Pages

Saturday, June 25, 2016

නුඹ කව්ද


රිදවුමෙන් රුයිත වූ කලාබර හාරතය,
ඇද පළුදු හැර යලිත් හැඩ කලෙව් නුඹ කව්ද ...?
ඉඩෝරෙට වියලුමෙන් පතුල දිසි වූ දියට,
අතර පතරින් බැඳී සරු කලෙව් නුඹ කව්ද...?
.
෴. විලෝචනා .෴

Friday, June 24, 2016

මම ආයෙ එක පාරක් වත් බලන්නෙ නෑ...


උඹ ඉන්ජිනේරුවෙක්...
කුලී වැඩ කරන්න ඕන නෑ ...
උඹ හැම දේකින්ම පළවෙනියා...
මම නිසා දෙවනි වෙන්න ඕන නෑ...
උඹෙ අත් රත්තරන් පාටයි...
ඒ අත් වල පැල්ලම් හිටින්න ඕනෙ නෑ...
ඕන කෙනෙක් දෙපාරක් හැරිලා බැලුව දෙන් ...
මම ආයෙ එක පාරක් වත් බලන්නෙ නෑ...

Monday, June 20, 2016

රඹුටන්.

'<3 
අතු රතින් වැහෙන ඉති බරට බිඳෙන ...
මුළු හොරණ හොර ද නා පරද වැඩෙන ...
මේ දෝත් පුරා මට පුරෝ ගන්ට ...
කට ඇඹුලට පැණියට හැඩ කරන්ට ...
උණ ගැනිලා ගැහෙන කල් කාලා යන්ට ...
රන් රඹුටන් නෙලාන යන්ට එන්ට ... 
.
෴. විලෝචනා .෴'


අතු රතින් වැහෙන ඉති බරට බිඳෙන ...
මුළු හොරණ හොර ද නා පරද වැඩෙන ...
මේ දෝත් පුරා මට පුරෝ ගන්ට ...
කට ඇඹුලට පැණියට හැඩ කරන්ට ...
උණ ගැනිලා ගැහෙන කල් කාලා යන්ට ...
රන් රඹුටන් නෙලාන යන්ට එන්ට ...
.
෴. විලෝචනා .෴ — eating රඹුටන්.

Friday, June 17, 2016

කාලකන්නි හීන


එන්න එන්න මේරුනු හිත,
දිවිය ලුහුබැඳ හති වැටුණු විට,
ආයෙ අයෙත් පැංචියෙක් වී 
බරක් පතලක් හිතන්නැතිවම,
පියා ගෙන මේ හීනි ඇස්,
සිනා සී දිගු හීන් තොල්,
හඹා ගියෙම් ... 
කාලකන්නි හීන පස්සෙම ...

Thursday, June 16, 2016

ගිය සඳ,


ගිය සඳ,
ගියා මැනවැ ...
සිටත් පල කිම ... ?
අපතේ ගියැයි,
මැසිවිලි වෙත් නම් ...
කිරණ රැකයුරු නොදැන...
.
෴. විලෝචනා .෴

Monday, June 13, 2016

සෙනෙහෙ කව් ගී, ආයෙ නෑසෙන ...


උදේ ඇහැරෙන,
රැයේ නිදිකල,
පුංචි තනුවකි,
දෙතොල් මුමුණන ...
.
වැසි සමේ බැඳි,
අතිර සෙනෙහස,
අකුණු සර වැද,
සුනු විසුණු වුණ ...
.
දෙහද විරසක,
තනුත් විරසක,
සෙනෙහෙ කව් ගී,
ආයෙ නෑසෙන ...

දෙවියනි නුඹ මා වෙනුවෙන්, තවත් නම් සැලසුම් නොකල මැන...


තරු බිළිඳු කැකුළු පැතුම්,
ප්‍රිය සඳුගේ ආල වෙලුම්,
දෝත පුරා පුද දී,
හිස් අතින් මා තනි කල,
දෙවියනි නුඹ මා වෙනුවෙන්,
තවත් නම් සැලසුම් නොකල මැන...

Sunday, June 12, 2016

මහ පොළොවට බර... ගැහැණිය ...

තමන් වත් ...
තමන්ගේ දරුවන් වත් ...
උපන් තැන ගැන ...
තමන්ට අයිතියක් නැති...
ගැහැණිය ...
.
තමන්ගෙ ලෙයින් වැඩෙන...
තමන්ගේ දරුවන් ගැන...
අයිතියක් නැති,
ගැහැණිය ...
.
කොතරම් බර දැරුවත්,
සදහටම මහ පොළොවට බර...
ගැහැණිය ...

Wednesday, June 8, 2016

අවස්ථාව


දෙවියන් අවස්ථා කීපයක්ම ලබා දෙනු ඇත ...
වටිනාකම් නොහඳුනන්නන්ගෙන්...
ඒ හැම අවස්ථාවක්ම ගිලිහී යනු ඇත ...

To the beautiful one ...

I've never lied ...
I've nothing to hide ...
Bye for the tears,
Dried ...
.
Lochi

මුළු ලෝකෙම බිඳිලා ගියා ..


මගේ ලස්සන ලෝකෙ නිසා
එයාලගේ පුංචි හීනයක් බිඳෙන්න ගියා ...
එයාලගේ පුංචි හීනේ හැබෑ කරලා
මගේ මුළු ලෝකෙම බිඳිලා ගියා ..

Thursday, June 2, 2016

කාලකන්නි ඇස් දෙක ...


කාලකන්නි ඇස් දෙක ...
නවත්තපන් උඹෙ ඇඬිල්ල ...
උඹ දන්නෑ ...
උඹට කොච්චර වටිනාකමක් තියෙනවද කියලා ...
උඹට තියෙන ගරුත්වෙට ...
මිනිස්සු මගෙ මුළු සරුවාංගෙටම කතාකරන්නේ ...
උඹෙ නම කියලා ...
එ්ක අමිහිරි අත්දැකීමක් විතරයි ...
මතක් වෙන වාරයක් ගානේ ...
උඹ එක තැනක නතර වෙලා හිත කොහෙදෝ දුවනවා ...
නින්දෙනුත් ගැස්සෙනවා ...
දැන් ඇති විඳෙව්වා ...
තවත් ඇඬුවොත් ...
මේ දැන් ගලවලා දන් දෙනවා ...
ගන්න එකෙක් ගනිං කියලා ...
.
෴. ලෝචි .෴