Pages

Saturday, April 30, 2016

Get well soon ...


Wish not to be like " Walk to Rember "
Instead of "Walking in the Clouds "
As always ...
All I need is your life ...
Get well soon ...
I'm not ready to face such a terrible kismet...
Please hold on ... 

Tuesday, April 19, 2016

දිව්‍ය ලෝකේ


උඹ මාව අරන් යන්න හදන දිව්‍ය ලෝකේ මට දිව්‍ය ලෝකයක් නෙවේ ...
උඹ හදන්න යන මාළිගාව මට නම් හිර ගෙයක් වෙයි...
පැල්පත් දකින්න ඕන ...
නැත්තන් කොහොමද ඒ දුක දකින්නේ ...එයාලට උදව් කරන්නේ ...
දිව්‍ය ලෝකේ ඉඳලා පැල්පතට ගොඩක් දුරයි ...
ආයේ එන්න යන්න ගොඩක් වියදම් යයි ...
ඒ මිනිස්සුන්ටත් අතීතයක් තියෙනවා ...
ඒ නිසා මාව එයාලට ඉතිරි කරන්න ...
උඹත් එක්ක දිව්‍යෙලා්කෙ යන්න මට එන්න වෙන්නේ නෑ ...
උඹ කෝටි ගාණක් වටින පෝරමයක උරුමක්කායෙක් ...
ඒත් මම පුංචි පෝස්ට් කාඩ් එකකින් සතුටු වෙන කෙල්ලෙක් ...
උඹ අහන්නේ උත්තරේ නම් ...
මට කියන්න තියෙන්නේ මට බෑ කියලා ...

Friday, April 15, 2016

අසිත තවුසාන ...


අසිත තවුසාන ...
නුඹට වගේමයි මටත්,
දිනක්,
කඳුල සිනහව එක්ව නැගුණා ...
අහිංසක හිනාවක ,
ආදරණීය කතාවක ,
දිවා රෑ සිරගත වී ...
හෙටක් කියා දෙයක් ගැන නිච්චියක් වත් නැතිව,
අද පමණක්ම ගෙවන්නට වෙර දරද්දි ...
ගලන රුහිර බිඳුවක් පාසා ...
වැරෙන් අල්ලන හුස්ම පොදක් පාසා...
ජීවිතයම යාදින්නියක වී ...
ඒ නෙතු පියවෙන්න පෙර ...
සදහටම මේ නෙතු පියන්න සිතුණා ...
නුඹට වගේ මටත් ...
කඳුල සිනහව එක්ව නැගුණා ...

Tuesday, April 5, 2016

මා සුරත


පුංචි කමටද කියන බස් නුඹෙ,
තුරුල් වෙන්නට මා ළඟින්...
සුදු අතින් මා සුරත ගෙන යයි,
රතු පලස් දෝලා මතින්...