<3ඉර සේවය වගේ ...පුර හඳ වගේ ...හරිත වර්ණෙන් ...දිලුනා නුඹ ...දෑවුරුද්දකට පසුව ...මූණු පොතේ ...
මුල්ලක ...
වෙනද වගේ ...
Seen ✓
වෙනුවට ...
පිළිතුරක් එතකු කර ...
උදේ නැගිටිනකොට පරක්කු වුණා ... දවසේ වැඩි හරියක් ලැප් එක සුද්ධ කලා ... මූණේ අනං මනං ටිකක් ගාලා හිටියේ ... එක පාරටම හුළඟට කණ්ණාඩිය බිම වැටිලා කුඩු වුණා ... මූණෙ උලපුවා හෝදන්න කියලා එළියට යද්දි බෝඩිමේ නාන තැනට උඩින් කණ්ඩිය ළඟ චර බර ගාලා සද්දයක් ඇහුණා ... ජීවිතේ පළවෙනි වතාවට දැක්කේ බුදු අම්මේ පත පොළඟෙක් ... ගේ ඇතුලට දුවගෙන ගිහින් සීයටයි නංගිටයි කිව්වා ... අපි බලන් හිටපු නිසා පොළඟා යන්න ගියා ... ඒ එක්කම පොළඟා යද්දි දෙබර වදයක් ඇවිස්සුනා ... දෙබරු රෑන් පිටින් ඇඟ වටේ කැරකුනා ... පැත්තකින් චර බර ගෑවා ... බලද්දි තල ගොයත් ඇවිල්ලා... කාමරේට ඇවිත් ජනෙල් දොරවල් වැහුවා ... ටික වෙලාවක් හිටියා ... දැන් නාගන්න යන්නත් ඕන එතන්ටමයි ... ගිණි බයේ විනාඩි 5ක් විතර සර්ච් පාරක් දාලා නාලා ඉවර වෙලා රෙදි හෝදන්න යද්දි මෙන්න පොළඟා ඇවිත් කලින් ෂොට් එකම ආයේ රඟ පාලා ගියා ... දෙයියනේ කියලා කලින් මේ කැලේ ඉන්නවා කිව්ව නයි පොළොන්ගු ඇහැට දැකලා නැති නිසා ලෝඩ් වගේ කැලෙන් කැම්පස් එකට පැන්නා විනාඩියට ... වටෙන් ගියොත් විනාඩි 20ක් විතර යන නිසා... අද ඉඳන් ඒ ගමනත් ඉවරයි ... නාලා ඉවර වෙලා මල් එහෙම පූජා කරලා එළියට බහින්න යද්දි කැඩුණු කණ්ණාඩියේ වීදුරු කට්ටක් යටි පතුලෙ ඇණුනා ... අද දවස නම් අනේ මන්දා ... 
<3නොදුටු නොහැඳිනු හිතවතුන් ...තනිව ළබැඳුණු රස වතුන් ...හාන්කවිසිය මගැන නොදැනම ...දුරින් පෙම් බැඳි පෙම්වතුන් ....පෙමට හැඳිනුම් ලියනවුන් ...
හැඟුම් කවිකොට ගයනවුන් ...
කවිය මගකදි එළිසමය බිඳ ...
අතීතය සිහිකරනවුන් ...
.
අලුත් මුහුණින් ඇදෙනවුන් ...
අලුත් ආරෙට රඟන වුන් ...
අලුත් අරුතින් සිහින පෙන්වා ...
පරණ පාරෙම ඇදෙනවුන් ...
.
කොමළ වත තොල් රත්වනුන් ...
බොළඳකම් පෑ රන්වනුන් ...
තැලී පෑරී ගියෙන් මෙහි නෑ ...
නුඹේ වන්නට සුරඟනුන් ...
.
From the Hell
>:(
෴ විලෝචනා ෴
<3 1998 අද වගේ දවසක ... මේ වගේ වෙලාවක ... එක පාරම අම්මි අඬාගෙන දුවගෙන ආවා , අක්කිලා දෙන්නා... අයියලා හරිම කලබලෙන්... මට තේරුණේ නෑ ඇයි කියලා ... නංගි ඉපදිලා හරියටම දවස් හයයි ... අප්පච්චිට මොකක් හරි අසනීපයක් ... මට තේරුණේ එච්චරයි....යන්තම් වගේ මතකෙට එන්නේ ලස්සන සුදු අයියලා දෙන්නෙක් ... එතකොට එයාලා දෙන්නටම 18 ක් 20 ඇති වයස ... මට මතකයි අපේ ගෙට පිටිපස්සේ බැම්මයි ඇලයි බඳින්න එයාලා අප්පච්චිට උදව් කලා ... අපි කවුරුත් එයාලට ආදරේ කලා ...
.
එදා ගෙදර අයට දැණුන හැඟීම අද මට දැණුනා නම් ... මට දරා ගන්න බැරිවෙයි ... පහුවෙනිදා පාන්දරම අම්මි නංගිත් එක්කන් ත්රීවීල් එකකින් අනුරාධපුරේ ගියා ...
දවස් දෙක තුනකින් කපිල අයියා ආවා නුවර...අයියලා දෙන්නවයි මාවයි එක්කන් අනුරාධපුර යන්න ... මට මතකයි ! කොටි අපිට වෙඩි තියයිද? අපිට බෝම්බයක් ගහයිද? මම කපිල අයියාගෙන් ඇහුවා ... මොකද කසු කුසුව අස්සෙ මට බෝම්බ කතාවක් ඇහුණ නිසා ...
