Pages

Monday, May 23, 2016

රික්තයකද මම ඉන්නේ ?

තමන් ආදරේ තමන්ට ආදරේ කෙනෙක් නැති ... 
තමන් ආදරේ කරන කෙනා තමන්ට අවංක නැති ... 
තමන්ට ආදරේ කරන කෙනාට තමන් අවංක නැති ... 
හිසට වහලක් , පය තියන් ඉන්න පොළොවක් නැති ... 
දුක අහන්න දුක තේරෙන කෙනෙක් නැති ... 
රික්තයකද මම ඉන්නේ ?

Monday, May 9, 2016

වැසි බරව සිත ගිගුම් දුන්නා


වැසි බරව සිත ගිගුම් දුන්නා,
නැවුම් සුවඳක් හදට දැණුනා,
මල් ද වරුසා ලෙසින් ගිලිහිය,
නුඹව දුටු ඒ මුල් සැනේ...
.
අව් රැසින් වූ රිදුම් නිවුණා,
සෙනග අතරේ නුඹම දැණුනා,
පළමු බැල්මට එහා බැල්මක්,
යදින්නැති යටි හිත් කොනේ...
.
නිවුන හසරැල් නිවුන වදනින්,
නිවී යෙන්නට පෙරුම් පිරුවා,
හැරෙන්නත් වූ අනවකාශෙක,
රඟන්නැති මම නුඹ වටේ...
.
කොහෙන්දෝ ආ කඳුලු බිඳුවක,
ගිලී සිනහව නෙතු පියෙව්වා,
තත්පරක දුටු සොඳුරු සිහිනෙට,
මියෙන්නට විය සිතු සැනේ...
.
෴. විලෝචනා .෴

සිනා ගෙන දුර යන්න

ගත සිඹින නල රැල්ල
හොරෙන් තුරුලට වෙන්න
කොහෙන්දෝ සොරා ගත්
උණුහුමක් මට දෙන්න
.
නෙතු අගට කඳුලක්ව
වැටෙන්නට පෙරාතුව
සිනා දුන් සිහිනයට
යලි වරක් ගෙන යන්න
.
කඳුලටම හුරු හිතට
සිනා අරුමයක්මය
කල් ගතව ටිකෙන් ටික
සිනා ගෙන දුර යන්න

Sunday, May 8, 2016

උහුල ගනු බැරි දඬුවමක් ...


උඹ ඇරෙන්නට දන්න කිසිවෙක්,
ඔහේ නැති බව දැන දැනත් ...
උඹෙ වෙලා උඹ ළඟට එන්නට,
සිතුවෙ හීතල දැක දැකත්...
සැවොම සනසා මෙමට අවසන,
කිසිත් නැති බව දැන දැනත්...
ආව වරදට දෛවෙ කලෙහිද,
උහුල ගනු බැරි දඬුවමක් ...
.
පිළිවෙලක් රූපයක් නැති මට,
වේද අභරණයෙන් පලක්...
කෝටි ගණනින් එපා නුඹ මට,
දෝත පුරවා දී ගියත්...
බොහෝ කලකින් නුඹට හිමිවුණු
සැනසුමේ මුල මම වුණත්...
මගේ හිතේ මන්දිර පැතුම් නැත,
පිනක් කර මියැදෙනු මිසක්...
.
෴. විලෝචනා .෴

Friday, May 6, 2016

සසරටම එක් මිහිරි මතකයක්


දුකේදි සැපේදි එකට උන්නු...
ජීවිතේ හැමදේම දන්න...
තවත් කෙනෙක් නෑ නුඹ තරම්....
ගෙවුනු අවුරුද්දේ.,
සිනා කඳුළු මැද්දෙන්..,
නුඹත් එක්ක ආ මග...
සසරටම එක් මිහිරි මතකයක්.... 

Sunday, May 1, 2016

ලියුම් කඩදහිය ...

ඒක උඹ ලිව්වේ අම්මට ...
ඒකේ තිබුණෙ මං ගැන ...
උඹ හිටියෙ නින්දක ...
සමාවෙයන් හොරෙන් කියෙව්වට ...
.
සතර දේවාල පන්සල් කෝවිල් වල ලැග ලැග
දෙයියෝ බුදුන් වැඳලා උඹෙ හුස්ම යැද්දම
ඇස් අග්ගිස්සෙන් දිලිහුණු කඳුලු මුතු කැට
හොරා ගත්තලු උඹෙ හිත් පොඩ්ඩ් ...

.
මගෙ අතින් පිරිත් නූලක් ගොතලා උඹෙ අතේ බැන්ඳට ...
උඹ මගේ ගැන ගරු සරුව උඹෙ අම්මට...
මං ගැන කියපු ලස්සන කතාවක් ...