
සඳ මා සිසි උවනත ළඟ,
කෝල බැලුම් පෑ නුවනග,
හීනි හිනාවත් අද මට,
නොදීම නින්දේ...
කීරි ගැසී යන සිතුමට,
නින්ද නැසී අඩ නින්දක,
පාලු බවින් පිරි හදවත,
වියෝව වින්දේ...
ළදලු දෙතොල් අග දිලෙහෙන,
රෝස පොඩිත්තක් අරගෙන,
පුංචි කොපුල් මත තවරා,
සිනාව ඇන්ඳේ...
ඇයිද කියන් සඳ උවනත,
මේ හැටි නුඹෙ ගොරහැඩිකම,
රෝස පතක් වැනි හද පිරි,
ස්නේහය බින්ඳේ...
තාම නුඹේ සෙවනැලි ළඟ,
ඇඳී මැකෙන මතකය ළඟ,
රැඳී රැඳී නුවනඹ නුඹ,
සොයාවී නින්දේ...
.
...::: විලෝචනා :::...
No comments:
Post a Comment
leave your comment here...