.
එදා අප්පච්චි අලුත්ම වාහනේකින් අලුතින්ම වැඩ බාර ගන්න කියලා තමයි මං හිතන්නෙ මන්නාරමට ගියේ... යන අතර මග නිවාඩු ගිහින් ආව තවත් හමුදාවේ අයියලා ටිකක් බස් එකේ නගින්නේ නැතුව අප්පච්චිගේ ජීප් එකට නැගලා තිබුණා කෑම්ප් එකට යන්න.අප්පච්චිත් බඩියෝ දෙන්නත් ඩ්‍රයිවරුත් එක්ක ඔක්කෝම 11ක් විතර ඉඳලා තියෙනවා ... ඩ්‍රයිවර්ගෙ වයිෆ්ට බබා හම්බවුණා කියලා කෝල් එකක් ඇවිත් ...
.
මේ සිදුවීම් සියල්ල ගැන හාංකවිසියක් වත් නොදත් තර්‍ස්ත පිරිස ඔවුන්ගේ ඉලක්කය වූ හමුදා බස් රථයේ ප්‍රමාදයෙන් පසු නොබැස අලුත වැඩ බාරගත් නිලධාරියාට එම සැලසුම ක්‍රියාත්මක කරන්නට විය ... එදා සෙට්ටිකුලමෙදි ක්ලේමෝ බෝම්බයකට ගොදුරු වුණු 11 දෙනාගෙන් අප්පච්චිත් තව එක් අයෙකුත් හැර අන් කිසිවෙක්ගේ සිරුරක් කියා දෙයක් වත් ඉතිරි නොවිණ ... රියදුරුට ඔහුගේ සිඟිත්තාගේ රුවක් වත් දකින්නට නොලැබෙන්නට ඇත.රංජීත් අය්යත් ප්‍රේමදාස අයියත් "බුදු සර් අපිව බේර ගන්න " යැයි නගූ විලාපය අදටත් අප්පච්චිගේ මනස තුළ දෝංකාර දෙනු ඇත... අදටත් ඔහු කඳුලු සලන්නේ ඒ නිසාය... අප්පච්චිගේ පිටේ පවුඩර් ගාන හැම මොහොතකම තවමත් ඒ තුවාල මගේ අතට දැනී ඒ මතකයන් අලුත් කරනු ඇත ... තවමත් සිරුර තුළ යකඩ සිරවී ඇත්තේ ඉවත් කිරීම අනතුරුදායක නිසාවෙනි.
.
අපි ඇඬුවා ... එක පාරක් නෙවෙයි කීප වතාවක්ම ඔහු බෝම්බ වලට හසුවුණා... ගෙදර ආපු අය දුසිම් ගණනින් ලෝකෙන් යන්න ගියා ... ඒත් හැමදාටම ඒ හිනාව අපේ හිත් වල ඉතිරි කරලා...
.
රත්තරන් රණවිරු ඔබ සැමට නිවන් සුව ලැබේවා !
<3මට දුකයි උඹෙ අර්ථයක් නැති ජීවිතේ ගැන...මට දුකයි උඹ අතීතය කියන වගුරෙම එරෙන එක ගැන...උඹෙ සිගරට් කැස්ස උඹට වඩා මට වේදනාවක් ...උඹ එකින් එක ඉවර කරන බෝතල් වල වීදුරු කෑලි මගෙ පපුවෙ හිර වෙනවා ...උඹත් O+ නිසා ... මට මගේ ඕන දෙයක් උඹට දෙන්න පුළුවන් ...ඒත් උඹට B+ කිව්වම උඹ නොතේරුම් කමට දොඩවන්නෙ මල විකාර ...
උඹ හිතන්නෙ ඔය හන්තාන කන්දෙන් එහාට ජීවිතේ සරළයි කියලා ...
උඹ හිතන්නේ අම්මා වගේ ගෑණුන්ගෙන්,
තාත්තලා වගේ පිරිමින්ගෙන්,
මේ ලෝකෙ පිරිලා කියලා ...
උඹ හිතන්නෙ උඹ තමයි මේ ලෝකෙ අවාසනාවන්තයා කියලා ...
ඒත් උඹෙ සුදු මූණ ටික ටික මැලවෙනකොට ...
උඹෙ පිරිච්ච කම්මුල් වැහැරිලා හකු බහින කොට ...
උඹෙ ලස්සන රතුපාට තොල් ටික ටික කලු වෙනකොට ...
උඹෙ දිග ඇස් පිහාටු අස්සෙන් ...
ලේ කැලැත්තුනු ඇස් දකිනකොට ...
අද මට මේ දැනෙන හැඟීම ...
උඹට දැනෙන්නෙ කවදද ?
අන්න එදාට ...
උඹට අද හැදුණොත් ඉතිරි වෙන අවුරුදු 10ක පුලුටක් වත් නැතිවෙයි ...
උඹට අද හැදුණොත් ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් සැතපුම් සහසින් ...
යාර 10ක් ඇවිද්දත් හති වැටෙයි ...
සමහර විට ...
උඹ ළඟ මමත් නැතිවෙයි ...
නමුත් ...
එදාට ...
උඹෙ ඇඟ ඇතුලෙන් ...
උඹට මගේ ලේ සුවඳ දැනෙයි ...
.
෴. විලෝචනා .෴