උදේ නැගිටිනකොට පරක්කු වුණා ... දවසේ වැඩි හරියක් ලැප් එක සුද්ධ කලා ... මූණේ අනං මනං ටිකක් ගාලා හිටියේ ... එක පාරටම හුළඟට කණ්ණාඩිය බිම වැටිලා කුඩු වුණා ... මූණෙ උලපුවා හෝදන්න කියලා එළියට යද්දි බෝඩිමේ නාන තැනට උඩින් කණ්ඩිය ළඟ චර බර ගාලා සද්දයක් ඇහුණා ... ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ බුදු අම්මේ පත පොළඟෙක් ... ගේ ඇතුලට දුවගෙන ගිහින් සීයටයි නංගිටයි කිව්වා ... අපි බලන් හිටපු නිසා පොළඟා යන්න ගියා ... ඒ එක්කම පොළඟා යද්දි දෙබර වදයක් ඇවිස්සුනා ... දෙබරු රෑන් පිටින් ඇඟ වටේ කැරකුනා ... පැත්තකින් චර බර ගෑවා ... බලද්දි තල ගොයත් ඇවිල්ලා... කාමරේට ඇවිත් ජනෙල් දොරවල් වැහුවා ... ටික වෙලාවක් හිටියා ... දැන් නාගන්න යන්නත් ඕන එතන්ටමයි ... ගිණි බයේ විනාඩි 5ක් විතර සර්ච් පාරක් දාලා නාලා ඉවර වෙලා රෙදි හෝදන්න යද්දි මෙන්න පොළඟා ඇවිත් කලින් ෂොට් එකම ආයේ රඟ පාලා ගියා ... දෙයියනේ කියලා කලින් මේ කැලේ ඉන්නවා කිව්ව නයි පොළොන්ගු ඇහැට දැකලා නැති නිසා ලෝඩ් වගේ කැලෙන් කැම්පස් එකට පැන්නා විනාඩියට ... වටෙන් ගියොත් විනාඩි 20ක් විතර යන නිසා... අද ඉඳන් ඒ ගමනත් ඉවරයි ... නාලා ඉවර වෙලා මල් එහෙම පූජා කරලා එළියට බහින්න යද්දි කැඩුණු කණ්ණාඩියේ වීදුරු කට්ටක් යටි පතුලෙ ඇණුනා ... අද දවස නම් අනේ මන්දා ... 

No comments:
Post a Comment
leave your comment here...