝටම වඩා එයා වෙනස්...

මොකද අනික් අය ඔයාට පුලුවන්, හොඳයි, ලස්සනයි කියද්දි... කවදාවත් එයා එහෙම කිව්වෙ නැති නිසා...
.
ඔයාට බෑ, හොඳ නෑ, කැතයි විතරයි එයාගෙ කටින් පිට වුණේ...
.
හැටි බලන්න... පවුලෙ කැතම කෙනා... ඇයි දැන්නෙ නෑ මෙයා විතරක් මෙහෙම වුණේ...
.
කිසි වැඩක් බෑ... , කිසි පිළිවෙලක් නෑ... අර බලන්න අරයා... එයා නම් මාර දක්ෂයි...
.
ඔයා සින්දු කියනවා හරි නෑ... ඇයි නහයෙන් කියන්නෙ...
.
ඔයාට මාසෙන් පාඩම් කරලා කැම්පස් යන්න බෑ... හිතං ඉන්නෙ කැම්පස් යන එක ලේසි වැඩක් කියලද?
.
කලාවට වේදිකාවක් හම්බුණේ මේ බුකියෙන්... මනුස්සකමට නිවහනක් හම්බුණෙත් මේ බුකියෙන්... සත්තු වගේම මනුශෂ්‍ය වේෂයෙන් ආපු දෙවි වරුත්... දිව්‍යමය ස්වරූපයක් ගත්ත තිරිසනුත්... මේ බුකියෙන්ම හම්බුණා...
.
ඒ වේදිකාවේ කෙනෙක් හොඳයි , ලස්සනයි, ඔයාට පුළුවං කිව්වත්... එයා කිව්වෙ විරුද්ධ පැත්තට...
.
සමහර විට... එයා හඳුන්වන පුද්ගලයගෙ විරුද්ධ ලක්ෂණ පිහිටන්න... එයාගෙ දුර්මතයම මට හයියක් වෙන්න ඇති...

Friday, April 20, 2018

...::: වෙසක්:::...

 හා ද? කැමති නම් Inbox කරන්න හොඳේ???
.
ඩේටා බන්ඩලයකින්
ගමු අපි බිඳක්...
සිගරට් ද මත්පැන් ද
නොගෙනම වසක්...
ලොකු ගණන් ඕනෙ නෑ
ඇති රුපියලක්...
කන එකේ කඩ සෝරු
බේරමු පණක්...
.
සැරසිලි වෙසක් කූඩු
සුපැතුම් පතක්...
නිසා යන වියදමින්
ගෙන රුපියලක්...
මර බියෙන් ගැහෙන එක
කිරි එළදෙනක්...
බේරගෙන මේ සැරේ
සමරමු වෙසක්...
.
...::: විලෝචනා :::...

Monday, April 9, 2018

...::: වේදනාව :::...

ගෙමිදුල කඩා යන වැහි කඳ නවතන්න
තඩි බර ලී හරස් කෙරුවේ තෙමෙද්දිම
ලී කඳ ගසා තිබු තඩි මලකඩ ඇණය
පසාරු කර ගියා ඇඟිල්ල රත් වෙන්න 😖

Friday, April 6, 2018

...::: මහා සෙනගක තනි වුණා :::...


'<3 අප්පච්චී... 😖

කරුමයට ඉරණම කියා...
අරුමයක් එහි නැත කියා... 
රාහු මුඛයෙහි සඳක් ගිලුනෙන්,
සඳේ සාවිය තනි වුණා... 
.
එකහමාරක් වස් පුරා... 
මෙලොව නුඹ නැති බැව් දරා...
සසරෙ නුඹ ගත් මගෙහි යන්නට,
සඳේ සාවිට සිත් වුණා... 
.
දහසකුත් දෙන සැනසුණා...
ඇයට ආසිරි වෑහුණා...
කිරුලු ලදුවත් සඳ ඇවෑමෙන්,
මහා සෙනගක තනි වුණා... 
.
...::: ලෝචි :::...'
 අප්පච්චී... 😖

කරුමයට ඉරණම කියා...
අරුමයක් එහි නැත කියා...
රාහු මුඛයෙහි සඳක් ගිලුනෙන්,
සඳේ සාවිය තනි වුණා...
.
එකහමාරක් වස් පුරා...
මෙලොව නුඹ නැති බැව් දරා...
සසරෙ නුඹ ගත් මගෙහි යන්නට,
සඳේ සාවිට සිත් වුණා...
.
දහසකුත් දෙන සැනසුණා...
ඇයට ආසිරි වෑහුණා...
කිරුලු ලදුවත් සඳ ඇවෑමෙන්,
මහා සෙනගක තනි වුණා...
.
...::: ලෝචි :::...