
අසිත තවුසාන ...
නුඹට වගේමයි මටත්,
දිනක්,
කඳුල සිනහව එක්ව නැගුණා ...
අහිංසක හිනාවක ,
ආදරණීය කතාවක ,
දිවා රෑ සිරගත වී ...
හෙටක් කියා දෙයක් ගැන නිච්චියක් වත් නැතිව,
අද පමණක්ම ගෙවන්නට වෙර දරද්දි ...
ගලන රුහිර බිඳුවක් පාසා ...
වැරෙන් අල්ලන හුස්ම පොදක් පාසා...
ජීවිතයම යාදින්නියක වී ...
ඒ නෙතු පියවෙන්න පෙර ...
සදහටම මේ නෙතු පියන්න සිතුණා ...
නුඹට වගේ මටත් ...
කඳුල සිනහව එක්ව නැගුණා ...
No comments:
Post a Comment
leave your comment here...