
උඹ ඇරෙන්නට දන්න කිසිවෙක්,
ඔහේ නැති බව දැන දැනත් ...
උඹෙ වෙලා උඹ ළඟට එන්නට,
සිතුවෙ හීතල දැක දැකත්...
සැවොම සනසා මෙමට අවසන,
කිසිත් නැති බව දැන දැනත්...
ආව වරදට දෛවෙ කලෙහිද,
උහුල ගනු බැරි දඬුවමක් ...
.
පිළිවෙලක් රූපයක් නැති මට,
වේද අභරණයෙන් පලක්...
කෝටි ගණනින් එපා නුඹ මට,
දෝත පුරවා දී ගියත්...
බොහෝ කලකින් නුඹට හිමිවුණු
සැනසුමේ මුල මම වුණත්...
මගේ හිතේ මන්දිර පැතුම් නැත,
පිනක් කර මියැදෙනු මිසක්...
.
෴. විලෝචනා .෴
No comments:
Post a Comment
leave your comment here...